BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ට්‍රම්ප්, ඉරානය සමග සටන් විරාමය දින නියමයක් නොමැතිව දීර්ඝ කරයි

T

The Leader Desk

April 22, 2026 • 3:33 AM

ට්‍රම්ප්, ඉරානය සමග සටන් විරාමය දින නියමයක් නොමැතිව දීර්ඝ කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය සමඟ ඇති සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
  • දහස් ගණනකගේ ජීවිත බිලිගනිමින් සහ ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරමින් මාසයකට අධික කාලයක් පුරා පැවති මෙම යුද්ධය අවසන් කිරීම සඳහා දෙරට අතර සාම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහි අරමුණ බව වාර්තා වෙයි.
  • සටහන් විරාමය අවසන් වූ පසු ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර තිබුණද, පසුව එම ස්ථාවරයෙන් බැහැර වූ ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, සාම සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කරන පාකිස්තානය කළ ඉල්ලීමකට තමන් එකඟ වූ බවය.
  • ඒ අනුව, "ඉරාන නායකයින් සහ නියෝජිතයින් එක්සත් යෝජනාවක් ඉදිරිපත් කරන තෙක් ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර නතර කිරීමට" තීරණය කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙය ප්‍රකාශයට පත් කෙරුණේ කලින් ප්‍රකාශයට පත් කර තිබූ සටන් විරාමය අවසන් වීමට පැය කිහිපයකට පෙරයි.

දහස් ගණනකගේ ජීවිත බිලිගනිමින් සහ ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරමින් මාසයකට අධික කාලයක් පුරා පැවති මෙම යුද්ධය අවසන් කිරීම සඳහා දෙරට අතර සාම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහි අරමුණ බව වාර්තා වෙයි.

isma
සටහන් විරාමය අවසන් වූ පසු ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර තිබුණද, පසුව එම ස්ථාවරයෙන් බැහැර වූ ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, සාම සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කරන පාකිස්තානය කළ ඉල්ලීමකට තමන් එකඟ වූ බවය.

ඒ අනුව, "ඉරාන නායකයින් සහ නියෝජිතයින් එක්සත් යෝජනාවක් ඉදිරිපත් කරන තෙක් ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර නතර කිරීමට" තීරණය කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, ඉරාන වරායන් අවහිර කිරීම දිගටම කරගෙන යන බව ජනපතිවරයා සඳහන් කර ඇත.

 

87706d7988e0aa7dac76e59c9ee5104bf770e617462baf011d856eda0565c99a

"බලාපොරොත්තු වූ පරිදිම ඉරාන රජය බරපතල ලෙස බිඳ වැටී ඇති බව පෙනෙන්නට තිබීමත්, පාකිස්ථානයේ ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් සහ අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ ඉල්ලීම මතත්, ඉරානයේ නායකයින්ට සහ නියෝජිතයින්ට ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකි වන තෙක් එම රටට එල්ල කරන ප්‍රහාරය නතර කරන ලෙස අපෙන් ඉල්ලා ඇත.

එබැවින්, අවහිර කිරීම දිගටම කරගෙන යන ලෙසත්, අනෙකුත් සෑම අංශයකින්ම සූදානමින් සිටින ලෙසත් මම අපගේ හමුදාවට උපදෙස් දී ඇත්තෙමි. ඒ අනුව, ඔවුන්ගේ යෝජනාව ඉදිරිපත් කර සාකච්ඡා අවසන් වන තෙක් මම සටන් විරාමය දීර්ඝ කරමි." යනුවෙන් ජනපතිවරයා සඳහන් කර ඇත.

මුලාශ්‍රය :

US will indefinitely extend ceasefire, unclear if Iran agrees

Trump says he will extend Iran ceasefire until negotiations conclude

Trump extends ceasefire indefinitely as Iran says it won’t join talks now 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...