BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

හංගේරියාවේ මාධ්‍ය දැවැන්තයකුගේ වත්කම් අත්හිටුවේ

T

The Leader Desk

May 6, 2026 • 3:29 PM

හංගේරියාවේ මාධ්‍ය දැවැන්තයකුගේ වත්කම් අත්හිටුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හංගේරියාවේ මාධ්‍ය දැවැන්තයෙකුට එරෙහි විමර්ශන ඇරඹේ. ඒ අනුව, තවත් දෙදිනකින් ධුරයෙන් ඉවත් වන අග්‍රාමාත්‍ය වික්ටර් ඔර්බන්
  • ඔහු සතු සමාගම් සහ ආයෝජන කිහිපයක්  නව රජය වෙත පවරා දීමට තීරණය කර ඇතැයි බලෂි ඊයේ (5), දන්වා සිටියේය.
  • නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන්නේ අප්‍රේල් මස මැතිවරණය ජය ගත් පේටර් මජාර්  (Peter Magyar) ය.
  • සිය ව්‍යාපාර නව රජයට පවරන්නේ සඟවන්නට යමක් ඇති නිසාවෙන් හෝ, සාවද්‍ය හෝ අනීතික යමක් සිදු කර ඇති නිසාවෙන් හෝ නොව, එම බොහෝ සමාගම්වලට අයත් ව්‍යාපාර ගිණුම්, සඳුදා (4) සිට නව රජය මගින් අතිහිටුවීමට පියවර ගෙන ඇති නිසා බව බලෂි පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

(Viktor Orban) යටතේ ආකර්ශනීය කොන්ත්‍රාත් රැසක් දිනා ගත් එරට මුල් පෙළ මාධ්‍ය හිමිකරුවකු වන ඩ්යූලා බලෂි (Gyula Balasy) ට එරෙහිව නව රජය විසින් මහජන මුදල් අවභාවිතය සහ මුදල් විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත ය.

දශකයකට අධික කාලයක් ඔහු ජනපති ඔර්බන්ගේ මැතිවරණ ව්‍යාපාර සැලසුම් භාරව කටයුතු කළේය. ඔහු සතු සමාගම් සහ ආයෝජන කිහිපයක්  නව රජය වෙත පවරා දීමට තීරණය කර ඇතැයි බලෂි ඊයේ (5), දන්වා සිටියේය. නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන්නේ අප්‍රේල් මස මැතිවරණය ජය ගත් පේටර් මජාර්  (Peter Magyar) ය.

සිය ව්‍යාපාර නව රජයට පවරන්නේ සඟවන්නට යමක් ඇති නිසාවෙන් හෝ, සාවද්‍ය හෝ අනීතික යමක් සිදු කර ඇති නිසාවෙන් හෝ නොව, එම බොහෝ සමාගම්වලට අයත් ව්‍යාපාර ගිණුම්, සඳුදා (4) සිට නව රජය මගින් අතිහිටුවීමට පියවර ගෙන ඇති නිසා බව බලෂි පැවසීය.

නව අග්‍රාමාත්‍යවරයාගේ මධ්‍ය-දක්ෂිණාංශික පක්ෂය මුල්ව,  ඔර්බන් අග්‍රාමාත්‍යවරයාව  පසු ගිය මස මැතිවරණයෙන්  පරාජය කරන්නේ වසර 16කට පසුව ය. මජාර්, ලබන 9 වන දා නව අග්‍රාමාත්‍යවරයා ලෙස ධුරයේ දිවුරුම් දීමට නියමිත ය. දූෂණයට එරෙහි  දැඩි පියවර ගන්නා බවටත්, සොරකම් කරන ලද රාජ්‍ය දේපළ යළි අත්පත් කරගන්නා  බවටත් ඔහු සිය මැතිවරණ ව්‍යාපාරයේ පොරොන්දුව ඇත.

ඔර්බන් අග්‍රාමාත්‍යවරයාගේ සමීප හිතවතකුට අයත් මූල්‍ය වත්කම් විදෙස් ගිණුම් වෙත හුවමාරු කිරීම හංගේරියානු දේශීය ආදායම්  පාලන බලධාරීන් විසින් අත්තිටුවා ඇතැයි මජාර් පසු ගිය දා පැවසීය.

එවැනි තැනැත්තකුට එරෙහිව මහජන අරමුදල් අවභාවිතය සහ මුදල් විශුද්ධිකරණය යටතේ එරට දේශීය ආදායම්  අධිකාරියේ විශේෂ ඒකකය විමර්ශනයක් අරඹා ඇතැයි හංගේරියානු පොලිසිය ද  ඊයේ තහවුරු කළේය.

ඔර්බන් ගේ යුක්‍රේන විරෝධී මැතිවරණ ව්‍යාපාරය සැලසුම් කරන ලද්දේ බලෂි ගේ ව්‍යාපාර සමූහය විසිනි. ඒ අනුව, මෙවර මනාපය,  යුද්ධය සහ සාමය අතර තේරීමකැයි යන තේමාව ද ඇතුළත්ව, අප්‍රේල් මැතිවරණ  සටන සැලසුම් කෙරිණි. මීට පෙරද, ඔහු සැලසුම් කළ ආගමන - විරෝධී මැතිවරණ ව්‍යාපාරය ජය ගැනීමෙන් අනතුරුව,  ඔර්බන් රජයේ ජාතික සන්නිවේදන කාර්යාලය හරහා වාසි සහගත කොන්ත්‍රාත් සියයකට අධික සංඛ්‍යාවක් 'නිකම්ම' දිනා ගැනීමට බලෂි සමත් විය.

2019 - 2021 වකවානුවේ පමණක් ඔහුට අයත්  ලෝන්ජ් ඩිසයින් (Lounge Design), නිව් ලෑන්ඩ් මීඩියා (New Land Media) සහ  මීඩියා ඩයිනැමික්ස් (Media Dynamics) යන සමාගම්,  ඇමෙරිකානු ඩොලර් මිලියන 960.38 ක රාජ්‍ය කොන්ත්‍රාත් දිනා ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටෙර්නැෂනල් (Transparency International) ආයතනය කියයි. එම බහුතර කොන්ත්‍රාත්තු ඔර්බන්ගේ මැතිවරණ ව්‍යාපාරය භාරව සිටි ජාතික සන්නිවේදන කාර්යාලය විසින් පිරිනමා තිබේ.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Hungary police freeze assets, accounts in probe of Orban-era media mogul


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...