BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

හෙට පාකිස්තානයේදී සාම සාකච්ඡා ඇරඹීමට පෙර ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

T

The Leader Desk

April 19, 2026 • 3:36 PM

හෙට පාකිස්තානයේදී සාම සාකච්ඡා ඇරඹීමට පෙර ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා අමෙරිකානු නියෝජිතයින් හෙට (20) පාකිස්තානයේ ඉස්ලාමාබාද් වෙත පැමිණෙන බව
  • කෙසේ නමුත් ඔහු සිය නියෝජිතයන්ගේ සහභාගිත්වය තහවුරු කරමින් ඔහු පවසා සිටියේ, හෝමූස් වසා දමා ඉරානය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඇති බවය.
  • ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් මේ බව අනාවරණය කර ඇති අතර, එහිදී ඔහු ඉරානය වෙත දැඩි අනතුරු ඇඟවීම් කිහිපයක් ද සිදුකර ඇත.
  • මෙම සාකච්ඡා හරහා නිසි එකඟතාවකට පැමිණීමට ඉරානය අපොහොසත් වුවහොත්, එරට පාලම් සහ විදුලි බලාගාර ඉලක්ක කර අමෙරිකාව ප්‍රහාර එල්ල කරන බවට ඔහු යළිත් අනතුරු අඟවා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (19) තහවුරු කළේය.

කෙසේ නමුත් ඔහු සිය නියෝජිතයන්ගේ සහභාගිත්වය තහවුරු කරමින් ඔහු පවසා සිටියේ, හෝමූස් වසා දමා ඉරානය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඇති බවය.

ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් මේ බව අනාවරණය කර ඇති අතර, එහිදී ඔහු ඉරානය වෙත දැඩි අනතුරු ඇඟවීම් කිහිපයක් ද සිදුකර ඇත.

මෙම සාකච්ඡා හරහා නිසි එකඟතාවකට පැමිණීමට ඉරානය අපොහොසත් වුවහොත්, එරට පාලම් සහ විදුලි බලාගාර ඉලක්ක කර අමෙරිකාව ප්‍රහාර එල්ල කරන බවට ඔහු යළිත් අනතුරු අඟවා තිබේ.

හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය අවහිර කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් දෙරට අතර පවතින අර්බුදය සමනය කර ගැනීම මෙම සාකච්ඡාවල මූලික අරමුණ බව ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත්, ට්‍රම්ප් පවසන්නේ ඉරානය "ලෝකයටම තර්ජනයක්" වෙමින් කටයුතු කරන්නේ නම් අමෙරිකාව උපරිම බලය භාවිතා කිරීමට පසුබට නොවන බවයි.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිටි ට්‍රම්ප් ජනාධිපතිවරයා,

sdferw3


''නාවික ගමනාන්ත වෙනස් වෙමින් පවතිනවා''
 
"හෝමූස් සමුද්‍ර සන්ධියේදී වෙඩිතැබීම් සිදුකිරීමට ඉරානය තීරණය කළා. එය සටන්විරාම ගිවිසුම සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක්. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ප්‍රංශ නෞකාවක් සහ එක්සත් රාජධානියේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉලක්ක කර ගත්තා.

ඒක සුදුසු නෑ. කෙසේ නමුත් මගේ නියෝජිතයන් පාකිස්තානයේ ඉස්ලාමාබාද් වෙත යනවා. ඔවුන් හෙට සවස සාකච්ඡා සඳහා එක්වනු ඇත.

හෝමූස් වසා දමා ඉරානය නොදැනුවත්ව අපට උදව් කරනවා. අමෙරිකාවට කිසිවක් අහිමි වන්නේ නෑ. දිනකට ඩොලර් මිලියන 500ක් අහිමි වන්නේ ඔවුන්ට.

නාවික ගමනාන්ත වෙනස් වෙමින් පවතිනවා. බොහෝ නැව් දැන් අමෙරිකාව, ටෙක්සාස්, ලුසියානා සහ ඇලස්කාව වෙත යමින් සිටින්නේ.

ඉරානය ඉක්මනින් කඩා වැටෙනු ඇත. ඔවුන් ගනුදෙනුව නොගන්නේ නම්, පසුගිය වසර 47 තුළ අනෙකුත් ජනාධිපතිවරු ඉරානයට කළ යුතුව තිබූ දේ මට කිරීමට සිදුවනු ඇත. එහි ගෞරවය මට ලැබෙනු ඇත" යනුවෙන් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි දක්වා තිබුණි.


මුලාශ්‍රය :
 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...