BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

හෝර්මුස් කලාපයේ නැව් දක්කන ජනපති ට්‍රම්ප්ගේ මෙහෙයුම තාවකාලිකව නවතා දමයි

T

The Leader Desk

May 6, 2026 • 6:01 AM

හෝර්මුස්  කලාපයේ නැව් දක්කන ජනපති ට්‍රම්ප්ගේ මෙහෙයුම තාවකාලිකව නවතා දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිතන්නේ යුද්ධය සෙල්ලමක් කියාද, නොඑසේව, මාර්ගගත බූරු තිප්පොළක් කියාද යන්න විමසුමට වටින්නේය.
  •   හෝර්මුස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති විදෙස් නෞකා ඉන් මුදවා, ආරක්ෂිත තරණය  පිණිස ඔහු  පෙරේදා (4), 'නිදහසේ ව්‍යාපෘතිය' (Project Freedom) නම් හමුදා මෙහෙයුමක් දියත් කළේය.
  • ඉන් කුපිත වූ ඉරානය, සිය තහනම උල්ලංඝනය කරමින් සිදු කළ එම සන්නද්ධ මෙහෙයුමට ප්‍රතිචාර ලෙස එක්සත් අරාබි රාජ්‍යයේ ඉලක්ක වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර දැක්වීය.
  • ඉරානයේ කුඩා ප්‍රහාරක යාත්‍රා හයක් විනාශ කළ බව එක්සත් ජනපද හමුදා කීහ.
අකුරු ප්‍රමාණය (Font Size):


සිංහලෙන් කිවහොත් කොටින්ම, ඔහු දැන් පිස්සු මුත්තෙකි. මේ කියන දේ, මේ වෙනස් කරන්නේය.  

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති විදෙස් නෞකා ඉන් මුදවා, ආරක්ෂිත තරණය  පිණිස ඔහු  පෙරේදා (4), 'නිදහසේ ව්‍යාපෘතිය' (Project Freedom) නම් හමුදා මෙහෙයුමක් දියත් කළේය. ඉන් කුපිත වූ ඉරානය, සිය තහනම උල්ලංඝනය කරමින් සිදු කළ එම සන්නද්ධ මෙහෙයුමට ප්‍රතිචාර ලෙස එක්සත් අරාබි රාජ්‍යයේ ඉලක්ක වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර දැක්වීය. ගල්ෆ් කලාපයේ මෙන්ම, එම සමුද්‍ර සන්ධියේ වූ විදෙස් නෞකා කිහිපයක් ද එම ප්‍රහාර වල ඉලක්ක විය. ඉන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්දන වරයයක් ගිනි ගත්තේය. ඉරානයේ කුඩා ප්‍රහාරක යාත්‍රා හයක් විනාශ කළ බව එක්සත් ජනපද හමුදා කීහ. එහෙත්, ඒවා හමුදා නෞකා නොව,  සිවිල් යාත්‍රා බවත් එම ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් වූයේ සිවිල් නාවිකයින් බවත් ඉරානය කියා සිටියේය.

vw46u6

ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊයේ (5) තවත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හෝර්මුස් හි සිරව පවතින නෞකා මුදා ගැනීම පිණිස දියත් කළ 'නිදහසේ ව්‍යාපෘතිය' හමුදා ක්‍රියාන්විතය තාවකාලිකව නවතන බව දැනුම් දුන්නේය.

"සාම කතා වැඩේ නැගල යනවා. ඒ හින්දා නිදහසේ ව්‍යාපෘතිය ටිකකට නතර කරනවා," ඔහු කීය.

'නිදහසේ ව්‍යාපෘතිය' ප්‍රකාරව,  එක්සත් ජනපද රාජ්‍ය  ලේකම් මාර්ක් රුබියෝ, එම සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නෞකා මුදවා ගැනීමේ හමුදා ප්‍රයත්නය නිවේදනය කළේ  ට්‍රම්ප්ගේ නව  ප්‍රකාශයට පැය කිහිපයකට පෙරය. ගෝලීය ඉන්ධන සහ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවාහනයට  අතිශය තීරණාත්මක හෝර්මුස් සමුද්‍ර සන්ධිය, යුද්ධය ඇරඹි තැන් සිට, විදෙස් නෞකා පිණිස වාචික ප්‍රකාශයකින්  මුළුමනින්  වසා දැමීමට ඉරානය පියවර ගත්තේය. දැන්, ඒ හරහා නෞකා ගමනාගමනයට අවසර ඇත්තේ, ඉරාන විපල්වීය බලකාය සමග සම්බන්ධීකරණයෙන් පමණි. එම සමුද්‍ර සන්ධිය අවහිර කිරීමත් සමග, ගෝලීය ඉන්ධන ප්‍රවාහනයේ 20%ක පමණ සැපයුමට බාධා සිදු වූ අතර එය දැන් ගෝලීය බලශක්ති අර්බුදයක් තෙක් ඔඩු ගිය ගැටලුවකි.

 

rubio ew

"ඉරාන වරාය සහ එම නෞකා වෙත පනවා ඇති අපේ තහනම එසේම තිබියදී, අපි අන්‍යොන්‍ය එකඟතාවකට ඇවිල්ල තියෙනව. ඒ මොකක්ද කියනව නම්, අපි 'ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්' එක ටිකකට නතර කරනව.  ඒ අනුව, අපි බලනව,  නව එකඟතා ගිවිසුම පිලිබඳ අවසන් තීරණයක් ගන්න සහ ඒක අස්සන් කරල දාන්න පුලුවන්ද බැරිද කියන එක," ජනපති ට්‍රම්ප් සමාජ මාධ්‍යයේ  ලියා දැමීය.

අද (6) උදෑසන වන විටත්, ටෙහෙරානයෙන්  ඒ පිලිබඳ කිසිදු නිල ප්‍රතිචාරයක් නොවීය.

ජනපති ට්‍රම්ප්ගේ වැනෙන කතා නිසා, ගෝලීය ඉන්දන මිලද දැන් මොහොතින් මොහොත උච්චාවචනය වන්නේය. ඔහුගේ නවතම ප්‍රකාශයත් සමග එහි  ඉදිරිය, ඇමෙරිකානු ඩොලර් 2.30කින් පහළ වැටුණේය. ඒ අනුව, ඊයේ  ඇමෙරිකානු ඩොලර් 106.42ත් - 114.44ත් අතර දෝලනය වූ බොරතෙල් බැරලයක නව මිල ඩොලර් 100ක් ලෙස සටහන් විය.

 

b46746ye453
එක්සත් ජනපද - ඉරාන සාම කතා බහේ නවතම තතු හෝ ට්‍රම්ප්ගේ 'නිදහසේ ව්‍යාපෘතිය' තාවකාලිකව අත්හිටුවීම කෙතෙක් කලකට දැයි, ධවල මන්දිරය තවමත් නිශ්චිතව පවසා නැත.

කෙසේ වෙතත්, ඊයේ, රුබියෝ සහ එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන් රැසක් තරයේ කියා සිටියේ,  හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනය පාලනයට ඉරානයට කිසිදු ඉඩක් නොතැබිය යුතු බව ය.

හෝර්මුස් ජල ද්‍රෝණියේ බෝම්බ අතුරන බවටත්, තහනම නොතකන විදෙස් නෞකා වෙත, ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරන බවටත්, සහ ක්ෂණික ප්‍රහාරක යාත්‍රා මගින් පහර දෙන බවටත් තර්ජනය කරමින්, ඉරානය විසින් එය වසා දමා ඇත.

ධවල මන්දිරයේ රැස් ව සිටි මාධ්‍යවේදීන්  ඇමතූ රුබියෝ, පෙබරවාරි 28 දා සිට, ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයේ සිදු කළ සභාග ප්‍රහාර  හමුවේ, සිය සන්නද්ධ අරමුණු සාක්ෂාත් කර හමාර බව කියා සිටියේය.

 

ඉරානයට එරෙහි ජනපති ට්‍රම්ප්ගේ සන්නද්ධ ක්‍රියාන්විතයේ, කේන්ද්‍රීය  අරමුණ වන්නේ කිසිදු අයුරකින් එරට සතුව  න්‍යෂ්ටික අවියක් නොවිය යුතුය යන්නය. කෙසේ වෙතත්, ඉරානය සතු බවට පැවසෙන සුපෝෂිත යුරේනියම් රාත්තල් 900ක ප්‍රමාණය, වොෂින්ටනයේ අණට යටත්ව, භාර දීමට ඉරානය තවමත් අපොහොසත් ව සිටී.

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ එක්සත් ජනපද හමුදා ආරක්ෂාව තර කළ, නව ප්‍රවේශ මාවතක් ඔස්සේ,  ආරක්ෂිතව එය තරණය කිරීමට විදෙස් වෙළඳ නෞකා සිය ගණනක් පෙළ සැදී ඇතැයි, එරට ආරක්ෂක ලේකම්, පීට් හෙග්සෙත් ඊයේ පැවසීය. සති හතරක සටන් විරාමය තවම අවසන්  නැතැයි ද ඔහු දන්වා සිටියේය.

සටන් විරාමය උල්ලංඝනය කිරීමට ඉරානය කුමක් කළ යුතු දැයි ජනපති ට්‍රම්ප්ගෙන් අසූ පැනයකට පිළිතුරු දුන් ඔහු, කුමක් නොකළ යුතු  දැයි ඉරානය දන්නා බව පැවසීය.

etbw5tte53
සඳුදා (4), විදෙස් වෙළඳ නෞකා දෙකක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආරක්ෂිතව තරණය කළ බව එක්සත් ජනපද හමුදා කීහ. එක්සත් ජනපද ධජය යටතේ    යාත්‍රා කෙරෙන මර්ස්ක් නැව් සේවයට අයත් 'එලායන්ස් ෆෙයාර්ෆැක්ස්' නෞකාව එක්සත් ජනපද හමුදා ආරක්ෂාව යටතේ එදින හෝර්මුස් සන්ධිය සාර්ථකව තරණය කර ගල්ෆ් කලාපයෙන් බැහැර වූ  බව, එම නැව් සේවාව දැනුම් දුන්නේය.  

එහෙත්,  කිසිදු නෞකාවක් එම සමුද්‍ර සන්ධිය තරණය නොකළ බව, එම සියලු ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් ඉරානය කියා සිටියේය.

පාකිස්ථාන රජයේ මැදිහත් වීමෙන් ඉරාන - එක්සත් ජනපද සාම සාකච්ඡා සාර්ථකව ඉදිරියට ඇදෙන බව,  ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි විසින් තහවුරු කර තිබේ.

චීන විදේශ අමාත්‍යවරයා සමග ද්වීපාර්ශවීය, කලාපීය සහ ජාත්‍යන්තර සංවර්ධන සාකච්ඡා පිණිස ඔහු අද බේයිජිඞ් නුවරට පැමිණියේය. ජනපති ට්‍රම්ප්ද මෙම මස එහි 'සැපත්' වීමට නියමිත ය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Trump pauses effort to escort ships in Strait of Hormuz, citing deal progress

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...