BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

විජේ බහුතරය දිනා ගනී !

T

The Leader Desk

May 8, 2026 • 3:04 PM

විජේ බහුතරය දිනා ගනී !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිවරයා බවට පත්වීම සඳහා අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාව තහවුරු කර ගැනීමට,
  • ඔහු අද (08) එරට වෙලාවෙන් සවස 6.00ට පමණ තමිල්නාඩු ප්‍රාන්තයේ ආණ්ඩුකාර ආර්.වී.
  • අර්ලේකර් හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර හෙට (09) උදෑසන 11.00ට පමණ මහ ඇමති ලෙස දිවුරුම් දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එරට මාධ්‍ය වාර්තා කර ඇත.
  • ඔවුන් තම මංගල මැතිවරණයේදීම ආසන 234කින් 108ක් දිනා ගනු ලැබුවේ, වසර 62කට ආසන්න කාලයක් තමිල්නාඩුව පාලනය කළ DMK සහ AIADMK පක්ෂ ඒකාධිකාරය බිඳ හෙළමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රකට නළු තලපති විජේ මේ වන විට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔහු අද (08) එරට වෙලාවෙන් සවස 6.00ට පමණ තමිල්නාඩු ප්‍රාන්තයේ ආණ්ඩුකාර ආර්.වී. අර්ලේකර් හමුවී සාකච්ඡා කිරීමට නියමිත අතර හෙට (09) උදෑසන 11.00ට පමණ මහ ඇමති ලෙස දිවුරුම් දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එරට මාධ්‍ය වාර්තා කර ඇත.

විජේගේ 'තමිළග වෙට්ට්‍රි කළගම්' (TVK) පක්ෂය පසුගිය මාසයේ පැවැති මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීය.

ඔවුන් තම මංගල මැතිවරණයේදීම ආසන 234කින් 108ක් දිනා ගනු ලැබුවේ, වසර 62කට ආසන්න කාලයක් තමිල්නාඩුව පාලනය කළ DMK සහ AIADMK පක්ෂ ඒකාධිකාරය බිඳ හෙළමිනි.

කෙසේවෙතත් තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විජේට දැනුම් දී තිබුණේ ආසන 118ක බහුතරයක් අවශ්‍ය සභාවක, ආසන 113ක් සහිතව රජයක් පවත්වාගෙන යාමට නොහැකි බවය.

ඒ වන විට විජේ සතුව තිබුණේ ආසන 108ක් පමණක් වන අතර රජයක් පිහිටුවීමට නම් ඔහුට අවශ්‍ය ස්ථාවර බහුතරය සපුරා ගැනීමට සිදුවන බවද ආණ්ඩුකාරවරයා දැනුම් දී ඇත.

ඒ අනුව DMK සන්ධානයෙන් ඉවත් වූ ඉන්දීය කොංග්‍රස් පක්ෂය, විජේ වාර්ගික පක්ෂ භාරතීය ජනතා පක්ෂය සමඟ සන්ධාන ගතවීමෙන් වැළැකිය යුතු යන කොන්දේසිය මත ආසන පහක සහා ලබාදීමට එකඟතාව පළ කර තිබේ.

අනතුරුව VCK, CPI(M) සහ CPI යන පක්ෂ සමඟ පැවැති සාකච්ඡාවලින් පසුව එම පක්ෂ ද විජේට සහාය පළ කිරීමට එකඟ වී ඇත.

කෙසේ වෙතත් මෙම පක්ෂ සියල්ලම මීට පෙර එම්. කේ ස්ටාලින්ගේ DMK පක්ෂයේ හිතවාදීන් වීමත් විශේෂත්වයකි.

ඒ අනුව මේ වනවිට විජේ සතු මුළු ආසන සංඛ්‍යාව 121 දක්වා ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස VCK සහ වාමාංශික පක්ෂවලට කැබිනට් අමාත්‍ය ධුර හිමිවනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් කර තිබේ.

| adaderana

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...