BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

චීනයෙන් තාරුණ්‍යය ඉලක්ක කළ නව නගර සැලසුම් වැඩසටහනක්

T

The Leader Desk

April 22, 2026 • 11:31 AM

චීනයෙන් තාරුණ්‍යය ඉලක්ක කළ නව නගර සැලසුම් වැඩසටහනක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරුණ ප්‍රජාවට, දරුවන්ට සහ පවුල් සාමාජිකයින්ට නාගරික දිවිය, වඩා හිතකර කිරීමට චීනය නව වැඩපිළිවෙළක් හඳුන්වා දෙයි.
  • එරට දෙපාර්තමේන්තු 15ක දායකත්වයෙන් නිකුත් කර ඇති එම මූලික සැලැස්ම අද (22) ප්‍රකාශයට පත් කෙරිණි.
  •   2026 සිට 2030 දක්වා චීනයේ දරු-උපත් හිතකර සමාජයක් ගොඩනගන බවට පසුගිය මස රජය විසින් සිදු කළ ප්‍රකාශයට සමගාමීව  නව වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
  • 2025 වසරේ චීනයේ දරු උපත් මිලියන 7.92තෙක් පහත වැටිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, නාගරික සැලසුම් කරණයේ දී නිවාස ඉදිකිරීම්, සෞඛ්‍යාරක්ෂාව, අධ්‍යාපනය සහ පොදු සේවා වැනි ක්ෂේත්‍ර රැසක් තාරුණ්‍යය හා ඒකාබද්ධව සිදු කිරීමේ යෝජනාවලියක් ඉදිරි  පත් කර  තිබේ.

එරට දෙපාර්තමේන්තු 15ක දායකත්වයෙන් නිකුත් කර ඇති එම මූලික සැලැස්ම අද (22) ප්‍රකාශයට පත් කෙරිණි.  

තරුණ සංවර්ධනය අභිමුඛ නගර නිර්මාණය  නව වැඩපිළිවෙළේ අරමුණයි. එම නව නගර තුළ  තරුණයින් උදෙසා විවිධ ක්ෂේත්‍රයන්හි රැකියා අවස්ථා, නිවාස, සෞඛ්‍යාරක්ෂක පහසුකම්, පවුල් සහයෝගිතා ක්‍රමෝපායන  මෙන්ම නාගරික සේවා ස්ථාපිත කෙරේ.

btbe6e56

 

2026 සිට 2030 දක්වා චීනයේ දරු-උපත් හිතකර සමාජයක් ගොඩනගන බවට පසුගිය මස රජය විසින් සිදු කළ ප්‍රකාශයට සමගාමීව  නව වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

2025 වසරේ චීනයේ දරු උපත් මිලියන 7.92තෙක් පහත වැටිණි. එය, එරටින් වාර්තා වූ වැඩිම අඩු දරු උපත් අනුපාතය වේ. ඉකුත් වසරේ එරට ජනගහනය,  මිලියන 3.39කින් පහත වැටිණි. මේ වන විට, චීන ජනගහනය සිව් වසරක් තුළ අඛණ්ඩ අඩු වීමකට බඳුන්ව පවතී.

නව වැඩපිළිවෙළ යටතේ තරුණ සුභසාධන රැසක් ක්‍රියාත්මක ය. තරුණ තරුණියන් උදෙසා ක්‍රියාත්මක මංගල සහ සමාජ  සේවා වැඩසටහන්, ළමාරක්ෂක දීමනා ප්‍රවර්ධනය, පොදු ස්ථානයන්හි මාතෘ-ළදරු කුටි ඉදිකිරීම, මාතෘ - ළදරු පෝෂණය සහ ආරක්ෂාව තර කිරීම, පාසල් වේලාවෙන් පසු සහ නිවාඩු දිනයන්හි ළමා සුරැකුම් සේවා ක්‍රියාත්මක කිරීම, රට තුළ සංක්‍රමණික සේවකයින්ගේ දරුවන් සඳහා පාසල් පහසුකම්  සඳහා සම අවස්ථා ලබා දීම ද ඒ අතර වේ.

wf6u565u6u

 

2030 වන විට තාරුණ්‍යයට හිතකර නගර නිර්මාණ සංකල්පය රට තුළ පෘතුලව ප්‍රතචලිත කෙරෙන බව නව ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වේ. ඒ අනුව, 2035 වන විට චීනයේ තරුණ සංවර්ධනය උදෙසා සාපේක්ෂ පරිණත භාවයෙන් යුත් පූර්ණ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම එහි අරමුණ යි.

2035 වන විට ජීවත්වීමට වඩා හිතකර, උසස් තත්ත්වයේ නාගරික සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිලිබඳ මූලික සැලසුම් චීනය පසුගිය වසරේ ඉදිරිපත් කළේය.

චීනයේ දැවැන්ත ආර්ථික සංවර්ධන ක්‍රියාන්විතය වත්මන, වඩා උසස් ජීවන තත්ත්වයක් සහිත ස්ථාවර සංවර්ධනයක් කරා යන නව මාවතකට පිවිස තිබේ.  

(සටහන |Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)


මුලාශ්‍රය :

China unveils plan to make cities more youth, child friendly

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...