BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

විදෙස් නෞකා දෙකක් ඉරාන අත්අඩංගුවේ

T

The Leader Desk

April 23, 2026 • 6:21 AM

විදෙස් නෞකා දෙකක් ඉරාන අත්අඩංගුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය ඊයේ (22), හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් සිය භාරයට ගත්තේය.
  • දෙමසක යුද්ධය නතර කිරීම පිණිස ඉරානයේ නව යෝජනාවලිය සමාලෝචනය කෙරෙන තෙක් සටන් විරාමය දින නියමයකින් තොරව දීර්ඝ කරන බව ජනපති ට්‍රම්ප් ඉකුත් අඟහරුවාදා (21) නිවේදනය කළේය.
  • එහෙත්, එම සටන් විරාම දිගුවට අනුකූල වන බව ඉරානය මෙතෙක් දන්වා නැත.
  •   එක්සත් ජනපද ජනපති විසින් ඉරාන සමුද්‍රීය වෙළඳාමට එරෙහිව පනවා ඇති සම්බාධක ඉරානයේ  දැඩි විවේචනයට බඳුන් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ඒකපාර්ශ්වික සටන් විරාමය ප්‍රකාශයට පත් කර දිනක අවෑමෙන් එම සමුද්‍ර සන්ධියේ බලය තව දුරටත් තහවුරු කරමින් ඉරාන හමුදා එම අත්අඩංගුවට ගැනීම සිදු කළහ. දෙරට අතර මීළඟ වටයේ සාම සාකච්ඡා ආරම්භය  තව දුරටත් අවිනිශ්චිතව පවතී.

දෙමසක යුද්ධය නතර කිරීම පිණිස ඉරානයේ නව යෝජනාවලිය සමාලෝචනය කෙරෙන තෙක් සටන් විරාමය දින නියමයකින් තොරව දීර්ඝ කරන බව ජනපති ට්‍රම්ප් ඉකුත් අඟහරුවාදා (21) නිවේදනය කළේය. එහෙත්, එම සටන් විරාම දිගුවට අනුකූල වන බව ඉරානය මෙතෙක් දන්වා නැත.

 

k1

එක්සත් ජනපද ජනපති විසින් ඉරාන සමුද්‍රීය වෙළඳාමට එරෙහිව පනවා ඇති සම්බාධක ඉරානයේ  දැඩි විවේචනයට බඳුන් විය. එය යුද තර්ජනයක් බව ටෙහෙරානය චෝදනා කළේය. එම තහනම පවතින තාක් නිත්‍ය සටන්විරාමයක් නොවන බව එරට පාර්ලිමන්තු කථානායක මොහම්මඩ් බඛෙර් ඛලිබෆ් ද පැවසීය. එක්සත් ජනපද සම්බාධක හමුවේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම අසීරු බව ද ඔහු සඳහන් කළේය.

k2

 

සන්නද්ධ තරවටුවෙන් හෝ බියපත් කිරීමෙන් අභිප්‍රේරිත ඉලක්ක සාක්ෂාත් කර ගත නොහැකි යැයි, ජනපති ට්‍රම්ප්ගේ නවතම නිවේදනයට ප්‍රතිචාර වශයෙන් හෙතෙම කියා සිටියේය. ඊට හොඳම පිළියම ඉරාන වැසියන්ගේ හිමිකම් හඳුනාගැනීම බව ද ඔහු අවධාරණය කළේය.

ඉරාන විප්ලවීය බලකාය විසින් අත්අඩංගුවට ගත් විදෙස් නෞකා දෙක එරට  වරායක්  වෙත රැගෙන යනු ලැබිණි. ඉකුත් පෙබරවාරි මස අග යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව, ඉරානය විසින් විදෙස් නෞකා අත්අඩංගුවට ගත පළමු අවස්ථාව මෙය වේ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Iran tightens control of Hormuz after US calls off renewed attacks

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...