BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

ජෝෂප් විජෙයි තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දෙයි

T

The Leader Desk

May 10, 2026 • 10:41 AM

ජෝෂප් විජෙයි තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජෝෂප් විජෙයි තමිල්නාඩු මහ ඇමතිවරයා ලෙස අද (10) දිවුරුම් දුන්නේ ය.
  • ඒ අනුව තමිල්නාඩුවේ නව මහ ඇමති විජයිගේ මූලිකත්වයෙන් කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් නව දෙනෙකුගෙන් සමන්විත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
  • ආසන 234 කින් සමන්විත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 108 ක් ලබා ගැනීමට ජෝෂප් විජේගේ 'තමිලග වෙට්ට්‍රි කළගම්'  (TVK) පක්ෂය සමත් වූ අතර, එය බහුතරය සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා ආසන 10 ක් අඩුවීම කාගේත් අවධානයට ලක් විය.
  • කෙසේ වෙතත් එහිදී ඔහුට තවත් සහය අවශ්‍ය බවට උපදෙස් ලැබීමෙන් අනතුරුව  DMK පක්ෂය සමඟ සන්ධානගතව තරඟ කළ CPI සහ CPI(M) පක්ෂ ද ඔහුට සහය දීමට එකඟතාවය පල කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අර්ලේකර් ඉදිරියේදී ය.

ඒ අනුව තමිල්නාඩුවේ නව මහ ඇමති විජයිගේ මූලිකත්වයෙන් කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් නව දෙනෙකුගෙන් සමන්විත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Vijay s 260510

මෙම මූලික කැබිනට් මණ්ඩලය මගින් දේශපාලන අත්දැකීම්, තරුණ නියෝජනය, තාක්ෂණික විශේෂඥයන් නියෝජනය කිරීමට විජයි උත්සාහ කර තිබේ.

එමෙන්ම පක්ෂයේ ආරම්භයේ සිට ඔහු සමග සිටි ඔහුගේ ප්‍රධාන කණ්ඩායමේ සාමාජිකයන්ට ද ඔහු ප්‍රමුඛත්වයක් ලබා දී තිබුණි.

චෙන්නායි හි නේරු ශ්‍රවණාගාරයේ පැවැත්වූ එම දිවුරුම් දීමේ උත්සවයට කොන්ග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුල් ගාන්ධිද සහභාගි වී තිබුණි.

තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලනය උඩුයටිකුරු කරයි

 

v6u56v56yhh
පසුගිය සඳුදා තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ අතර එහිදී තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලනය උඩුයටිකුරු කරමින් දශක හයකට ආසන්න කාලයක් තිස්සේ පැවති DMK සහ AIADMK යන ද්‍රවිඩ පක්ෂ දෙකේ ඒකාධිකාරය බිඳ දැමීමත් විශේෂත්වයකි.

ආසන 234 කින් සමන්විත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 108 ක් ලබා ගැනීමට ජෝෂප් විජේගේ 'තමිලග වෙට්ට්‍රි කළගම්'  (TVK) පක්ෂය සමත් වූ අතර, එය බහුතරය සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා ආසන 10 ක් අඩුවීම කාගේත් අවධානයට ලක් විය.  

ඒ අනුව මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගෙන් යුත් තමින්ලාඩු කොංග්‍රස් පක්ෂයේ (තමිල්නාඩු කොංග්‍රසය යනු, ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ තමිල්නාඩු නියෝජනයයි) සහය ලබා ගැනීමෙන් පසු විජෙයි බදාදා ආණ්ඩුකාර රාජේන්ද්‍ර අර්ලේකර් හමුවී රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

කෙසේ වෙතත් එහිදී ඔහුට තවත් සහය අවශ්‍ය බවට උපදෙස් ලැබීමෙන් අනතුරුව  DMK පක්ෂය සමඟ සන්ධානගතව තරඟ කළ CPI සහ CPI(M) පක්ෂ ද ඔහුට සහය දීමට එකඟතාවය පල කර තිබුණි.

ඒ අනුව තවත් මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු එකතු වුවද  එයද බහුතරය පිහිටුවීමට ප්‍රමාණවත් නොවිය.

කෙසේ වෙතත් ඊයේ දිනයේ VCK පක්ෂය සිය මන්ත්‍රීවරුන් දෙදෙනාගේ කොන්දේසි විරහිත සහයෝගය ලබා දීමට එකඟ වීමත් සමග විජෙයිට අවශ්‍ය වූ සමස්ත මන්ත්‍රී ධූර 118 සම්පූර්ණ වී තිබේ.

එසේම DMK මිත්‍ර පක්ෂයක් වන ඉන්දීය යූනියන් මුස්ලිම් ලීගය ද සහය පළ කර තිබූ අතර ඒ අනුව විජයිගේ සන්ධානය මන්ත්‍රීවරුන් 120 ක සුරක්ෂිත බහුතරයක් ලබා ගැනීමට සමත් විය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...