BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

එක්සත් ජනපද - ඉරාන සාකච්ඡා තව දුරටත් ප්‍රමාදයි

T

The Leader Desk

April 21, 2026 • 11:57 AM

එක්සත් ජනපද - ඉරාන සාකච්ඡා තව දුරටත් ප්‍රමාදයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපදය සමග පාකිස්ථානයේදී පැවැත්වීමට නියමිත මීළඟ වටයේ සාම සාකච්ඡා සඳහා සහභාගිවීම පිලිබඳ සලකා බලමින් පසුවන බව ඉරානය විසින් දන්වා තිබේ.
  • එක්සත් ජනපදය සහ ඉරානය අතර දෙසතියක සටන් විරාමය අදින් (21)  අවසන් වේ.
  • එක්සත් ජනපදය දිගින් දිගටම සටන් විරාමය උල්ලංඝනය කිරීම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියේ  සාර්ථකත්වයට බාධාවක් බව ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි පැවසීය.
  • එක්සත් ජනපද  තර්ජන හමුවේ සාකච්ඡා ප්‍රතික්ෂේප කරන බව ඉරාන පාර්ශ්වයේ ප්‍රධාන නියෝජිත මොහම්මඩ් බාඛෙර් ඛලිබෆ් ඊයේ (20) එක්ස් (X) පණිවුඩයක් මගින් දන්වා  සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉරාන වරාය වෙත පනවා ඇති  එක්සත් ජනපද තහනම ඉවත්  කිරීම පිණිස ඉස්ලාමාබාද් රජය විසින් ගන්නා ලද රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්න හමුවේ, ඉරානය විසින් එම පියවර ගෙන ඇත. එක්සත් ජනපදය සහ ඉරානය අතර දෙසතියක සටන් විරාමය අදින් (21)  අවසන් වේ.

කෙසේ වෙතත්, ඉරානය විසින් සාකච්ඡා පිලිබඳ මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නැත. එක්සත් ජනපදය දිගින් දිගටම සටන් විරාමය උල්ලංඝනය කිරීම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියේ  සාර්ථකත්වයට බාධාවක් බව ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි පැවසීය. එක්සත් ජනපද  තර්ජන හමුවේ සාකච්ඡා ප්‍රතික්ෂේප කරන බව ඉරාන පාර්ශ්වයේ ප්‍රධාන නියෝජිත මොහම්මඩ් බාඛෙර් ඛලිබෆ් ඊයේ (20) එක්ස් (X) පණිවුඩයක් මගින් දන්වා  සිටියේය.


ඉරාන නෞකාව පැහැර ගැනීම

g5656756
එක්සත් ජනපද තහනම නොතකා යාත්‍රා කරමින් පැවති  ඉරාන නෞකාවක් එම  හමුදා විසින් අත්අඩංගුවට ගැනිණි.  ඊට  එරෙහිව ප්‍රති ප්‍රහාර දක්වන බව ඉරානය පැවසීය.

ඉරාන ධජය යටතේ යාත්‍රා කරමින්  පැවති ටූස්කා නම් එම බහලු නෞකාව එක්සත් ජනපද හමුදා විසින් අත්අඩංගුවට ගැනුණේ ඉකුත් ඉරිදා (19) ය. එය ඉරාන  නාවුක හමුදා සහ කාර්මික ක්ෂේත්‍රය පිණිස භාවිතා කෙරෙන ද්විත්ව අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් පැවති බවට එක්සත් ජනපදය චෝදනා කළේය.

කුඩා බහලු නෞකාවක්  වන එය, ඉරාන ඉස්ලාමීය  සමූහාණ්ඩු  නෞකා සේවයට (IRISL) අයත්  යාත්‍රාවකි. ඕමාන ගල්ෆ් තුඩුවේ,  ඉරානයට අයත් චබහාර් වරායට ඔබ්බෙන්  එය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එක්සත් ජනපද හමුදා ඊට ඇතුළු වූහ. නෞකා සැරිය නවතන ලෙස පැය හයකට අධික කාලයක් තිස්සේ,  ඒ වෙත නිකුත් කෙරුණු අණ නොතකා යාත්‍රා කිරීම හේතුවෙන් එය අත්අඩංගුවට ගත් බව එක්සත් ජනපද මධ්‍යම විධානය නිවේදනය කළේය. එය එක්සත් ජනපද තහනම උල්ලංඝනය කළ බව මධ්‍යම විධානය චෝදනා කළේය.  

එම නෞකාව මීට පෙර ද ඉරානය වෙත ද්විත්ව පරිභෝජන මෙවලම් සහ උපකරණ ප්‍රවාහනය කර ඇතැයි එක්සත් ජනපදය පැවසීය. එහෙත්, එම භාණ්ඩ කවරේදැයි නිශ්චිතව අනාවරණය කර නැත. හමුදා සහ කාර්මික නිෂ්පාදන පිණිස අවැසි ලෝහ අමුද්‍රව්‍ය, බට සහ ඉලෙක්ට්‍රොනික උපකරණ එහි වූ බව එක්සත් ජනපද  මධ්‍යම විධානය කීය.

 

g56u56u56u
ඉරාන වෙළඳ නෞකාවක් වෙත එල්ල කළ ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන්නකැයි ඉරාන විදේශ අමාත්‍යංශය අද නිවේදනය කළේය. නෞකාව සහ  එහි සිටින නාවිකයින් ඇතුළු එම පවුල් සාමාජිකයින් වහා නිදහස් කරන ලෙස ඉරානය  දන්වා සිටී.

චීනයේ සිට ඉරානය බලා යාත්‍රා කරමින් තිබූ නෞකාව එක්සත් ජනපද හමුදා විසින් අත්පත් කර ගැනීම මුහුදු මංකොල්ලයක් බව ඉරානය චොදනා කළේය.

ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩු නෞකා සේවයට මුලින්ම එක්සත් ජනපද සම්බාධක පැනවූයේ 2019 වසරේදී ය. එරට බැලස්ටික් මිසයිල වැඩසටහන උදෙසා භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන බවට එල්ල වූ චෝදනා ඊට මුල් විය. සාමාන්‍යයෙන් එම නෞකා සේවයට අයත් සියලු යාත්‍රා ඉරාන විප්ලවීය බලකා පාලනය යටතේ ක්‍රියාත්මකය. එම නෞකා හි ඉරාන නැවියන් සේම, ඇතැම් විට පාකිස්ථාන නාවිකයෝ ද වෙත්.

gb6u5n

 

ඉරානයට අයත් නවතම ප්‍රශ්න ගත බහලු ප්‍රවාහන නෞකාව මාර්තු 25 දා චීනයේ ටයිත්සඞ් වරායේ වූ බවත් අනතුරුව එම මස 29 -30 අතර දකුණු ගෝලාන් වරාය වෙත ලඟා වී ඇති බවත් වාර්තා විය. ඉරිදා එය ඕමාන ගල්ෆ් තුඩුවේදී එක්සත් ජනපද හමුදා භාරයට ගන්නා විට නෞකාව බහලුම් රැගෙන  ඉරානය බලා යාත්‍රා කරමින් තිබිණි.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Fate of Iran peace talks uncertain as deadline approaches for end of ceasefire

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...