BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ආසියානු සාගර කලාපයේ වූ තවත් ඉරාන නැව් තුනක් හරවා යැවේ

T

The Leader Desk

April 23, 2026 • 9:58 AM

ආසියානු සාගර කලාපයේ වූ තවත් ඉරාන නැව් තුනක් හරවා යැවේ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන ධජය යටතේ ආසියානු සාගර කලාපයේ යාත්‍රා කරමින් පැවති තවත් ඉන්ධන නෞකා තුනක් වෙත ඊයේ (22) එක්සත් ජනපද හමුදා බාධා කළහ.
  • බොර තෙල් බැරල මිලියනයක ධාරිතාවකින් යුත්, එම  පූර්ණ ධාරිතාවෙන් 65%ක ඉන්ධන තොගයක් රැගෙන ඉරාන ධජය යටතේ යාත්‍රා කරමින් පැවති  තවත් කුඩා ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ද හරවා යැවීමට එක්සත් ජනපද හමුදා පියවර ගත්හ.
  •   මීට තෙදිනකට පෙර ඉන්දියාවට ආසන්න සාගර කලාපයේ අවසන් වරට දුටු එම නෞකාව එම අවස්ථාවේ  බොරතෙල් බැරල මිලියන 2ක පූර්ණ ධාරිතාවේ පැවති  බව ද වාර්තා වේ.
  • තහනම නොතකා යාත්‍රා කිරීමට තැත් කළ එම නෞකාව ඉන්දියානු සාගරයේ  එක්සත් ජනපද නාවුක හමුදා  ප්‍රහාරක යාත්‍රාවක අධීක්ෂණය යටතේ ඉවත් කළ බව එක්සත් ජනපද මධ්‍යම විධානය දැන්වීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව,  ඉන්දියාව, මැලේසියාව සහ ශ්‍රී ලංකාව ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ එම නෞකා යළි හරවා යැවීමට කටයුතු කර ඇතැයි, නෞකා සහ ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පවසයි.
 
වොෂින්ටනය විසින් ඉරාන සමුද්‍රීය වෙළඳාමට සම්බාධක පනවා තිබේ. ඉරානය ද හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ අණ නොතකා යාත්‍රා කරන නෞකා වෙත වෙඩි තබමින් සිටී.
ඉරානයට සම්බන්ධ බහලු නෞකාවක් සහ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ද  මේ වන විට එක්සත් ජනපද අත්අඩංගුවේ පවතී. යුද්ධයේ ප්‍රථම වරට ඉරානයද හෝර්මුස් සමුද්‍ර සන්ධිය පසු කර ගල්ෆ් කලාපයෙන්  පිට වීමට තැත් කළ විදෙස් නෞකා දෙකක් සිය භාරයට ගත්තේය.
 

එක්සත් ජනපද හමුදා විසින් යළි හරවා යැවුණු එක් යාත්‍රාවක් වන්නේ ඉරාන ධජය යටතේ මැලේසියාව ආසන්නයේ බොර තෙල් තොගයක් රැගෙන යාත්‍රා කරමින් පැවති  සුපිරි ඉන්ධන නෞකාවකි.

බොර තෙල් බැරල මිලියනයක ධාරිතාවකින් යුත්, එම  පූර්ණ ධාරිතාවෙන් 65%ක ඉන්ධන තොගයක් රැගෙන ඉරාන ධජය යටතේ යාත්‍රා කරමින් පැවති  තවත් කුඩා ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ද හරවා යැවීමට එක්සත් ජනපද හමුදා පියවර ගත්හ.

ඉරාන ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ ඩොරෙනා නම් තවත් සුපිරි ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ද එක්සත් ජනපද හමුදා මැදිහත්වීමෙන්  යළි හරවා යැවීමට කටයුතු කෙරිණි.
 
1776924270342923828 1200x630
මීට තෙදිනකට පෙර ඉන්දියාවට ආසන්න සාගර කලාපයේ අවසන් වරට දුටු එම නෞකාව එම අවස්ථාවේ  බොරතෙල් බැරල මිලියන 2ක පූර්ණ ධාරිතාවේ පැවති  බව ද වාර්තා වේ. තහනම නොතකා යාත්‍රා කිරීමට තැත් කළ එම නෞකාව ඉන්දියානු සාගරයේ  එක්සත් ජනපද නාවුක හමුදා  ප්‍රහාරක යාත්‍රාවක අධීක්ෂණය යටතේ ඉවත් කළ බව එක්සත් ජනපද මධ්‍යම විධානය දැන්වීය.
 
ඉරාන ධජය යටතේ යාත්‍රා කළ දෙර්යා නම් ඉන්ධන ප්‍රවාහන නෞකාව වෙත ද එක්සත් ජනපද හමුදා බාධා කළහ. නෞකාව මගින් රැගෙන ගිය ඉරාන ඉන්ධන තොගයක්, ඉරිදා (19) තෙක් නිවේදිත  බදු සහන කාලය ඉකුත් වීමට පෙර  අදාළ ඉන්දීය වරායේ ගොඩබෑම ප්‍රමාද විය. නෞකාව අවසන් වරට ඉකුත් සිකුරාදා (17)  ඉන්දියානු බටහිර වෙරළට ඔබ්බෙන් පැවති  බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඉරාන සමුද්‍රීය වෙළඳාම තහනම්  කළ දා සිට මෙතෙක්,  එක්සත් ජනපද හමුදා විසින් ඉරානයට සම්බන්ධ නෞකා 29ක් යළි  හරවා යැවීමට හෝ මුල් වරාය වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Exclusive: US intercepts three Iranian oil tankers in Asian waters, sources say

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...