BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඉරාන සටන් විරාමය හෙටින් අවසන්

T

The Leader Desk

April 20, 2026 • 4:39 AM

ඉරාන සටන් විරාමය හෙටින් අවසන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද හමුදා ඊයේ (19) ඉරානයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අත්අඩංගුවට ගත්හ.
  • ඊට අනිවාර්ය ප්‍රතිප්‍රහාර දක්වන බව ඉරානය පැවසීය.
  • වත්මන් සටන් විරාමය හෙට (21) දිනයෙන් අවසන් ය.
  • දෙවන වටයේ එම සාකච්ඡා වලට සහභාගී නොවන බව ඉරානය කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එම නෞකාව යුද බිම එක්සත් ජනපද සම්බාධක අතික්‍රමණය කිරීම හේතුවෙන් එසේ කළ බව එම හමුදා දැන්වූහ. ඊට අනිවාර්ය ප්‍රතිප්‍රහාර දක්වන බව ඉරානය පැවසීය. එක්සත් ජනපදය සහ ඉරානය අතර වත්මන් සටන් විරාමය එහි අවසන් දෙදිනවත් බාධාවෙන් තොරව පවතී දැයි තවදුරටත් අවිනිශ්චිත ය.

නව ප්‍රවණතා හමුවේ කලාපීය සාමය උදෙසා ගත් ජාත්‍යන්තර මැදිහත්වීම් තව දුරටත් වියැකී යමින් පවතී. තත්ත්වය ඉතා අවදානම් ය. වත්මන් සටන් විරාමය හෙට (21) දිනයෙන් අවසන් ය. දෙවන වටයේ එම සාකච්ඡා වලට සහභාගී නොවන බව ඉරානය කියයි.

ඉරාන වරාය වෙත හා ඉන් පිටවන සියලු නෞකා වෙත එක්සත් ජනපද සම්බාධක පනවා තිබේ. ඒ සමග ඉහළ ගිය ගෝලීය ඉන්දන මිල තවමත් සාධාරණව නොවෙනස්ය.

bh5656756
සටන් විරාමයේ විවෘත කරන ලද හොර්මුස් සමුද්‍ර සන්ධිය එක්සත් ජනපද සම්බාධක හමුවේ යළි වසා දැමීමට ඉරානය පියවර ගත්තේය.

ඉරාන ධජය යටතේ ඊයේ බන්ඩර් අබ්බාස් වරාය වෙත පිවිසීමට උත්සාහ කළ භාණ්ඩ නෞකාවකට එක්සත් ජනපද හමුදා ප්‍රහාර එල්ල කළේ එම අතරවාරයේය. එම නෞකාව පූර්ණ වශයෙන් එක්සත් ජනපද අත්අඩංගුවේ පවතින බවත්, එහි ඇති භාණ්ඩ කවරේදැයි පිරික්සමින් පවතින බවත්, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මධ්‍යයේ සටහනක් තබමින් කියා සිටියේය.

නෞකාව චීනයේ සිට එහි ලඟා වූවකි. එක්සත් ජනපදය කළ අමනොඥය ක්‍රියාවට ඉස්ලාමීය සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදා ඉක්මන් ප්‍රතිප්‍රහාර දක්වනු ඇතැයි ටෙහෙරානය කීය. එය, එක්සත් ජනපද හමුදා විසින් සිදු කළ සන්නද්ධ මං පැහැරීමකැයි ඉරානය චෝදනා කළේය.

 

mfile 1851692 1 20260420070235
එක්සත් ජනපදය විසින් පනවා ඇති නව සම්බාධක, දැරිය නොහැකි ඉල්ලීම්, තර්ජන සහ නිත්‍ය විචල්‍යශීලී භාවය හේතුවෙන් තවදුරටත් සටන් විරාම සාකච්ඡාවේ නොයෙදෙන බව ඉරානය පවසයි. අන්‍යයන්ට ආරක්ෂාව සලසමින් එම එකම මොහොතේ ඉරාන ඉන්දන අපනයනයට සම්බාධක පැනවීම යුක්ති යුක්ත නොවන බව ඉරානයේ මතයයි. "එක්කෝ සැමට තෙල් වෙළඳපොළ නිදහස් කළ යුතුයි, නැතහොත්, සැවොම එහි අන්තරයාය දැරිය යුතුයි," ඉරාන පළමු උප ජනාධිපති, මොහම්මද්‍රෙසා අරෙෆ් කියයි.

එක්සත් ජනපද අභිලාෂයන්ට ඉරානය එකඟ නොවන්නේ නම්, එහි සියලු පාලම් සහ බලාගාර සහමුලින් වනසන බවට එක්සත් ජනපදය විසින් පෙර සිටම තර්ජනය කර  ඇත.  එසේ කළහොත්, ගල්ෆ් අරාබිකරයේ ඇති සියලු බලාගාර සහ ජල පිරිපහදු වෙත පෙරලා පහර දෙන බවට ටෙහෙරානය විසින් ද අනතුරු අඟවා තිබේ.

දෙවන වටයේ සටන් විරාම සාකච්ඡා පිණිස එක්සත් ජනපද විශේෂ දූත මණ්ඩල සාමාජිකයින් අද සන්ධ්‍යාවේ ඉස්ලාමාබාද් නුවරට ලඟා වීමට නියමිතය. එක්සත් ජනපද - ඉරාන සටන් විරාමය හෙටින් අවසන් ය.  

(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

US seizes Iranian cargo ship, Tehran vows to retaliate

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...