BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

චීන-ඉරාන විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡා

T

The Leader Desk

May 6, 2026 • 1:44 PM

චීන-ඉරාන විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන විදේශ ඇමති වං යී ඉරාන විදේශ ඇමති Seyed Abbas Araghchi හමු වුණා. ඒ අද (6) බෙයිජිං හිදී.
  • මේ වසරේ දෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 55වැනි සංවත්සරය නිමිති කරගෙන ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ඉදිරියට ගෙන යාමට ඉරානය කැමති බව ද Seyed Abbas Araghchi වැඩිදුරටත් සඳහන් කළා.
  • ඉරාන තත්ත්වය පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි කරමින් චීන විදේශ ඇමතිවරයා එහිදී පෙන්වා දුන්නේ ඉරාන-ඇමරිකා යුද ගැටුම වහාම නතර කළ යුතු අතර සටන් විරාමය සඳහා සාකච්ඡා පැවැත්විය යුතු බවයි.
  • ඉරානයට සිය ජාතික ස්වාධිපත්‍යය හා ආරක්ෂාව රැකගැනීමටත් රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් ගැටුම නිරාකරණය කිරීමටත් චීනය සහාය ලබා දෙන බව හෙතෙම පැවසුවා.    ගල්ෆ් කලාපයේ හා මැදපෙරදිග රටවල් සිය ඉරණමේ තීරකයා විය යුතු බව චීන විදේශ ඇමතිවරයා අවධාරණය කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරාන විදේශ ඇමතිවරයා එහිදී ඉරාන-ඇමරිකා සාම සාකච්ඡාවන්හි නවතම තත්ත්වය හා ඉරාන ස්ථාවරය පිළිබඳව චීන පාර්ශ්වයට පැහැදිලි කළා. 

 
සිය ජාතික ස්වාධිපත්‍යය හා ගෞරවය රැක ගනිමින් සාමකාමී අයුරින් යුද ගැටුමට පූර්ණ හා දිගුකාලීන විසඳුමක් ලබාදීමට ඉරානය උත්සාහ දරමින් සිටිනවා. එම යුද ගැටුම නිරාකරණය සඳහා චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සිව්වැදෑරුම් යෝජනා පිළිගන්නා බවත්, චීනය ගැටුම නිරාකරණය වෙනුවෙන් සක්‍රිය කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්,  ඉරාන විදේශ ඇමතිවරයා සඳහන් කර තිබෙනවා. 
 
චීනය ඉරානයේ පූර්ණ උපාය මාර්ගික හවුල්කරුවෙක්. එමෙන්ම ඉරානය එකම චීනය ප්‍රතිපත්තිය සැමවිටම අනුගමනය කරනවා. මේ වසරේ දෙරට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමේ 55වැනි සංවත්සරය නිමිති කරගෙන ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ඉදිරියට ගෙන යාමට ඉරානය කැමති බව ද Seyed Abbas Araghchi වැඩිදුරටත් සඳහන් කළා.

ඉරාන තත්ත්වය පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි කරමින් චීන විදේශ ඇමතිවරයා එහිදී පෙන්වා දුන්නේ ඉරාන-ඇමරිකා යුද ගැටුම වහාම නතර කළ යුතු අතර සටන් විරාමය සඳහා සාකච්ඡා පැවැත්විය යුතු බවයි. ඉරානයට සිය ජාතික ස්වාධිපත්‍යය හා ආරක්ෂාව රැකගැනීමටත් රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් ගැටුම නිරාකරණය කිරීමටත් චීනය සහාය ලබා දෙන බව හෙතෙම පැවසුවා. 
 
ගල්ෆ් කලාපයේ හා මැදපෙරදිග රටවල් සිය ඉරණමේ තීරකයා විය යුතු බව චීන විදේශ ඇමතිවරයා අවධාරණය කළා. ඉරානය සෙසු ගල්ෆ් රටවල් සමග සංවාද පවත්වමින් සුහදතාව වැඩි කරනු ඇතැයි චීනය අපේක්ෂා කරනවා. එසේ ම ඉරානය සමග ‍දේශපාලන විශ්වාසය තහවුරු කරමින් විවිධ ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව ඉදිරියට ගෙන යාමට චීනය කැමති බව ද වං යී විදේශ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...