BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

විජේ ජයග්‍රහණය අභියසට - මහඇමති ස්ටාලින් පරාජයට පත්වෙයි

T

The Leader Desk

May 4, 2026 • 1:30 PM

 විජේ ජයග්‍රහණය අභියසට - මහඇමති ස්ටාලින් පරාජයට පත්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ආසන 234 ක් සඳහා පැවති මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විටත් ඉතා උණුසුම් මුහුණුවරකින් සිදු වෙමින් පවති.
  • නවතම නිල වාර්තාවලට අනුව, විජේගේ TVK පක්ෂය ආසන 100 සීමාව ඉක්මවා ඉදිරියෙන් සිටින අතර, තනි පක්ෂයක් ලෙස බහුතර බලය ලබා ගැනීමට ඉතා ආසන්නව සිටියි.
  • පාලක DMK පක්ෂය ආසන 71 සීමාව දක්වා ඇද වැටී ඇති අතර, ADMK පක්ෂය ද ආසන 51 කට පමණ පහත වැටී තිබේ.
  • භාරතීය ජනතා පක්ෂය සහ කොංග්‍රස් පක්ෂය ද ආසන 10කටත් වඩා අඩුවෙන් පසුවේ.
අකුරු ප්‍රමාණය (Font Size):


දශක පහක පමණ කාලයක් තමිල්නාඩු දේශපාලනය හසුරුවන ලද DMK සහ ADMK යන ප්‍රධාන දේශපාලන පක්ෂ අබිබවා යමින්, ප්‍රකට නළු විජේගේ තමිලග වෙට්ට්‍රි කසාගම් හෙවත් TVK පක්ෂය මේ වන විට කැපී පෙනෙන ඉදිරියක් ලබා ගැනීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නවතම නිල වාර්තාවලට අනුව, විජේගේ TVK පක්ෂය ආසන 100 සීමාව ඉක්මවා ඉදිරියෙන් සිටින අතර, තනි පක්ෂයක් ලෙස බහුතර බලය ලබා ගැනීමට ඉතා ආසන්නව සිටියි.

බහුතර බලය ලබා ගැනීමට නම් එක් පක්ෂයක් දිනා ගත යුතු මුළු ආසන සංඛ්‍යාව 118ක් වන අතර TVK පක්ෂය මෙතෙක් දිනා ඇති ආසන සංඛ්‍යාව 111 කි.

පාලක DMK පක්ෂය ආසන 71 සීමාව දක්වා ඇද වැටී ඇති අතර, ADMK පක්ෂය ද ආසන 51 කට පමණ පහත වැටී තිබේ.

භාරතීය ජනතා පක්ෂය සහ කොංග්‍රස් පක්ෂය ද ආසන 10කටත් වඩා අඩුවෙන් පසුවේ.

 

WhatsApp Image 2026 05 04 at 6.56.05 PM

        තලපති විජේට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි X සටහනක් තබමින් සිය සුභ පැතුම් එක් කරයි.


මහඇමති එම්.කේ ස්ටාලින් පරාජයට පත්වෙයි


Untitled design 2025 07 21T154002.055

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වත්මන් මහඇමති එම්.කේ ස්ටාලින් මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වී තිබේ.

ඔහු මෙවර කොලතූර් මැතිවරණ ආසනයෙන් තරග කළේය.

එම්.කේ ස්ටාලින් පාලක පක්ෂයේ සිට පරාජයට පත් වූ සිව්වන මහඇමතිවරයා වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඔහු 2011 වසරේ සිට අඛණ්ඩව මෙම ආසනය ජයගෙන තිබීමත් විශේෂත්වයකි.

මෙවර මහඇමතිවරයා පරාජයට පත් වූයේ තමිලග වෙට්ට්‍රි කළගම් පක්ෂය නියෝජනය කරමින් තරග කළ වී.එස්. බාබු හමුවේය.

ඔහු එම්.කේ ස්ටාලින්ගේ පක්ෂයේ සභාපතිවරයාගේ සමීපතමයෙකු වන අතර එම පක්ෂය නියෝජනය කරමින් 2006 වසරේදී පුරසවල්කම් ආසනය ජයගත්තේය.


බහුතරයක් තරුණ ඡන්දදායකයින්...


තමිල්නාඩු ඉතිහාසයේ වාර්තාගත 85.1% ක ඡන්ද ප්‍රතිශතයක් මෙවර සටහන් වූ අතර, එයින් බහුතරයක් තරුණ ඡන්දදායකයින් වේ.

දශක ගණනාවක ද්‍රවිඩ ද්වි-පක්ෂ දේශපාලනය අවසන් කරමින් "තුන්වන බලවේගයක්" ලෙස විජේ පැමිණීම ඉන්දියානු දේශපාලනයේ දැවැන්ත පෙරලියක් ලෙස සැලකේ.

මේ වන විට විජේගේ නිවස ඉදිරිපිට සහ පක්ෂ මූලස්ථානයේ දහස් සංඛ්‍යාත පාක්ෂිකයින් රතිඤ්ඤා පත්තු කරමින් සහ රසකැවිලි බෙදා දෙමින් ජයග්‍රහණය සමරමින් සිටින බව චෙන්නායි නුවරින් ලැබෙන ආරංචි මාර්ග උපුටා දක්වන ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...