BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

චීන නිලධාරීන්ට අල්ලස් හා දූෂණ චෝදනා මත දඬුවම්

T

The Leader Desk

May 8, 2026 • 8:27 AM

චීන නිලධාරීන්ට අල්ලස් හා දූෂණ චෝදනා මත දඬුවම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන පෙරදිග ගුවන් සේවා සමූහයේ (China Eastern Airlines Group) හිටපු සභාපතිවරයකුට එරෙහිව අල්ලස් සහ මූල්‍ය අපරාධ චෝදනා යටතේ අධිකරණයේ නඩු පැවරේ. චීන රජයේ, දූෂණයට එරෙහිනවතම ක්‍රියාන්විතය යටතේ එම පියවර ගෙන තිබේ.
  • ලියෝ ෂාහව්යඞ් චීන පෙරදිග ගුවන් සේවා සමූහයේ හිටපු සභාපති ලියෝ ෂාහව්යඞ් හට එල්ල වී ඇති චෝදනා අතර මිත්‍ර සංග්‍රහය මත තනතුරු සහ වරප්‍රසාද අවභාවිතය, මුදල් සහ වෙනත් වටිනා භාණ්ඩ අල්ලස් වශයෙන් ලබා ගැනීම ද වේ.
  • 2012 වසරේ ෂී ජින්පිංග්, එරට නායකත්වයට පත්වීමෙන්  අනතුරුව නිලධාරී තලයේ ඉහළ සිට පහළ  තෙක් ආවරණය වන පරිදි  මෙම දූෂණ  විරෝධී ව්‍යාපෘතිය ආරම්භ  කෙරිණි.
  • රාජ්‍ය මුදල් අවභාවිතය, බැංකු ණයකර, රාජ්‍ය  සමාගම් සතු දේපළ සහ වත්කම්, යටිතල පහසුකම් වියදම් සහ දේශීය රාජ්‍ය සම්පත් පිලිබඳ එහි වැඩි අවධානය යොමු කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

දූෂණ චෝදනා යටතේ, එරට හිටපු ආරක්ෂක ආමාත්‍යවරුන් දෙදෙනකු වන වේ ෆන්හේ සහ ලී ෂන්ග්ෆු ට ද දෙවසරක අත්තිටවූ  යටත්ව මරණීය දණ්ඩනය නියම විය.

69fd5546a310d68600fd07d8ලියෝ ෂාහව්යඞ්

චීන පෙරදිග ගුවන් සේවා සමූහයේ හිටපු සභාපති ලියෝ ෂාහව්යඞ් හට එල්ල වී ඇති චෝදනා අතර මිත්‍ර සංග්‍රහය මත තනතුරු සහ වරප්‍රසාද අවභාවිතය, මුදල් සහ වෙනත් වටිනා භාණ්ඩ අල්ලස් වශයෙන් ලබා ගැනීම ද වේ. ඉකුත් ජනවාරි මස ඔහු චීන  කොමියුනිස්ට් පක්ෂයෙන් ද නෙරපා හැරිණි.

2012 වසරේ ෂී ජින්පිංග්, එරට නායකත්වයට පත්වීමෙන්  අනතුරුව නිලධාරී තලයේ ඉහළ සිට පහළ  තෙක් ආවරණය වන පරිදි  මෙම දූෂණ  විරෝධී ව්‍යාපෘතිය ආරම්භ  කෙරිණි. රාජ්‍ය මුදල් අවභාවිතය, බැංකු ණයකර, රාජ්‍ය  සමාගම් සතු දේපළ සහ වත්කම්, යටිතල පහසුකම් වියදම් සහ දේශීය රාජ්‍ය සම්පත් පිලිබඳ එහි වැඩි අවධානය යොමු කෙරේ.

එරට කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු සහ බෑන්ක් ඔෆ් කොමියුනිකේෂන් හි උප සභාපති වශයෙන් කටයුතු කළ, හෝ වේදොඞ් ද බරපතල විනය විරෝධී ක්‍රියා සහ නෛතික විෂමාචාර හේතුවෙන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ බව ඊයේ (7) නිවේදනය කෙරිණි.  

 

ho
අනීතික ලෙස භාණ්ඩ, මුදල් සහ පාරිභෝගික කාඩ් පත් තිලිණ වශයෙන් ලබා ගැනීම, සේවා ලාභීන් සහ කළමනාකරණයෙන් අධික ණය මුදල් ලබා ගැනීම මෙන්ම අන්‍යයින් වෙතින් වියදම් පියවා ගැනීම වැනි චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔහුට එරෙහි පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

එම සමාන හේතුන් මත, චීන මහජන  දේශපාලන උපදේශක සමුළු  ෂින්ජියඞ් උයිගුර් ස්වයං පාලන කලාප භාර හිටපු උප සභාපතිවරයකු වන,  ජින් ෂිසෙන් ද  පසුගිය දා පක්ෂයෙන් නෙරපා හැරුණු අතර වැඩ තහනමට ද ලක් කෙරිණි. එම සමුළුවටම අයත් අන්හුයි පළාත් කමිටුවේ හිටපු උප සභාපතිවරයකු වන, ජෝ ෂියන් ට ද අධිකරණය  දෙවසරක අත්හිටවූ මරණ දඬුවම් පැනවීය.  යුවාන් මිලියන 134ක හෙවත්, ඇමෙරිකානු ඩොලර් 20කට අධික මුදල් සහ වටිනා භාණ්ඩ අල්ලස් වශයෙන් ලබා ගැනීම ඔහුට එරෙහි චෝදනා වේ.  

 

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Former China Eastern Airlines chairman indicted on bribery charges

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චීන නිලධාරීන්ට අල්ලස් හා දූෂණ චෝදනා මත දඬුවම් | The Leader