BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඊශ්‍රායල - ලෙබනන සටන් විරාමය ඇරඹේ

T

The Leader Desk

April 17, 2026 • 6:26 AM

ඊශ්‍රායල - ලෙබනන සටන් විරාමය ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ඊයේ (16), දින 10 ක සටන් විරාමයක් ආරම්භ කෙරිණි.
  • ඉරාන යුද්ධය නුදුරේදීම අවසන් වනු ඇතැයි ඔහු කීය.
  • න්‍යෂ්ටික අවි සන්තක කර ගැනීමේ වැඩපිළිවෙළක් නැතැයි ඉරානය විසි වසරක් තිස්සේ පවසන බව ජනපති ට්‍රම්ප් පැවසීය.
  •   ඊශ්‍රායල සහ එක්සත් ජනපද ප්‍රහාර  හමුවේ පසුගිය පෙබරවාරි 28 දා ඉරාන යුද්ධය ඇරඹිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම සති අන්තයේ, එක්සත් ජනපද - ඉරාන සටන් විරාමයේ මීලඟ වටයේ සාකච්ඡා ආරම්භ වීමට නියමිත බව ද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය. ඉරාන යුද්ධය නුදුරේදීම අවසන් වනු ඇතැයි ඔහු කීය.

න්‍යෂ්ටික අවි සන්තක කර ගැනීමේ වැඩපිළිවෙළක් නැතැයි ඉරානය විසි වසරක් තිස්සේ පවසන බව ජනපති ට්‍රම්ප් පැවසීය. "අපි බලමු මොකද වෙන්නෙ කියල. මේක ඉක්මනට ඉවර වේවි", හෙතෙම කියා සිටියේය.

 

ඊශ්‍රායල සහ එක්සත් ජනපද ප්‍රහාර  හමුවේ පසුගිය පෙබරවාරි 28 දා ඉරාන යුද්ධය ඇරඹිණි. මේ වන විට ඉන් පුද්ගල ජීවිත දස දහස් සංඛ්‍යාවක් අහිමිව පවතී. ලෝක වෙළඳපොල තෙල් මිල දැරිය නොහැකි අයුරින් ඉහළ ගියේය. යුද්ධය හේතුවෙන් බහුතර රටවල උද්ධමනය ද සීග්‍රයෙන් වර්ධනය විය.

ලෙබනන සටන් විරාමය මගින්  ඉරානය සමග සාම ගනුදෙනුවකට මග විවිර කෙරේ නම්, එය ට්‍රම්ප් පරිපාලනය ලද ජයග්‍රහණයකි. හෝර්මුස් සමුද්‍ර  සන්ධිය ඔස්සේ නෞකා ගමනාගමනය යථාවත් වන අතර, ඉරාන න්‍යෂ්ටික  වැඩපිළිවෙළට තිත තැබීමටද අවස්ථා උදාවනු ඇත.

 

thumb
ඊයේ රාත්‍රී  12 පසුවනවාත් සමග ලෙබනනයේ බීරුත් නගරය පුරා සැමරුම් වෙඩි හඬ රැව් දුන්නේය. සටන් විරාම උදාව සමරනුවස් ලෙබනන අහසට මුදාහල රොකට් හඬින් අවට ප්‍රදේශය ගිගුම් දුන්නේය. එම වෙඩි හඬ, පුරා අඩ හෝරාවක් පැවති බව රොයිටර්ස් පුවත් සේවය කීය.

කෙසේ වෙතත් එය වහා බිඳෙනසුළු සටන් විරාමයකි. ඊශ්‍රායලය අදත් (17),  දකුණු ලෙබනනයේ ගම්මාන කිහිපයක් ඉලක්ක කර ෂෙල් ප්‍රහාර එල්ල කළේය. එහි සිය  හමුදා යොදවා ඇතැයි ඊශ්‍රායලය කීය. හිස්බුල්ලා සන්නද්ධ ක්‍රියාකාරකම් මැඬලීම පිණිස එම පියවර ගත් බව ඊශ්‍රායල  හමුදා පැවසූහ.

සටන් විරාමයට වහා අනුගත වන ලෙස දන්වා ජනපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය  ඔස්සේ හිස්බුල්ලා සංවිධානය වෙත පණිවුඩයක් ද නිකුත් කළේය.

(සටහන, Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

2026.04.17

 

Israel and Lebanon begin ceasefire, Trump says Iran may meet US over weekend

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...