BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

'කතා කරන්න ඕනෙ නම් කෝල් එකක් දෙන්න' - ජනපති ට්‍රම්ප් ඉරානයට දන්වයි

T

The Leader Desk

April 27, 2026 • 7:58 AM

'කතා කරන්න ඕනෙ නම් කෝල් එකක් දෙන්න' - ජනපති ට්‍රම්ප් ඉරානයට දන්වයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයට, දෙමසක් පමණ ඉකුත්ව ඇති යුද්ධය සත්‍ය වශයෙන්ම අවසන් කිරීමට අවශ්‍ය නම්, නොවලහා දුරකතනයෙන් විමසන ලෙස එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (26) දැනුම් දුන්නේය.
  • න්‍යෂ්ටික අවියක් සතු කර ගැනීමේ අයිතිය කිසිදා ඉරානයට හිමි නොවන බව ද හෙතෙම අවධාරණය කළේය.
  • සාකච්ඡා පිණිස ඉදිරිපත්වීමට ප්‍රථම ඉරාන වරාය වෙත පනවා ඇති තහනම ඇතුළු එක්සත් ජනපද සම්බාධක ඉවත් කළ  යුතු බව ටෙහෙරානය විසින් දැනුම් දී තිබේ.
  • මේ අතර පාකිස්ථාන සහ ඕමාන මැදහත් පාර්ශ්ව මධ්‍යයේ අතරමං වූ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරඛ්චි ඊයේ (26), රුසියාව බලා පිටත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

 456456fhdfghdfghxgh

ජනපතිවරයා ඒ බව දන්වා  සිටියේ, ඔහු ද සහභාගී වූ,  සෙනසුරාදා (25) රාත්‍රී වොෂින්ටනයේ පැවති  උත්කර්ශවත්  ජනමාධ්‍ය නියෝජිත රාත්‍රී භෝජන සංග්‍රහයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් අනතුරුවය. න්‍යෂ්ටික අවියක් සතු කර ගැනීමේ අයිතිය කිසිදා ඉරානයට හිමි නොවන බව ද හෙතෙම අවධාරණය කළේය. සාකච්ඡා පිණිස ඉදිරිපත්වීමට ප්‍රථම ඉරාන වරාය වෙත පනවා ඇති තහනම ඇතුළු එක්සත් ජනපද සම්බාධක ඉවත් කළ  යුතු බව ටෙහෙරානය විසින් දැනුම් දී තිබේ.

සෙනසුරාදා සිද්ධියෙන් පසුව ජනපති ට්‍රම්ප්, ඉරාන  සාම සාකච්ඡා පිණිස නියමිතව පැවති සිය නියෝජිතයින් වූ ස්ටීව් විට්කොෆ් සහ ජෙරාඩ් කුෂ්නර් ගේ ඉස්ලාමාබාද් සංචාරය ද අවලංගු කළේය. මේ අතර පාකිස්ථාන සහ ඕමාන මැදහත් පාර්ශ්ව මධ්‍යයේ අතරමං වූ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරඛ්චි ඊයේ (26), රුසියාව බලා පිටත් විය. එහිදී ඔහු, ජනපති ව්ලැඩිමීර් පුටින් හමු වීමට නියමිතය.

 

23dfhfgjghkhjjkljklghnghn
නවතම තත්ත්වය හමුවේ ගෝලීය ඉන්දන මිල යළි ඉහළ ගියේය. ගල්ෆ් තීරයේ නෞකා තහනම සහ සාම කතා බහ පිලිබඳ අවිනිශ්චිත බව හමුවේ අද (27), ආසියානු කොටස් වෙළඳපොළ එක්සත් ජනපද කොටස් මිල දර්ශක  ද පහත වැටී තිබිණි.

"ඒ අයට  කතා කරන්නම ඕනෙ නම්, අප වෙත  එන්න   කියන්න. නැත්තං, ඔය තියෙන්නෙ ලස්සන ටෙලිෆෝන් එකක්, බය නැතුව අපට කතා කරන්න කියන්න. ඒක හරි ආරක්ෂාකාරී ලයින් එකක්," ජනපති ට්‍රම්ප් ඊයේ ෆොක්ස් නිව්ස් ( Fox News) සමග පැවති සාකච්ඡාවකදී පැවසීය.  " ඒ අය හොඳටම දන්නවා ගිවිසුමේ තියෙන්න ඕනෙ මොනවද කියල. ඒක හරිම සරලයි; ඔවුන් සතුව න්‍යෂ්ටික අවියක් පවතින්න බෑ. එහෙම බැරි නම් ඉතිං, අපි මුණගැහෙන්න අවශ්‍යත් නෑ," ඔහු අවධාරණය කළේය.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කර යුද්ධය ඉක්මනින් අවසන් කිරීම පිණිස වූ නවතම යෝජනාවක් ඉරානය විසින් පාකිස්ථානය අත එක්සත් ජනපදය වෙත යැවූ බව ද සැල විය. න්‍යෂ්ටික කතා බහ පසු අදියරක සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද එහි සඳහන් වෙතැයි වා ර් තා වේ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Trump says Iran can phone if it wants to talk; Iranian minister heads to Russia

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...