BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

සාම කතාබහ පිලිබඳ ඉරානය තවමත් අවසන් තීරණයක් ගෙන නැත

T

The Leader Desk

April 22, 2026 • 7:06 AM

සාම කතාබහ පිලිබඳ ඉරානය තවමත් අවසන් තීරණයක් ගෙන නැත  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරාන සටන් විරාමය ඉක්ම යන්නට පැය කිහිපයක් තබා, එය දින නියමයක් රහිතව තව දුරටත් දීර්ඝ කළේය. වැඩිදුර සාම සාකච්ඡා පිණිස අවකාශ සැලසීම සිය අභිප්‍රායය බව ඔහු කියා සිටියේය.
  • සාම කතා බහ පිණිස, ඉරාන නායකයින්ට සහ එම නියෝජිතයින්ට ඒකීය යෝජනාවලියකට පිවිසීමට යම් කාලයක් අවශ්‍ය බව සහ එතෙක් ප්‍රහාර නවතන ලෙස එම ක්‍රියාවලියේ මැදහත් පාර්ශවය ලෙස කටයුතු කරන පාකිස්ථානය විසින් එක්සත් ජනපද ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබේ.
  • ඉරාන වරාය වෙත පනවා ඇති තහනම සහ එරට සමුද්‍රීය වෙළඳාමට අදාළ සම්බාධක තව දුරටත් ක්‍රියාත්මක බව ජනපති ට්‍රම්ප් පවසයි.
  • ඉරානය අවධාරණය කරන්නේ එම තත්ත්වය සිය දේශයට එරෙහි යුද ප්‍රකාශ කිරීමක් බවය.
අකුරු ප්‍රමාණය (Font Size):


කෙසේ වෙතත්, ඊට ඉරානයේ හෝ එක්සත් ජනපද හිතවාදී ඊශ්‍රායලයේ අනුකූලතාවය මෙතෙක් ප්‍රකාශව  නැත.

සාම කතා බහ පිණිස, ඉරාන නායකයින්ට සහ එම නියෝජිතයින්ට ඒකීය යෝජනාවලියකට පිවිසීමට යම් කාලයක් අවශ්‍ය බව සහ එතෙක් ප්‍රහාර නවතන ලෙස එම ක්‍රියාවලියේ මැදහත් පාර්ශවය ලෙස කටයුතු කරන පාකිස්ථානය විසින් එක්සත් ජනපද ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබේ. ඒ අනුව, ඉදිරියේ අදාළ සාකච්ඡා පවත්වා අවසන් කිරීම අපේක්ෂාවය.  

tyt

 

කෙසේ වෙතත්, දැන් පවත්නේ ඒක පාර්ශ්වීය සටන් විරාමයකි. ඉරාන වරාය වෙත පනවා ඇති තහනම සහ එරට සමුද්‍රීය වෙළඳාමට අදාළ සම්බාධක තව දුරටත් ක්‍රියාත්මක බව ජනපති ට්‍රම්ප් පවසයි. ඉරානය අවධාරණය කරන්නේ එම තත්ත්වය සිය දේශයට එරෙහි යුද ප්‍රකාශ කිරීමක් බවය.

ජනපති ට්‍රම්ප් ගේ නව නිවේදනය පිලිබඳ අද (22) උදෑසන වන විටත් ඉරානයෙන් පැහැදිලි ප්‍රතිචාරයක් නොවීය. ටෙහෙරානයට ඒ පිලිබඳ ඇත්තේ සැකයක් පමණි. සාම කතා බහට එක්වන්නේද, නැද්ද යන්න පිලිබඳ ඉරානය තවමත් අවසන් තීරණයක් ගෙන නැත.

ඉරාන විප්ලවීය බලකායට සම්බන්ධ තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය මේ පිලිබඳ නිවේදනයක් නිකුත් කරමින්, ඉරානය සටන් විරාම දිර්ඝනයක් ඉල්ලා නැතැයි ප්‍රකාශ කළේය. සන්නද්ධ බලය යොදා එක්සත් ජනපද තහනම බිඳ දමන බවට ද තර්ජනය කළේය. ට්‍රම්ප්ගේ නව ප්‍රකාශය කූට උගුලක් විය හැකි බව ඉරාන පාර්ලිමේන්තු  කථානායක මොහම්මඩ් බඛෙර් ඛලිබෆ් කියා සිටියේය. ඔහු එම පාර්ශවයේ සාම සාකච්ඡා දූත පිරිසේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

Donald Trump 1

 

මීට පෙර දෙසතියක ඉරාන සටන් විරාමය නිවේදනයට මත්තෙන් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, සමස්ත ශිෂ්ටාචාරයක් එදින රාත්‍රී, මෙලොවින් සදහටම තුරන් වීමට  නියමිත බවය. එහෙත්, භීෂණ ක්‍රියා අවසන් කොට, වෙළඳපොල අස්ථාවරත්වය නිමා කරන බව ඔහු අන් තැනක පැවසීය. ඉරානයේ බලශක්ති මර්මස්ථාන සහ පාලම් සියල්ල  පුපුරවා විනාශ කරන බවද වරක්  ඔහු කීය.

ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව පෙබරවාරි 28 දා ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කළහ. එය සීග්‍රයෙන් අනෙකුත් ගල්ෆ් රටවලට ද ව්‍යාප්ත විය. මේ වන විටත් ඉරාන යුද්ධයෙන් දහස් සංඛ්‍යාත පිරිසකට දිවි අහිමිව ඇත. ගෝලීය ඉන්දන මිල අඛණ්ඩව අස්ථාවර උච්චාවචනයන්ට බන්දුන්වෙමින් ඇති අතර ලොව බහුතර  රටවල උද්ධමනයද දෛනිකව වර්ධනය වෙමින් පවතී.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Trump declares Iran ceasefire extension with peace talks in doubt

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...