BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

මියෙන්මාරයේ ප්‍රදේශ රැසක් හමුදා පාලනයට

T

The Leader Desk

April 24, 2026 • 12:11 PM

මියෙන්මාරයේ ප්‍රදේශ රැසක් හමුදා පාලනයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මියෙන්මාර ජනපති, මින් ඔඞ් ලයිඞ් (Min Aung Hlaing), එරට නාගරික කලාප 60ක් වෙත නව හදිසි නීතිය යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි හමුදා පාලනය පැනවීමට අද (24)නියෝග කළේය.
  • සිවිල් පාලනය වෙත හුවමාරුවන සංක්‍රාන්ති සමයේ  රට පුරා ප්‍රදේශ රැසක ගැටුම් නිරාකරණය කර ආරක්ෂාව තර කිරීමේ අරමුණින් එම පියවර ගත්  බව රජය කියයි.
  • ඒ අනුව, කචින්, කායා, කායින්, චින්, ශාන් හා රඛීන් ප්‍රාන්ත මෙන්ම, සාගිඞ්, මැග්වේ සහ මැන්ඩලේ  කලාපයන්හි  නාගරික 60ක් වෙත හදිසි නීතිය පැනවීමට පියවර ගෙන තිබේ.
  •  2021 වසරේ සිදු කළ කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය අල්ලා ගැනීමෙන් පසු ද  එම  සියලු ප්‍රදේශයන්හි හමුදා බලය තර කර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මීට පෙර මියෙන්මාර ජුන්ටා නායකයා ලෙස කටයුතු කළේය. සිවිල් පාලනය වෙත හුවමාරුවන සංක්‍රාන්ති සමයේ  රට පුරා ප්‍රදේශ රැසක ගැටුම් නිරාකරණය කර ආරක්ෂාව තර කිරීමේ අරමුණින් එම පියවර ගත්  බව රජය කියයි.

ඒ අනුව, කචින්, කායා, කායින්, චින්, ශාන් හා රඛීන් ප්‍රාන්ත මෙන්ම, සාගිඞ්, මැග්වේ සහ මැන්ඩලේ  කලාපයන්හි  නාගරික 60ක් වෙත හදිසි නීතිය පැනවීමට පියවර ගෙන තිබේ. ඒ සමග එම ප්‍රදේශ සියල්ල හමුදා පාලනයට නතු කෙරේ.  2021 වසරේ සිදු කළ කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය අල්ලා ගැනීමෙන් පසු ද  එම  සියලු ප්‍රදේශයන්හි හමුදා බලය තර කර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරිණි.

GettyImages 1302283469

 

සන්නද්ධ ත්‍රස්තවාදය අවසන් කර නීතිය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව මත නව පියවර ගන්නා බව, රජය විසින් ඒ පිලිබඳ අද නිකුත් කළ  මාධ්‍ය නිවේදනයක  දැක්වේ. නව හදිසි නීතිය දින 90ක් තෙක් බලාත්මක ය. එම කාලය තුළ යටකී කලාපයන් හි සියලු විධායක සහ අධිකාරී බලය එරට නව හමුදා ප්‍රධානී යේ වින් ඕ (Ye Win Oo) වෙත පැවරේ.

පසු ගිය මැතිවරණයෙන්, මෙම මස මුල  එරට නව ජනපති ලෙස බලයට පත්වීමෙන් අනතුරුව පාලන බලය තහවුරු කර ගැනීම පිණිස ජනපති මින් ඔඞ් ලයිඞ් විසින් ගත්  ප්‍රථම දැඩි පියවර මෙය වේ. හමුදා සහාය හිමි ඔහුගේ පක්ෂය මෙවර මැතිවරණය ජය ගැනීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය.

මහජන චන්දයෙන් තේරී පත් වූ නොබෙල් ත්‍යාග ලාභී අවුඞ් සාන් සූ කී (Aung San Suu Kyi), හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කිරීමත් සමග, 2021 වසරේ මියෙන්මාරයේ යළි ගැටුම් හට ගත්තේය. පසුව, එම  ගැටුම්, දීපව්‍යාප්ත සන්නද්ධ අරගලයක් බවට පත් විය. එතැන් සිට, වරින්වර පැවති දරුණු ගැටුම් මධ්‍යයේ පසුගිය දෙසැම්බර සහ මෙම ජනවාරි මස එරට මැතිවරණය පැවැත්වීමට  කටයුතු කෙරිණි. එය කිසි සේත් නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් නොවූ බව දේශපාලන විචාරකයෝ පවසති.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Myanmar's military-backed government imposes martial law in 60 townships

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...