BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

බලශක්ති අර්බුදයට අගමැති මෝදිගෙන් නව යෝජනා

T

The Leader Desk

May 11, 2026 • 3:47 PM

බලශක්ති අර්බුදයට අගමැති මෝදිගෙන් නව යෝජනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝලීය බලශක්ති අර්බුදය, දේශීය ආර්ථිකයට එල්ල කර ඇති බලපෑම අවධානයට ගෙන පියවර කිහිපයක් යටතේ වියදම් පාලනයට
  • ඒ යටතේ, කොවිඩ් - 19 වසංගත සමයේ මෙන්, නිවසේ සිට රාජකාරී ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීමට සහ මාර්ගගත ක්‍රමයට සාකච්ඡා හා සම්මන්ත්‍රණ පැවැත්වීමට නිර්දේශිත ය.
  • මේ පිලිබඳ විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍යවරයා, පවත්නා තත්ත්වය යටතේ විදෙස් සංචිත ආරක්ෂා කිරීමට උපරිම දායකත්වයක් ලබා දිය යුතු බව පැවසීය.
  • කෙසේ වෙතත්, ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ වුව, තවමත් ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි, මධ්‍යම රජය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කටයුතු කළ යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය, නරේන්ද්‍ර මෝදි අවධාරණය කරයි.

ඒ අනුව, ඉන්දියාව තුළ ඉන්දන සංචිත ආරක්ෂා කිරීමට, නිවසේ සිට රාජකාරි කිරීමට, සංචරණ සීමා පවත්වා ගැනීමට මෙන්ම, ආනයන පාලනයට පියවර ගැනේ.

ඒ යටතේ, කොවිඩ් - 19 වසංගත සමයේ මෙන්, නිවසේ සිට රාජකාරී ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීමට සහ මාර්ගගත ක්‍රමයට සාකච්ඡා හා සම්මන්ත්‍රණ පැවැත්වීමට නිර්දේශිත ය.

මේ පිලිබඳ විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍යවරයා, පවත්නා තත්ත්වය යටතේ විදෙස් සංචිත ආරක්ෂා කිරීමට උපරිම දායකත්වයක් ලබා දිය යුතු බව පැවසීය.

පෞද්ගලික ප්‍රවාහන පහසුකම් වෙනුවට හැකිතාක් පොදු ප්‍රවාහන සේවා සහ සමූහ ගමන් රථ පරිහරණය කරන මෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.  

ඉන්දියාව ලොව තෙවන විශාලතම ඉන්දන ආනයනකරු සහ පරිභෝජකයා ය.


කෙසේ වෙතත්, ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ වුව, තවමත් ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි, මධ්‍යම රජය පවසයි.  වත්මන් අර්බුදය හමුවේ, ලොව ඉන්දන මිල තව දුරටත් ස්ථාවරව පවත්වාගෙන යන රටවල් කිහිපය අතරට ඉන්දියාව ද ඇතුළත් ය.  

  • රත්‍රං මිලදී ගැනීම නවතන ලෙස ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් එරට ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. ඉන්දීය ජනයා ආවාහ - විවාහ උත්සව පිණිස රත්‍රං භාණ්ඩ මිලදී ගැනීමට අධික වියදම් දරති.

  • විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම පිණිස අවම වශයෙන් වසරක කාලයක්  තෙක් අත්‍යවශ්‍ය නොවන විදෙස් සංචාර වෙතින් බැහැරව සිටින ලෙස අග්‍රාමාත්‍ය මෝදි ජනතාවගෙන් ඉල්ලීය.  

  • සෞඛ්‍ය සහ දේශානුරාගය පිලිබඳ අවධානයට ගෙන, පිසින තෙල් භාවිතය අඩු කරන ලෙස  ඔහු එරට පවුල් සාමාජිකයන් වෙත උපදෙස් නිකුත් කළේය.

  • පොහොර භාවිතය හරි අඩකින් අඩු කරන මෙන් ඔහු  ගොවීන්ගෙන් ද  විශේෂ ඉල්ලීමක් සිදු කළේය.


(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය 

Modi urges limits on fuel use, travel and imports to save forex

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බලශක්ති අර්බුදයට අගමැති මෝදිගෙන් නව යෝජනා | The Leader