BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

මාලි දේශයේ රැඳී සිටින සියලු ප්‍රංශ ජාතිකයින්ට වහා ඉවත් වීමට උපදෙස්

T

The Leader Desk

April 29, 2026 • 12:20 PM

මාලි දේශයේ රැඳී සිටින සියලු ප්‍රංශ ජාතිකයින්ට වහා ඉවත් වීමට උපදෙස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාලිහි රැඳී සිටින සියලු ප්‍රංශ ජාතිකයින්ට වහා ඉන් ඉවත් වන ලෙස ප්‍රංශ රජය විසින් දන්වා තිබේ.
  • ඒ අනුව, නැවත දැනුම් දෙන තෙක් එරට සංචාරයෙන් වලකින ලෙස සංචාරක උපදෙස් ද  යාවත්කාලීන කර තිබේ.
  • එරට ආරක්ෂක තත්ත්වය යහපත් නොවන බැවින්, මාලි දේශයෙන් පිට  වන තෙක් නේවාසික ස්ථානයන්හිම  රැඳී සිටින ලෙස ද ප්‍රංශ ජාතිකයින්ට  උපදෙස්  නිකුත් කර ඇත.
  • එරට රැඳී සිටින තාක් රජයේ උපදෙස්වලට අනුගතව කටයුතු කරන ලෙස සහ  ඥාතීන් දැනුම්වත් කර තබන ලෙස එමගින් වැඩි දුරටත්  දන්වා ඇතැයි ප්‍රංශ විදේශ අමාත්‍යංශය දැන්වීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉකුත් සති අන්තයේ එහි බමාකෝ අගනුවර ඇතුළු ස්ථාන කිහිපයක  සිදු වූ සංවිධනාත්මක ප්‍රහාරයන්ගෙන් අනතුරුව එම නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව, නැවත දැනුම් දෙන තෙක් එරට සංචාරයෙන් වලකින ලෙස සංචාරක උපදෙස් ද  යාවත්කාලීන කර තිබේ.

එරට ආරක්ෂක තත්ත්වය යහපත් නොවන බැවින්, මාලි දේශයෙන් පිට  වන තෙක් නේවාසික ස්ථානයන්හිම  රැඳී සිටින ලෙස ද ප්‍රංශ ජාතිකයින්ට  උපදෙස්  නිකුත් කර ඇත. එරට රැඳී සිටින තාක් රජයේ උපදෙස්වලට අනුගතව කටයුතු කරන ලෙස සහ  ඥාතීන් දැනුම්වත් කර තබන ලෙස එමගින් වැඩි දුරටත්  දන්වා ඇතැයි ප්‍රංශ විදේශ අමාත්‍යංශය දැන්වීය.

cercgergerg

 

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මාලි දේශයේ ක්‍රියාත්මක අල් ඛයිඩා සංවිධානයට සම්බන්ධ බෙදුම්වාදී කල්ලියක් පසුගිය සෙනසුරාදා (25), එරට හමුදා මූලස්ථානයට සහ අගනුවර ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කළේය. උතුරේ පිහිටි උපායශීලී නාගරික කලාපයක් වන කිඩාල් හි රාජ්‍ය හමුදා සහාය පිණිස රඳවා සිටින රුසියානු හමුදා කණ්ඩායම් ඉන් පලවා හැරීමට ද බෙදුම්වාදීහු කටයුතු කළහ.

එම ප්‍රහාරයන්ට වගකිවයුත්තන් සොයා නීතිය ක්‍රියාත්මක කරන බව මාලි හමුදා රජයේ ප්‍රධානී ඊයේ (28), දැනුම් දුන්නේය.

(සටහන |Reuters   ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...