BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ගෝලීය යුදමය තත්ත්වයන් හමුවේ චීන ආර්ථිකයේ වර්ධනයක්

T

The Leader Desk

April 24, 2026 • 9:06 AM

ගෝලීය යුදමය තත්ත්වයන් හමුවේ චීන ආර්ථිකයේ වර්ධනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව විවිධ අභියෝග මධ්‍යයේ වුවද චීනය විශාල ආර්ථික විභවයක් හා නම්‍යශීලිත්වයක් පෙන්නුම් කරන බව යළි සනාථ කර තිබෙනවා.
  • එනම් එය 3.1% දක්වා අඩු කෙරිණ.
  • චීනය පසුගියදානිකුත් කළ අදාළ දත්තවලට අනුව මේ වසරේ පළමු කාර්තුවේදී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 2025 වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂව 5%කින් වර්ධනය වී මේ වසරේ වාර්ෂික ආර්ථික වර්ධන පුරෝකථන පරාසයේ ඉහළම අගයට ළඟා වී ඇත.
  • අපේක්ෂාවට වඩා චීනය මේ වසරේ ජයග්‍රාහී ආරම්භයකින් වෙළඳපොලට දැඩි විශ්වාසයක් ද ලෝකයට දුර්ලභ ස්ථාවරත්වයක් ද ගෙන දී තිබෙන බව චීන මාධ්‍ය වාර්තා කර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගිය දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නවතම වාර්තාව නිකුත් කරමින් මේ වසරේ ලෝක ආර්ථික වර්ධනය සඳහා වූ පුරෝකථනය 0.2%කින් පහළ දැමීය. එනම් එය 3.1% දක්වා අඩු කෙරිණ. මෙවන් පසුබිමක මේ වසරේ පළමු කාර්තුවෙහි චීන ආර්ථික දත්තවලින් පෙන්නුම් කෙරුණු යහපත් ප්‍රතිඵල කැපී පෙනේ. චීනය පසුගියදානිකුත් කළ අදාළ දත්තවලට අනුව මේ වසරේ පළමු කාර්තුවේදී චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 2025 වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂව 5%කින් වර්ධනය වී මේ වසරේ වාර්ෂික ආර්ථික වර්ධන පුරෝකථන පරාසයේ ඉහළම අගයට ළඟා වී ඇත. අපේක්ෂාවට වඩා චීනය මේ වසරේ ජයග්‍රාහී ආරම්භයකින් වෙළඳපොලට දැඩි විශ්වාසයක් ද ලෝකයට දුර්ලභ ස්ථාවරත්වයක් ද ගෙන දී තිබෙන බව චීන මාධ්‍ය වාර්තා කර තිබිණ.
 
https cms image bucket productionv3 ap northeast 1 a7d2.s3.ap northeast 1.amazonaws.com images 9 6 2 6 12326269 1 eng GB 5b6965e85239 2026 03 17T114238Z 2105674833 RC236KAGEMHB RTRMADP 3 CHINA ECONOMY
වර්තමානයේ භූ දේශපාලන අවදානම් ඉහළ යාම හා ගෝලීය බලශක්ති වෙළඳපොල අස්ථාවර වීම හමුවේ වුවද චීනය සිය සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කර තිබීම එම ජයග්‍රාහී ආරම්භයට ප්‍රධානම හේතු සාධකය බව විශ්ලේෂකයන් ද පෙන්වා දෙයි. චීනය නව ගුණාත්මකභාවයෙන් යුත් ඵලදායීතාව වඩාත් වේගවත්ව වර්ධනය කිරීම සහ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය නොවෙනස්ව ක්‍රියාත්මක කිරීම, සිය ආර්ථිකය පරිවර්තනය හා වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශක්තිමත් ගම්‍යතාවයක් ලබා දී ඇතැයි ද විශ්ලේෂක මතයයි.
ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය සතුව සමස්ත ආර්ථික ධාරිතාව චීන යුවාන් ට්‍රිලියන 140ක් එනම් ඇමරිකානු ‍ඩොලර් ට්‍රිලියන 19.44ක් ඉක්මවා ගොස් ඇත. මෙවන් ඉහළ අගයක් මත දළ දේශීය නිෂ්පාදිතය 5%ක වර්ධනයක් අත්කර ගැනීම පහසු කාර්යයක් නොවේ. එසේම චීන ආර්ථිකය තුළ දක්නට ලැබුණු ස්ථාවරත්වය, නව්‍ය ගම්‍යතාවය සහ නම්‍යශීලිත්වය මේ වසරේ ආර්ථික වර්ධන ඉලක්ක සපුරාලීම සඳහා ශක්තිමත් අඩිතාලමක් දමා ඇතැයි විශ්වාස කෙරේ.
 
roland berger web 25 2214 china in the context of global resetting it image caption none
ලෝකය විවිධ අභියෝගවලට මුහුණ දී සිටින වත්මන් කාලයේ චීනය සිය විශාල ආර්ථික විභවයක් හා නම්‍යශීලිත්වයක් පෙන්නුම් කරමින් ‍ලෝකයට ධනාත්මක බලපෑමක් ගෙන දෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්  Kristalina Georgieva ද පවසා තිබේ. 5%ක ආර්ථික වර්ධනය, ගෙවුණු පළමු කාර්තුවේදී චීනය ලද ආර්ථික ජයග්‍රහණයක් පමණක්‍ නොව, චීනයේ 15වැනි පස්අවුරුදු සැලසුමෙහි යහපත් ආරම්භයේ පෙර නිමිත්තකි. එසේ ම එය චීනය ලෝකය සමග සංවර්ධන අවස්ථා බෙදා ගැනීමේ පැහැදිලි සංඥාවක් ද වනු ඇත.

දිනූෂි ධීරසිංහ
චීන මාධ්‍ය සමූහය

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...