BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ඇමරිකාව චීනයේ අභ්‍යන්තර කටයුතු වෙත මැදිහත් වීමට දරන උත්සාහයන්ට චීනයේ දැඩි විරෝධය

T

The Leader Desk

April 24, 2026 • 8:05 AM

ඇමරිකාව චීනයේ අභ්‍යන්තර කටයුතු වෙත මැදිහත් වීමට දරන උත්සාහයන්ට චීනයේ දැඩි විරෝධය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන තායිවාන ප්‍රදේශය සමග ඊනියා "රාජ්‍යතාන්ත්‍රික සබඳතා" තහවුරු කර ගැනීමට සහාය වීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා.
  • ඇමරිකාවේ එම ක්‍රියාවන් චීනය පිළිනොගන්නා බවත්, ඊට දැඩිව විරෝධය පළ කරන බවත් Guo Jiakun පැවසුවා.
  • තායිවාන ප්‍රශ්නය මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතු සඳහා ඇඟිලි ගැසීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා.
  • ඇමරිකාව, තායිවාන ප්‍රදේශය සමග ඊනියා "රාජ්‍යතාන්ත්‍රික සබඳතා" තහවුරු කර ගැනීමට සහාය වීම සහ “තායිවාන ස්වාධීනත්වය” යන අදහස දරන බෙදුම්වාදී බලවේගයන්ට වැරදි සහගත සංඥාවක් නිකුත් කිරීම නැවැත්විය යුතු බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

චීන තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක Lai Ching-te ගේ ස්වාසිලන්ත සංචාරය "තාවකාලිකව අත්හිටුවා ඇති" බවට ඇමරිකාව කළ වැරදි ප්‍රකාශය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun  ඊයේ (23) අදහස් පළ කරමින් මේ බව පැවසුවා.
 
2026 04 21T120219Z 949217341 RC234IAP6TCK RTRMADP 3 TAIWAN ESWATINI
ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා වන චීනයේ නීත්‍යනුකූල ක්‍රියාමාර්ගයන්ට මැදිහත් වෙමින් සිටින ඇමරිකාව, එකම චීනය මූලධර්මය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අදාළ රටවල් අනුගමනය කරන සාධාරණ ක්‍රියාමාර්ගයන්ට එරෙහිව අනවශ්‍ය චෝදනා එල්ල කර තිබෙනවා. ඇමරිකාවේ එම ක්‍රියාවන් චීනය පිළිනොගන්නා බවත්, ඊට දැඩිව විරෝධය පළ කරන බවත් Guo Jiakun පැවසුවා.
තායිවාන ප්‍රශ්නය මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතු සඳහා ඇඟිලි ගැසීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා. ඇමරිකාව, තායිවාන ප්‍රදේශය සමග ඊනියා "රාජ්‍යතාන්ත්‍රික සබඳතා" තහවුරු කර ගැනීමට සහාය වීම සහ “තායිවාන ස්වාධීනත්වය” යන අදහස දරන බෙදුම්වාදී බලවේගයන්ට වැරදි සහගත සංඥාවක් නිකුත් කිරීම නැවැත්විය යුතු බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...