BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

ට්‍රම්ප් සහභාගී වූ භෝජන සංග්‍රහයේ වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් නෑ - සැකකරු අත්අඩංගුවට

T

The Leader Desk

April 26, 2026 • 4:35 AM

ට්‍රම්ප් සහභාගී වූ භෝජන සංග්‍රහයේ වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් නෑ - සැකකරු අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර කිහිපයකට පසු, ඊයේ (25) එක්සත් ඡනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගි වූ ධවල මන්දිර වාර්ෂික මාධ්‍ය නියෝජිත රාත්‍රී භෝජන සංග්‍රහයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබිණ.
  • එරට මාධ්‍යායතන හා සිය පරිපාලනය අතර ඇති කරගත් මත ගැටුම් හේතුවෙන් ජනපතිවරයා සිය ධුර වාර දෙකෙහිදීම වසර කිහිපයක් දිගින් දිගටම වොෂින්ටන් හිල්ටන් හි පැවති එම මාධ්‍ය නියෝජිත වාර්ෂික රාත්‍රී භෝජනය වර්ජනය කළේය.
  • ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ සභාපතිනි වෙයිජියා ජියැං (Weijia Jiang) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මෙම රාත්‍රී භෝජන සංග්‍රහය අවලංගු කර නැවත දින 30ක් ඇතුළත පවත්වන ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි.
  • මෙම ශබ්දය කුමක්ද යන්න හෝ කිසිවෙකුට හානියක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය වෙඩි තැබීමක් විය හැකි බවට සැක පවතින බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


වහා ක්‍රියාත්මක වූ ජනපති ආරක්ෂකයෝ, ඔහු සහ ජනපති ආර්යාව ඇතුළු ප්‍රභූ පිරිස නිරුපද්‍රිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමට සමත් ව ඇත.

එරට මාධ්‍යායතන හා සිය පරිපාලනය අතර ඇති කරගත් මත ගැටුම් හේතුවෙන් ජනපතිවරයා සිය ධුර වාර දෙකෙහිදීම වසර කිහිපයක් දිගින් දිගටම වොෂින්ටන් හිල්ටන් හි පැවති එම මාධ්‍ය නියෝජිත වාර්ෂික රාත්‍රී භෝජනය වර්ජනය කළේය. මෙවර ඔහු ඊට සහභාගි වූයේ දිගු කලකට පසුවය.

 

ශිෂ්‍යත්ව අරමුදල් ප්‍රවර්ධනය  සහ මාධ්‍ය නිදහස ඉලක්ක කර එම උත්කර්ෂවත් අවස්ථාව එරට වාර්ෂිකව පැවැත්වෙන්නකි.

වොෂින්ටන් හි 'වොෂින්ටන් හිල්ටන්' හෝටලයේ පැවැත්වෙමින් තිබූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර වෙඩි හඬක් යැයි සැක කළ හැකි ප්‍රබල ශබ්ද කිහිපයක් ඇසීමත් සමඟ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලනියා ට්‍රම්ප් වහාම එම ස්ථානයෙන් ඉවත් කිරීමට රහස් ඔත්තු සේවා නිලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෙනසුරාදා සන්ධ්‍යාවේ සිදුවූ මෙම නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, භෝජනාගාරය තුළින් "මහා හඬක්" හෝ වෙඩි හඬක් යැයි සැක කළ හැකි ශබ්ද කිහිපයක් ඇසීමත් සමඟ ජනාධිපතිවරයා සහ අමුත්තන් බිම වැතිර ආරක්ෂාව සෙවීමට උත්සාහ කර ඇති බවත්, එහිදී වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ජනාධිපතිවරයාව සහ මෙලනියා ට්‍රම්ප්ව ප්‍රධාන අසුන් පැනවූ මේසයෙන් ඉවත් කර ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් ඇති බවත් ය.

 

එමෙන්ම, ජනාධිපතිවරයා ඉවත් කිරීමෙන් පසු, නවීන ගිනි අවිවලින් සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් ජනාධිපතිවරයා අසුන්ගෙන සිටි ප්‍රධාන මේසය අවට ප්‍රදේශයේ පාලනය නතු කරගෙන දැඩි ආරක්ෂක වළල්ලක් යොදවා තිබේ.

ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ සභාපතිනි වෙයිජියා ජියැං (Weijia Jiang) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මෙම රාත්‍රී භෝජන සංග්‍රහය අවලංගු කර නැවත දින 30ක් ඇතුළත පවත්වන ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි.

මෙම ශබ්දය කුමක්ද යන්න හෝ කිසිවෙකුට හානියක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙය වෙඩි තැබීමක් විය හැකි බවට සැක පවතින බවයි.

 

කෙසේවුවද මෙම සිද්ධියෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර තිබේ.

සිද්ධියේ පසු ජනාධිපති ට්‍රම්ප් සහ ආර්යාව වොෂින්ටන් හිල්ටන් හෝටලයෙන් ආරක්ෂිතව පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ට්‍රම්ප්ගේ ආරක්ෂක කණ්ඩායම සැකකාර තුවක්කුකරු උත්සව ශාලාවෙන් පිටතදී අත්අඩංගුවට ගත් බවත් කිසි විටෙකත් ඔහු උත්සවයට ඇතුළු නොවූ බවත් ධවල මන්දිර වාර්තාකරු සංගමයේ මණ්ඩල සාමාජිකා කෝට්නි සුබ්‍රමනියන් පවසයි.

වෙඩි තැබීමට පැමිණි ප්‍රහාරකයා ගිනි අවි ඇතුළු ආයුධ සහ පිහි කිහිපයකින් සන්නද්ධව සිටි බව වාර්තා වේ.

වෙඩි තැබීම පිලිබඳ විමර්ශන ක්‍රියාත්මකය.

(සටහන; Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
 2026.04.26


මුලාශ්‍ර :

Suspect in custody after Trump evacuated in shooting incident at White House correspondents’ dinner

Suspect ‘armed with knives and guns’ charged after shooting at White House correspondents’ dinner - follow live

Trump Evacuated As Shots Fired At White House Dinner, Shooter Arrested

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ට්‍රම්ප් සහභාගී වූ භෝජන සංග්‍රහයේ වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් නෑ - සැකකරු අත්අඩංගුවට | The Leader