BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

මානවරූපී රොබෝ මැරතන් තරගය

T

The Leader Desk

April 20, 2026 • 10:54 AM

මානවරූපී රොබෝ මැරතන් තරගය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2026 මානවරූපී රොබෝ අර්ධ මැරතන් තරගය පසුගියදා බෙයිජිංහිදී පැවැත්වුණා. ඒ යිජුඅන්ග් දිස්ත්‍රික්කයේදී.
  • විශේෂත්වය මිනිස් වේගය අභිබවා යමින් ජයග්‍රහණය කිරීමට මානවරූපී රොබෝවරුන් සමත් වීමයි.
  •   පසුගිය වසරට වඩා පස් ගුණයක කණ්ඩායම් එනම් මානවරූපී රොබෝවරුන් 300කට අධික පිරිසක් මේ සඳහා එක්ව සිටියා.
  •  කිලෝමීටර් 21 ක දුරක් පැවති මෙම තරගයේදී රොබෝවරුන්ගේ දරාගැනීමේ හැකියාව සහ ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව පරීක්ෂා කෙරුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


චීනයේ රොබෝ තාක්ෂණික ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක් සනිටුහන් කරමිනුයි මෙම තරගය පැවැත්වුනේ. විශේෂත්වය මිනිස් වේගය අභිබවා යමින් ජයග්‍රහණය කිරීමට මානවරූපී රොබෝවරුන් සමත් වීමයි.

 
පසුගිය වසරට වඩා පස් ගුණයක කණ්ඩායම් එනම් මානවරූපී රොබෝවරුන් 300කට අධික පිරිසක් මේ සඳහා එක්ව සිටියා.  කිලෝමීටර් 21 ක දුරක් පැවති මෙම තරගයේදී රොබෝවරුන්ගේ දරාගැනීමේ හැකියාව සහ ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව පරීක්ෂා කෙරුණා.

china robo
පසුගිය වසරේ සහභාගී වූ සියලුම රොබෝවරු දුරස්ථ පාලක මගින් මෙහෙයවනු ලැබුව ද, මෙවර සහභාගී වන රොබෝවරුන්ගෙන් 40% ක්ම කිසිදු දුරස්ථ පාලක මැදිහත්වීමකින් තොරව ස්වයංක්‍රීයව තරග වැදුණා.  
තරගය ජය ගත් honor සමාගමේ කිලෝමීටර් 21 ක දුර මිනිත්තු 50යි තත්තපර 26කින් අවසන් කළා. එය මේ මිනිස් ලෝක වාර්තාවට වඩා බෙහෙවින් වේගවත් වීම විශේෂත්වයක්. බාධක මග හරිමින් මේ රෝබෝ තරගකරුවන් මිනිස් තරගකරුවන්ගේ මාර්ගයේම තරග කිරීමත් කැපී පෙනුනා

චීනය ලෝකයේ මානවරූපී රොබෝ ස්ථාපනයන්ගෙන් 80% කට වඩා හිමිකම් කියනවා. මෙම තරගය ද චීනයේ නිෂ්පාදනවල පවතින කාර්මික දියුණුව ලොවට විදහා පෑ අවස්ථාවක් ලෙසයි සැකලෙන්නේ.
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මානවරූපී රොබෝ මැරතන් තරගය | The Leader