BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

'ඉරානය සිය සුපෝෂිත යුරේනියම් සංචිතය වහා අතහැර දැමිය යුතුයි' - වොෂින්ටනය දන්වයි

T

The Leader Desk

May 4, 2026 • 4:27 PM

'ඉරානය සිය සුපෝෂිත යුරේනියම් සංචිතය වහා අතහැර දැමිය යුතුයි' - වොෂින්ටනය දන්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෝර්මුස් සමුද්‍ර සන්ධිය වෙත කිසි ලෙසකින් හෝ ඇතුළු නොවන ලෙස ඉරාන හමුදාව අද (4) එක්සත් ජනපද හමුදා වෙත අනතුරු ඇඟවීය.
  • සිය සැලසුම පිලිබඳ ජනපති වරයා විසින් අනාවරණය කර ඇත්තේ තොරතුරු ස්වල්පයකි.
  • තහනම නොතකා හෝර්මුස් සමුද්‍ර සන්ධියට ඇතුළු කළ නෞකා සහ එහි කාර්ය මණ්ඩල තව දුරටත් එහි සිරව සිටිති.
  • ඔවුන්ට අවශ්‍ය ආහාර - පාන සහ තවත් අත්‍යවශ්‍ය සැපයුම් සීග්‍රයෙන් අවසන් වෙමින් ඇතැයි ද වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, ඉරාන යුද්ධය අතර ගල්ෆ් කලාපයේ සිරවූ නෞකා නිදහස් කරගැනීමට එක්සත් ජනපද සහාය දක්වන බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ දැනුම්දීමත් සමග ය.

සිය සැලසුම පිලිබඳ ජනපති වරයා විසින් අනාවරණය කර ඇත්තේ තොරතුරු ස්වල්පයකි. අර්බුදයට මේ වන විට දෙමසකට අධික කාලයක්  ගතව පවතී. තහනම නොතකා හෝර්මුස් සමුද්‍ර සන්ධියට ඇතුළු කළ නෞකා සහ එහි කාර්ය මණ්ඩල තව දුරටත් එහි සිරව සිටිති. ඔවුන්ට අවශ්‍ය ආහාර - පාන සහ තවත් අත්‍යවශ්‍ය සැපයුම් සීග්‍රයෙන් අවසන් වෙමින් ඇතැයි ද වාර්තා වේ.

" අප එම නෞකා අයත් රටවලට කියා තිබෙනවා, එම තහනම් කළ සමුද්‍රික ප්‍රවේශයෙන් ඔවුන්ට ආරක්ෂිතව, නිරුප්‍රදිතව ඉවත් ව සිය ව්‍යාපාරික කටයුතු නිදහසේ කරගෙන යාමට මග පෙන්වන බව,"  ට්‍රම්ප් සිය ටෘත් සමාජ ගිණුමේ සඳහන් කළේය.

සිය තහනම නොතකා එහි ඇතුළුවන එක්සත් ජනපද නාවුක යාත්‍රාවන්ට ක්ෂණික සහ තියුණු ප්‍රහාර එල්ල කරන බව ඉරාන ඒකීය හමුදා විධානය අනතුරු ඇඟවීය.

"හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ පාලනය ඇත්තේ අප අත  බව අප විසින් පුන පුනා කියා තිබෙනවා. ඒ ඔස්සේ යාත්‍රා කළ හැක්කේ අප හමුදා සමග සහ සම්බන්ධීකරණයෙන් පසුව පමණයි," ඉරාන ඒකීය හමුදා විධාන ප්‍රධානී අලි අබ්දොල්ලහී විශේෂ සඳහනක් කරමින් පැවසීය.

"කිසිදු විදෙස් හමුදාවක්, විශේෂයෙන්,  කලහකාරී එක්සත් ජනපද හමුදා එහි ප්‍රවේශ වීමට උත්සාහ කළහොත්, අප ඒ වෙත පහර දෙනවා," ඔහු අනතුරු ඇඟවීය.

හමුදා සාමාජිකයින් 15,000කින් සහ  උභය - ගුවන් යානා 100කට අධික සංඛ්‍යාවකින් සන්නද්ධ සිය හමුදා, අදාළ සැලසුම ක්‍රියාත්මක කිරීමට සූදානමින් පසුවන බව එක්සත් ජනපද මධ්‍යම විධානය විසින් දැනුම් දී තිබේ.

"අපද, එම කලාපයේ නාවික තහනමක් පනවා ඇති පසුබිමක එක්සත් ජනපද සැලසුම අනුව සිදු කෙරෙන අදාළ ආරක්ෂක මෙහෙයුම කලාපීය ආරක්ෂාව සහ ගෝලීය ආර්ථිකයේ සුරක්ෂිත භාවය පිණිස අතිශය තීරණාත්මකයි," මධ්‍යම විධාන අණ ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් සඳහන් කළේය.

වෙළඳ නෞකා සිය ගණනක් සහ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 20,000කට අධික සංඛ්‍යාවක් ඉරාන ගැටුම තුළ හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට නොහැකිව සිටින බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (International Maritime Organization) පවසයි.

ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් සුළු වෙලාවකට අනතුරුව නිවේදනයක් නිකුත් කළ එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම්  (United Kingdom Maritime Trade Operations ) ඒජන්සිය, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ වූ ඉන්දන නෞකාවකට යම් ප්‍රහාරයක් එල්ලවී ඇති බව දැන්වීය. නෞකා කාර්ය මණ්ඩලයට ඉන් අනතුරක් නැතැයිද, එම ඒජන්සිය  සඳහන් කළේය.

සිය නෞකා හැරුණු කොට ඉරානය විසින් ගල්ෆ් කලාපයේ යාත්‍රා කරන අන් සියලු නෞකා වෙත බාධා පමුණුවා තිබේ. දෙමසකට අධික කාලයක් තිස්සේ පනවා ඇති එම සම්බාධක හේතුවෙන් ගෝලීය ඉන්දන මිළ තව දුරටත්  සීග්‍රයෙන් ඉහළ යමින් පවතී.

ඉරාන තහනම නොතකා හෝර්මුස් සන්ධිය තරණය කිරීමට පැමිණි නෞකා වෙත ඉරාන හමුදා ප්‍රහාර එල්ල කළ බව ද වාර්තා විය. එමෙන්ම, එහි ගිය   විදෙස් නෞකා කිහිපයක්ම ඉරාන හමුදා භාරයට පත් විය.  පසු ගිය මස, එක්සත් ජනපද හමුදා, ගල්ෆ් කලාපයේ සියලු ඉරාන වරාය වෙත ක්‍රියාත්මක වන පරිදි තහනමක් පැනවීය.

හොර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ආරක්‍ෂිත නෞකා ගමනාගමනය පිණිස ජාත්‍යන්තර සන්ධානයක අවශ්‍යතාව ට්‍රම්ප් පරිපාලනය විසින් අවධාරණය කර තිබේ. එහි නවතම සැලැස්ම, හමුදා සම්බන්ධීකරණය ඔස්සේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාන්විතයක් දියත් කිරීම බව එක්සත් ජනපද මධ්‍යම විධානය දන්වා සිටී.

එක්සත් ජනපදයේ එම මෙහෙයුමට එරෙහි කිනම් ආකාරයේ හෝ සතුරු ක්‍රියාන්විතයකට දැඩි ප්‍රහාර එල්ල කරන බවට ජනපති ට්‍රම්ප් තර්ජනය කළේය.

සාම සාකච්ඡා "හොඳට" කෙරීගෙන යන බව, ඊයේ (3) ඔහු මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

මේ අතර, පාකිස්ථානය මගින් ඉදිරිපත් කළ කරුණු 14කින් යුත් සිය සාම යෝජනාවලියට වොෂින්ටනයේ ප්‍රතිචාර ලද බව ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේය. එහි මුල් අදියරේ දී  ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිලිබඳ සාකච්ඡා නැතැයි දැක්වේ.

එහෙත්, මුල් අදියරේම එම සාකච්ඡා අත්‍යවශ්‍ය බව,  වොෂින්ටනය තරයේ කියා සිටී.

දෙපාර්ශ්වය අතර සාධනීය සාකච්ඡා ප්‍රමාදයට එම මත ගැටුම ප්‍රබල හේතුවකි. දැනටමත් ඉරානය සතු කි.ග්‍රෑ. 400ක පමණ සුපෝෂිත යුරේනියම් සංචිතය ටෙහෙරානය, වහා අතහැර දැමිය යුතු බව වොෂින්ටනය තරයේ කියා සිටී. ඉරානය, එම සුපෝෂිත යුරේනියම්  භාවිතයෙන්  න්‍යෂ්ටික බෝම්බයක් තැනීමට සූදානම් වන බව වොෂින්ටනයේ චෝදනාවය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Iran says it forced US warship back from Strait of Hormuz, US denies missile strike

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...