BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

ඉරාන යුද්ධය යළි ඇවිලෙන ලකුණු

T

The Leader Desk

May 12, 2026 • 12:27 PM

ඉරාන යුද්ධය යළි ඇවිලෙන ලකුණු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද යෝජනාවට නිසි ප්‍රතිචාර නොදැක්වීමෙන්, ඉරාන- සටන් විරාමයට දැන්, "පණ ඇද්ද නැද්ද" යන්නත් සැක සහිත යැයි, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (11) පැවසීය. එම යෝජනාවලිය පිලිබඳ ඉරාන ප්‍රතිචාරය 'කසළ ගොඩක්' බව ඔහු කියා සිටියේය.
  • හෝර්මුස් සමුද්‍ර සන්ධිය සිය ස්වෛරී කලාපයක් බවද ඉරානය විසින් සිය පිළිතුරෙහි අවධාරණය කර තිබේ.
  • එම ප්‍රතිචාරය මගින් අප්‍රේල් 7 දා සිට දෙරට අතර ක්‍රියාත්මක සටන් විරාමය තර්ජනයට ලක් කර ඇතැයි ජනපති ට්‍රම්ප් කීය.
  • ඉරාන න්‍යෂ්ටික වැඩසටහන වැනි තීරණාත්මක කරුණු පිලිබඳ සාකච්ඡාවට ප්‍රථම යුද්ධය අවසන් කළ යුතු බව එක්සත් ජනපද යෝජනාවලියේ ද සඳහන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):


සාකච්ඡා සිදු කිරීමට ප්‍රථම ලෙබනනය ඇතුළු සියලු පෙරමුණු හි යුද්ධය අවසන් කළ යුතු බව ඉරානය දන්වා සිටියේය.

ඉරාන සහාය හිමි ලෙබනනයේ හිස්බුල්ලා සන්විධානය ඉලක්ක කළ ඊශ්‍රායල ප්‍රහාර තවමත් අවසන් නැත.

 

https cms image bucket productionv3 ap northeast 1 a7d2.s3.ap northeast 1.amazonaws.com images 8 8 1 3 12483188 2 eng GB b0e0c5b4ddd4 2026 05 11T151121Z 1149180673 RC2Z6LA6JB5X RTRMADP 3 USA TRUMP

එක්සත් ජනපද යෝජනාවන්ට ප්‍රතිචාර වශයෙන් ටෙහෙරානය, යුද්ධයෙන් වූ හානියට වන්දි ඉල්ලා සිටී අතර එරට සමුද්‍රීය වෙළඳාමට එරෙහි එක්සත් ජනපද තහනම ඉවත් කළ යුතු බවත්, යළි  ප්‍රහාර නොදක්වන බවට සහතික වියයුතු බවත් සහ ඉරාන ඉන්දන අලෙවිය යළි ඇරඹීමට ඉඩ ලබා දිය යුතු බවත් දැන්වීය. හෝර්මුස් සමුද්‍ර සන්ධිය සිය ස්වෛරී කලාපයක් බවද ඉරානය විසින් සිය පිළිතුරෙහි අවධාරණය කර තිබේ.

එම ප්‍රතිචාරය මගින් අප්‍රේල් 7 දා සිට දෙරට අතර ක්‍රියාත්මක සටන් විරාමය තර්ජනයට ලක් කර ඇතැයි ජනපති ට්‍රම්ප් කීය.

"උන් අපට එවල තිබ්බෙ කුණු ගොඩක්.  දැන් ලෙඩා මැරෙන්න ඔන්න මෙන්න.." ඔහු පැවසීය.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන වැනි තීරණාත්මක කරුණු පිලිබඳ සාකච්ඡාවට ප්‍රථම යුද්ධය අවසන් කළ යුතු බව එක්සත් ජනපද යෝජනාවලියේ ද සඳහන් ය.

tehran chiweewrwwrw
එහෙත් ටෙහෙරානය ඊයේ සිය ස්ථාවරය නොවෙනස් බව දන්වා සිටියේය. සිය ඉල්ලීම් නීත්‍යනුකූල බව එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශක, එස්මයෙල් බඝේ (Esmaeil ⁠Baghaei ) ප්‍රකාශ කළේය.

ඕනෑම සතුරු ප්‍රහාරයකට තීරණාත්මකව මුහුණ දීමට සිය හමුදා සීරුවෙන් තබා ඇතැයි, ඉරාන පාර්ලිමේන්තු ප්‍රකාශක මොහම්මඩ් බඛෙර් ඛලිබෆ් (Mohammad Baqer Qalibaf ) කීය.

මේ වන, විට බොර තෙල් බැරලය ඇමෙරිකානු ඩොලර් 104 තෙක් ඉහළ ගොස් ඇත. ඉරානය විසින් හෝර්මුස් සන්ධිය ඔස්සේ ඉන්දන ප්‍රවාහනය අවහිර කිරීමත් සමග ඔපෙක් සංවිධානයට අයත් රටවල ඉන්දන සහ ආශ්‍රිත නිෂ්පාදන සැපයුම ද සීග්‍රයෙන් පහළ වැටෙමින් පවතී. පසු ගිය අප්‍රේල් මස එය දශක දෙකක පහළම අගය වාර්තා කළේය.

ජනපති ට්‍රම්ප් හෙට (13) චීනයේ, බෙයිජිඞ් නුවරට පැමිණේ. ඉරානය පිලිබඳ කතා බහ  ඔහු හා ජනපති ෂී ජින්පිංග් අතර සාකච්ඡා හි ප්‍රධාන මාතෘකාවකි.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Trump says Iran ceasefire is 'on life support' as hopes for a deal fade

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...