BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

විජේට සුපිරි ජයක් - ස්ටාලින්ව ගෙදර යවයි

T

The Leader Desk

May 5, 2026 • 4:16 AM

විජේට සුපිරි ජයක් - ස්ටාලින්ව ගෙදර යවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 17 වන තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයෙන් ආසන 108ක් දිනා ගනිමින් දෙමළ සිනමාවේ සුපිරි නළු තලපති විජේගේ 'තමිල්ලගා වෙට්රිද කසාගම්' (TVK) පක්ෂය දැවැන්ත ජයක් ලබා ගෙන තිබේ.
  • මෙම මැතිවරණයේ දී හිටපු මහ ඇමති M.K ස්ටාලින් ගේ, DMK පක්ෂය ආසන 59කට සීමා වෙමින් ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇති අතර AIADMK පක්ෂය ආසන 47ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත් ව තිබේ.
  • විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ TVK පක්ෂය ප්‍රාන්තය පුරා ඡන්ද කෝටි 1.6කට වඩා ලබා ගනිමින් 35%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බවය.
  • කෙසේවෙතත් තමිල්නාඩු ප්‍රාන්තයේ බලය පිහිටුවීම සඳහා එක් පක්ෂයක් විසින් ආසන 118ක් ජයග්‍රහණය කළ යුතු අතර ටී.වී.කේ පක්ෂයට ඒ අනුව බලය පිහිටුවීම සඳහා තවත් පක්ෂයක සහාය ලබාගත යුතු වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


දශක පහකට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනය මෙහෙයවූ ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් ( DMK)  සහ ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් (AIADMK) පක්ෂවල ආධිපත්‍යය බිඳ දැමීමට මෙමගින් ඔහු සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම මැතිවරණයේ දී හිටපු මහ ඇමති M.K ස්ටාලින් ගේ, DMK පක්ෂය ආසන 59කට සීමා වෙමින් ප්‍රධාන විපක්ෂය බවට පත්ව ඇති අතර AIADMK පක්ෂය ආසන 47ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත් ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ TVK පක්ෂය ප්‍රාන්තය පුරා ඡන්ද කෝටි 1.6කට වඩා ලබා ගනිමින් 35%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බවය.

කෙසේවෙතත් තමිල්නාඩු ප්‍රාන්තයේ බලය පිහිටුවීම සඳහා එක් පක්ෂයක් විසින් ආසන 118ක් ජයග්‍රහණය කළ යුතු අතර ටී.වී.කේ පක්ෂයට ඒ අනුව බලය පිහිටුවීම සඳහා තවත් පක්ෂයක සහාය ලබාගත යුතු වේ.

විජේ මහ ඇමති ධුරයට පත්වුවහොත් එන්.ටී. රාමාරාඕගෙන් පසුව මෙවැනි ජයක් අත්කරගත් දෙවන නළුවා ඔහු වනු ඇති බවද විදෙස් මාධ්‍ය දක්වා ඇත.

 
WhatsApp Image 2026 05 05 at 9.18.04 AM

විජේ අනුගමනය කළේ සුවිශේෂී ප්‍රචාරණ උපක්‍රමයක්

2024 වසරේ පක්ෂය ආරම්භ කළ දින සිට විජේ අනුගමනය කළේ සුවිශේෂී ප්‍රචාරණ උපක්‍රමයකි.

ඔහු DMK පක්ෂය සිය දේශපාලන ප්‍රතිවාදියා ලෙසත්, BJP පක්ෂය ප්‍රතිපත්තිමය ප්‍රතිවාදිය ලෙසත් නම් කරමින් සිය මැතිවරණය ව්‍යාපාරය මෙහෙයවා ඇත.
vije thalapathi

මෙම උපක්‍රමය හරහා තරුණ ප්‍රජාව, කාන්තාවන් සහ පළමු වරට ඡන්දය භාවිතා කරන පිරිස් ද ආකර්ෂණය කර ගැනීමට ඔහුට හැකියාව ලැබී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

චෙන්නායි කලාපය ඇතුළු නාගරික ප්‍රදේශවල TVK පක්ෂය විශිෂ්ට ජයක් අත්කර ගෙන ඇති අතර AIADMK පක්ෂයේ බලකොටු ලෙස සැලකෙන කොයම්බුතූර් සහ සේලම් වැනි නගරවලද බලය තහවුරු කර ගැනීමට සමත් වී ඇත.

කෙසේවෙතත් TVK පක්ෂයේ ජයග්‍රහණයට ප්‍රධානම සහ තීරණාත්මක සාධකය වූයේ විජේගේ පෞද්ගලික ජනප්‍රියත්වය වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

බටහිර බෙංගාලයේ ඡන්දෙන් මම්තා බැනර්ජී ට අන්ත පරාජයක් !

මේ අතර බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP ) ආසන 206 ලබාගෙන ජයග්‍රහණය කර තිබේ.

mamata banerjee 010624841 16x9 1
1998 සිට බටහිර බෙංගාලයේ මහ ඇමැති ලෙස කටයුතු කළ මම්තා බැනර්ජීගේ, ඕල් ඉන්දියා ත්‍රිණමූල් කොංග්‍රස් පක්ෂයට හිමිව ඇත්තේ ආසන 80 ක් පමණි.
බටහිර බෙංගාල මැතිවරණය පැවැත්වුයේ ආසන 294 ක් සඳහාය. බහුතරය සඳහා ආසන 148 ක් අවශ්‍ය විය.

BJP පක්ෂය බෙංගාල මැතිවරණයක් දිනන්නේ ඉතිහාසයේ පළමු වතාවටය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...