BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාල ප්‍රාන්ත රජය බාරගනී !

T

The Leader Desk

May 9, 2026 • 3:20 PM

භාරතීය ජනතා පක්ෂය බටහිර බෙංගාල ප්‍රාන්ත රජය බාරගනී !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ දේශපාලන ඉතිහාසය අලුතින් ලියමින්, එරට ප්‍රථම භාරතීය ජනතා පක්ෂ (BJP) ප්‍රාන්ත රජය
  • කොල්කටාහි සුප්‍රකට බ්‍රිගේඩ් පරේඩ් (Brigade Parade) පිටියේදී පැවැති අභිමානවත් උත්සවයකදී, බටහිර බෙංගාලයේ නව මහ ඇමතිවරයා ලෙස සුවෙන්දු අධිකාරි (Suvendu Adhikari) ආණ්ඩුකාර ආර්.එන්.
  • වසර 15ක මමතා බැනර්ජි ගේ පාලනය අවසන් කරමින් පසුගියදා පැවැති ප්‍රාන්ත මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ආසන 294කින් ආසන 207ක දැවැන්ත බහුතරයක් දිනා ගැනීමට සමත් විය.
  • බටහිර බෙංගාලයේ තෘණමූල් කොංග්‍රසයට හිමිවූයේ ආසන 80ක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

අද (09) පෙරවරුවේ බලයට පත් විය.

කොල්කටාහි සුප්‍රකට බ්‍රිගේඩ් පරේඩ් (Brigade Parade) පිටියේදී පැවැති අභිමානවත් උත්සවයකදී, බටහිර බෙංගාලයේ නව මහ ඇමතිවරයා ලෙස සුවෙන්දු අධිකාරි (Suvendu Adhikari) ආණ්ඩුකාර ආර්.එන්. රවී ඉදිරියේ දිවුරුම් දුන්නේය.

වසර 15ක මමතා බැනර්ජි ගේ පාලනය අවසන් කරමින් පසුගියදා පැවැති ප්‍රාන්ත මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ආසන 294කින් ආසන 207ක දැවැන්ත බහුතරයක් දිනා ගැනීමට සමත් විය. බටහිර බෙංගාලයේ තෘණමූල් කොංග්‍රසයට හිමිවූයේ ආසන 80ක් පමණි.

මෙම දිවුරුම් දීමේ අවස්ථාව සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද එක්ව සිටි අතර, එය ලෝකපූජිත රබීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ 165 වන ජන්ම දිනය (පොචිෂේ බෝයිෂාක්) යෙදෙන අද වැනි දිනක පැවැත්වීම ද විශේෂත්වයකි.

නව මහ ඇමතිවරයා සමඟ අමාත්‍යවරුන් ලෙස දිලිප් ගෝෂ්, අග්නිමිත්‍රා පෝල්, නිසිත් ප්‍රමාණික්, අශෝක් කීර්තනියා සහ ක්ෂුදිරාම් ටුඩු යන ද දිවුරුම් දුන්හ.

දිවුරුම් දීමෙන් අනතුරුව ජනතාව ඇමතූ මහ ඇමති සුවෙන්දු අධිකාරි ප්‍රකාශ කළේ, "සෝනාර් බංග්ලා" හෙවත් රන්වන් බෙංගාලයක් ගොඩනැගීමේ අභියෝගය තමා භාර ගන්නා බවයි.


| News 1st

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...