ඔහු මේ බව ප්‍රකාශ කළේ "මෝනින්ග්ස් විත් මරියා" (Moings with Maria) වැඩසටහන සඳහා ෆොක්ස් බිස්නස් (FOX Business) සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.
"මම හිතන්නේ එය බොහෝ දුරට අවසන් වීමට ආසන්නයි. මම දකින විදිහට යුද්ධය අවසාන අදියරටයි පැමිණ තිබෙන්නේ," යයි ඔහු එහිදී පැවසිය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, පසුගිය සති අන්තයේ පාකිස්තානයේ පැවැති සාකච්ඡා ඇනහිටීමෙන් පසුව, එක්සත් ජනපද නිලධාරීන් සහ ඉරාන සාකච්ඡාකරුවන් අතර සාම සාකච්ඡා යළි ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කරන පසුබිමකයි.

පසුගිය සතියේදී ඉරානයට බෝම්බ හෙළීම නැවැත්වීමට එක්සත් ජනපදය එකඟ වීමෙන් පසුව, ගැටුමේ නව තීව්‍රතාවයක් සනිටුහන් කරමින් ට්‍රම්ප් සඳුදා සියලුම ඉරාන වරායන් වෙත නාවික අවහිරතාවයක් පැනවිය.
යුද්ධය අවසානයට ආසන්න බව ට්‍රම්ප් පැවසුවද, එක්සත් ජනපදයේ මෙහෙයුම් තවමත් අවසන් වී නොමැති බවද ඔහු සඳහන් කර තිබේ.




