BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඉරාන වරායකින් මතු වූ නැව් දෙකක් හරවා යැවේ

T

The Leader Desk

April 15, 2026 • 11:06 AM

ඉරාන වරායකින් මතු වූ නැව් දෙකක් හරවා යැවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන වරායකින් පිටත් වීමට යත්න දැරූ ඉන්දන නෞකා දෙකක් ඊයේ (14) යලි හරවා යැවීමට එක්සත් ජනපද හමුදා ක්‍රියා කළහ.
  • මෙම නව සම්බාධක මගින් ගෝලීය ඉන්දන ප්‍රවාහනයේ 20%ක් සිදු කෙරෙ හෝර්මුස් සමුද්‍ර  සන්ධිය නැවත විවෘත කිරීමට සහ එක්සත් ජනපද යෝජනාවලියට අනුගතව සටන් විරාම සාකච්ඡා සඳහා යලි පිවිසීමට ඉරානයට බල කෙරේ.
  • කලාපයේ යාත්‍රා කරන නෞකා සියල්ල එක්සත් ජනපද හමුදා නියෝගයන්ට අනුගත බව එම හමුදා දන්වා සිටිති.
  • එම සම්බාධක ක්‍රියාත්මක කිරීම පිණිස 10,000කට අධික හමුදා භට පිරිසක් යොදවා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


නවතම සම්බාධක හමුවේ, කිසිදු නෞකාවකට ඉරාන වරාය වෙත පිවිසීම හෝ ඉන් පිටවීම එක්සත් ජනපදය විසින් තහනම් කර තිබේ.

ඕමාන ගල්ෆ් තුඩුවේ පිහිටි ඉරානයට අයත් චබහාර් වරායෙන් පිටත් වූ එම නෞකා වෙත එක්සත් ජනපද යුද නැවක සිට ගුවන් විදුලි සංනිවේදන ඔස්සේ ගමනාන්තය අවලංගු කර වහා යලි හරවා යෑමට නියෝග නිකුත් කෙරිණි.

iran war hormuz blockade trump 150426 1776226947

මෙම නව සම්බාධක මගින් ගෝලීය ඉන්දන ප්‍රවාහනයේ 20%ක් සිදු කෙරෙ හෝර්මුස් සමුද්‍ර  සන්ධිය නැවත විවෘත කිරීමට සහ එක්සත් ජනපද යෝජනාවලියට අනුගතව සටන් විරාම සාකච්ඡා සඳහා යලි පිවිසීමට ඉරානයට බල කෙරේ.

දැනට ක්‍රියාත්මක  දෙසතියක එක්සත් ජනපද - ඉරාන සටන් විරාමය එන සතියේ කල් ඉකුත් වීමට නියමිතය.

කලාපයේ යාත්‍රා කරන නෞකා සියල්ල එක්සත් ජනපද හමුදා නියෝගයන්ට අනුගත බව එම හමුදා දන්වා සිටිති. එම සම්බාධක ක්‍රියාත්මක කිරීම පිණිස 10,000කට අධික හමුදා භට පිරිසක් යොදවා තිබේ. හෝර්මුස් සමුද්‍ර  සන්ධිය පසු කරන ඉරානයට අයත් නොවන සියලු නෞකා සඳහා අවශ්‍ය  ආරක්ෂක සහාය සලසන බව එක්සත් ජනපද හමුදා කියති.

ඉරාන වරාය වෙත යන එන නෞකා අවහිර කිරීම යුද ප්‍රකාශ කිරීමකැයි ජාත්‍යන්තර  විශ්ලේෂක මතයයි. එය සටන් විරාමයෙන් ක්ෂණිකව ඉවත්ව, එක්සත් ජනපද සහ  සන්ධාන මර්මස්ථාන වෙත ප්‍රති ප්‍රහාර  එල්ල කිරීමේ තැනට  ටෙහෙරානය ප්‍රකෝප  කිරීමකි.

 

iranian woman in rubble scaled e1773946532603 1000x600
ඉරානයේ දහසකට අධික ඉලක්ක වෙත එල්ල වූ එක්සත් ජනපද ගුවන් ප්‍රහාර හමුවේ, එරට බහුතර හමුදා ශක්තිය පිරිහී පවතී.

නව සම්බාධක තව දුරටත් ක්‍රියාත්මක වුවහොත් ඉරානය ප්‍රති ප්‍රහාර පිණිස පසුබට නොවනු ඇත.

 (සටහන, Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
2026.04.15

මුලාශ්‍රය :

US destroyer interdicts two oil tankers attempting to leave Iran, official says

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...