BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

සාම යෝජනාවලිය ගැන ඉරාන ප්‍රතිචාරය ජනපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

T

The Leader Desk

May 11, 2026 • 12:04 PM

සාම යෝජනාවලිය ගැන ඉරාන ප්‍රතිචාරය ජනපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය වෙත ඉරාන ප්‍රතිචාරය, ජනපති ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
  • එක්සත් ජනපද - ඉරාන සටන් විරාමයට මේ වන විට සති 10ක් ගතවී ඇත.
  • නව තත්ත්වය හමුවේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වෙත පනවා ඇති ඉරාන සම්බාධක අඛණ්ඩව  ක්‍රියාත්මක ය.
  • එක්සත් ජනපද සාම යෝජනාවලියට ඊයේ (10), සිය ප්‍රතිචාරය පළ  කළ ඉරානය, සාකච්ඡා යළි ආරම්භය පිණිස සියලු පෙරමුණු හි එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාර නිත්‍ය ලෙස අවසන් කළ යුතු බව දැන්වීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සමග අද (11) ගෝලීය ඉන්දන මිල තවත්  ඉහළ ගියේය. එක්සත් ජනපද - ඉරාන සටන් විරාමයට මේ වන විට සති 10ක් ගතවී ඇත. නව තත්ත්වය හමුවේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වෙත පනවා ඇති ඉරාන සම්බාධක අඛණ්ඩව  ක්‍රියාත්මක ය.

එක්සත් ජනපද සාම යෝජනාවලියට ඊයේ (10), සිය ප්‍රතිචාරය පළ  කළ ඉරානය, සාකච්ඡා යළි ආරම්භය පිණිස සියලු පෙරමුණු හි එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාර නිත්‍ය ලෙස අවසන් කළ යුතු බව දැන්වීය. විශේෂයෙන්, ලෙබනනයේ ඉරාන හිතවාදී හිස්බුල්ලා සංවිධානය වෙත එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාර වහා අවසන් කළ යුතු බව එහි දැක්වේ.  යුද හානි පූර්ණය පිණිස  ඉරානය වෙත  වන්දි ගෙවිය යුතු බවද ටෙහෙරානයේ තීරණය ය. හෝර්මුස් සමුද්‍ර සන්ධිය පිලිබඳ ඉරානයේ ස්වෛරී භාවය ද එම ප්‍රතිචාරය ඔස්සේ  වැඩි දුරටත් අවධාරණය  කර තිබේ.

එක්සත් ජනපද යෝජනාවලිය පිලිබඳ ඉරාන ප්‍රතිචාරය නිවේදනය කළ එරට තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය, එක්සත් ජනපදය විසින් ඉරානය මත පනවා ඇති  නාවුක තහනම අවසන්  කළ යුතු බවට, තව දුරටත් ප්‍රහාර නොදක්වන බව තහවුරු කළ යුතු බවට සහ සියලු සම්බාධක ඉවත් කර, ඉරාන ඉන්දන අලෙවියට එරෙහි  තහනම අත්හිටවිය යුතු බවට ද නිවේදනය කළේය.

පැය කිහිපයකින් අනතුරුව, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්,  සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ එම සියලු ප්‍රතිචාර තරයේ ප්‍රතික්ෂේප කරන බව දැන්වීය.

v5vt545
"ඕකට මගේ කිසිම කැමැත්තක් නෑ, - කිසි ලෙසකින්වත් පිළිගත නොහැකියි," ඔහු සිය ටෘත් සමාජ ගිණුමේ  සටහන් තැබීය.

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ හා තවත් මතභේදාත්ත්මක කරුණු පිලිබඳ සාකච්ඡාවන්ට ප්‍රථම, ගැටුම් නතර කිරීම පිලිබඳ එක්සත් ජනපද යෝජනාවලියට ද ඇතුළත් විය.

කෙසේ වෙතත්, නවතම ගැටලුකාරී තත්ත්වය  හමුවේ, අද බොරතෙල් බැරලය ඇමෙරිකානු ඩොලර් 4කින් මිල ඉහළ ගියේය.

එක්සත් ජනපද ජනපති විසින් ඉරාන ප්‍රතිචාරය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව සිදු කිරීමට නියමිත,  කිසිදු ඉදිරි රාජ්‍යතාන්ත්‍රික හෝ සන්නද්ධ ක්‍රියාන්විතයක් පිලිබඳ මෙතෙක් කරුණු අනාවරණය  වී නැත.

ජනපති ට්‍රම්ප් බදාදා (13) චීනයේ සංචාරයක නිරතවේ. ඔහු සහ  චීන ජනපති ෂී ජින්පිංග් අතර සාකච්ඡා හි  ඉරානය ප්‍රධාන මාතෘකාවකි. ටෙහෙරානය එකඟතා පූර්ව ගිවිසුමක් වෙත යොමු කර ගැනීම පිණිස චීනයේ බලපෑම දැඩි කරන ලෙස ව්‍යංගයෙන් ඉල්ලා සිටීම ඔහුගේ අපේක්ෂාවය.

ඉරානය පරාජිත බවත්, එහෙත්, ඔවුන් හෙම්බත් කර අවසන් යැයි  ඉන් අදහස් නොකෙරෙන බවත් ජනපති ට්‍රම්ප් ඊයේ පැවසීය.

ඉරානය සතු සුපෝෂිත යුරේනියම් සංචිත ඉන් ඉවත් කර නොමැති පසුබිමෙක යුද්ධය අවසන් නැතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු කීය. තව ද, ඉරානය සතු යුරේනියම් පෝෂණ මධ්‍යස්ථාන අක්‍රීය කළයුතු බවත්, ඉරාන හිතවාදී කණ්ඩායම් සහ බැලස්ටික් මිසයිල වැඩසටහන නිෂ්ක්‍රීය  කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

 

z4
රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදයක් ඔස්සේ ඉරානය සතු සුපෝෂිත යුරේනියම් සංචිත ඉවත් කිරීමට කටයුතු කිරීම  වඩාත් සුදුසු  බව ද ඔහු සඳහන් කළේය. එහෙත්, බලය යොදා එම පියවර ක්‍රියාත්මක කිරීමේ අදහස ද ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කර නැතැයි ඔහු කියා සිටියේය.

මේ අතර,   ඉරාන ජනපති මසුද් පෙසෙස්කියන් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්, ඉරානය කිසිදා සතුරා ඉදිරියේ දණ නොනමන බවත්, සියලු වෙර යොදා ජාතික අභිලාශ සුරකින බවත් දැන්වීය.

ඊයේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත වෙත එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එරට ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් ව්‍යර්ථ කෙරිණි. අබු ඩාබි සිට යාත්‍රා කරමින් තිබූ නෞකාවකට කටාර් සාගර කලාපයේදී ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරය හෙලා දකිමින් කටාර් රාජ්‍යය නිවේදනයක් ද නිකුත් කළේය. සිය ගුවන් කලාපය වෙත ඇතුළු  වූ සතුරු  ඩ්‍රෝන ප්‍රහාරයක්,  ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ව්‍යර්ථ කිරීමට පියවර ගත්  බව කුවේට් රාජ්‍යය පැවසීය.

මේ අතර, අප්‍රේල් 16 දා එක්සත් ජනපද මැදිහත් වීමෙන් ඇරඹුණු සටන් විරාමය නොතකා දකුණු ලෙබනනයේ, ඊශ්‍රායල හමුදා සහ ඉරාන හිතවාදී හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම අතර ගැටුම් තව දුරටත් වර්ධනය විය.

 

z1
ඉරානය සමග  සතුරුකම් අවසන් වීම යනු ලෙබනන යුද්ධයේ අවසානය නොවන බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු රූපවාහිනී වැඩසටහනක කියා  සිටියේය. හෝර්මුස් සන්ධිය අවහිර කිරීම පිලිබඳ ඉරානයේ ශක්‍යතා සම්බන්ධයෙන්   ඊශ්‍රායල සැලසුම්කරුවන් සතුව පැවතියේ  අඩු තක්සේරුවක්  බව ද ඔහු කියා සිටියේය.

එම අනතුරේ ප්‍රබලත්වය වටහා ගැනීමට ඔවුන්ට කල් ගත වූ බවත්, දැන්  ඔවුන් එය වටහා කටයුතු කරමින් සිටින බවත් ඔහු පැවසීය.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Trump dismisses Iran's reply to peace plan, oil jumps as Hormuz closure persists

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සාම යෝජනාවලිය ගැන ඉරාන ප්‍රතිචාරය ජනපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි | The Leader