BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

ජනපති ට්‍රම්ප්ගේ චීන සංචාරය මැද තායිවාන ගැටලුව කරළියට

T

The Leader Desk

May 13, 2026 • 8:31 AM

ජනපති ට්‍රම්ප්ගේ චීන සංචාරය මැද තායිවාන ගැටලුව කරළියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව විශාලතම ආර්ථික බලවතුන් වන චීනය සහ එක්සත් ජනපදයේ සාමූහිකත්වය ගෝලීය ආර්ථික ප්‍රවර්ධනයට ඉමහත් රුකුලක් බව ව්‍යාපාරික ප්‍රජාව උපුටා දක්වන 'චයිනා ඩේලි' (www.chinadaily.com.cn ) වෙබ් අඩවිය පවසයි.
  •  මීට පෙර සිය ප්‍රථම ධුර කාලයේ, 2017 වසරේ ජනපති ට්‍රම්ප් චීනයේ නිල සංචාරයක නිරත විය.
  • මේ අතර, තායිවානයට නිදහස ලබා නොදෙන බවට චීනයේ දැඩි ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි එරට තායිවානය පිලිබඳ කාර්යාලය අද නිවේදනය කළේය.
  • ඊයේ (12) කොපන්හේගන් සමුළුව ඉදිරියේ ඔහු මේ බව කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (13) චීනයේ නිල සංචාරයක නිරත වෙයි. බෙයිජිඞ් නුවර දී ඔහු චීන ජනපති ෂී ජින්පිංග් හමුවන්නේය. ඉරාන ගැටලුව ඔවුන්ගේ සාකච්ඡා හි ප්‍රධාන මාතෘකාවකි.

 

trump china
වසර නවයකට පසු එක්සත් ජනපද නායකයකු චීනයේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙය වේ.  ඔහුගේ දෙවන චීන  සංචාරය ද එය ය.  මීට පෙර සිය ප්‍රථම ධුර කාලයේ, 2017 වසරේ ජනපති ට්‍රම්ප් චීනයේ නිල සංචාරයක නිරත විය.

මේ අතර, තායිවානයට නිදහස ලබා නොදෙන බවට චීනයේ දැඩි ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි එරට තායිවානය පිලිබඳ කාර්යාලය අද නිවේදනය කළේය.

චීනය විසින්  හිමිකම් කියන තායිවානය, ප්‍රජාතාන්ත්‍රික පාලනයක් යටතට පත් කිරීම පිලිබඳ අර්බුදය දෙදින චීන - එක්සත් ජනපද  නායක හමුවේ න්‍යාය පත්‍රයේ තවත් සුවිශේෂී අංගයකි.

taiwan 1

 

තායිවානය ස්වෛරී දිවයිනක් බවත්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ආලෝකය බවත්, චීනයට එහි කිසිදු හිමිකමක් නොවන අතර එල්ලවන පීඩනය හමුවේ කිසිදා දණ නොනමන බවත් චීනයේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන තායිවාන ජනපති ලායි චිඞ්-තේ  (Lai Ching-te) අවධාරණය කර සිටී. ඊයේ (12) කොපන්හේගන් සමුළුව ඉදිරියේ ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත්, බෙයිජිඞ් නුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ, චීනයේ පිහිටි තායිවාන කාර්යාල ප්‍රකාශක, ජැඞ් හාන්  (Zhang Han), තායිවානය යනු චීනයේම කොටසක් බවත්, කිසිදා එය ස්වාධීන රාජ්‍යයක්  සේ නොපැවති සහ ඉදිරියේ ද එසේ නොපවතින බවත්  පැවසීය.

" ලායි චිඞ්-තේ ට එම බොරුව පුන පුනා කිව හැකියි; තව දහස් වාරයක් වුව ජප කළ හැකියි. හැබැයි, ඒ බොරුව,  බොරුවක්ම මිස කිසි දා මිහිපිට යතාර්ථයක්  නොවන්නක්," ඔහු කීය.

vw46u565u

 

තායිවානයේ නිදහසට එරෙහි වීමේ තීරණය ශිලාවක් සේ ස්ථාවර බවත්, සිය ස්වෛරී භාවය ඉල්ලා තායිවානය සිදු කරන ඕනෑම ප්‍රයත්නයක් 'කුඩු පට්ටම්' කිරීමට චීනය සතු ශක්‍යතාව බිඳ හෙලිය නොහැකි බවත්, ඔහු අවධාරණය කළේය.

කෙසේ වෙතත්, තායිවානය, චීන පාලනය යටතේ එක්සත් කිරීම මෙතෙක් ගැටුමින් තොර සාමකාමී මාවතක පවතින්නකි.

එක්සත් ජනපදය යනු තායිවානය සතු ප්‍රබලතම ජාත්‍යන්තර පිටු බලය සහ අවි සැපයුම්කරු වේ. පසු ගිය දෙසැම්බරයේ එක්සත් ජනපදය, තායිවානය වෙත එතෙක් මෙතෙක් සිදු කළ ඇමෙරිකානු ඩොලර් බිලියන 11ක විශාලතම අවි ගනුදෙනුව නිවේදනය කළේය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Ahead of Trump-Xi summit, China warns on US arms sales to Taiwan


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනපති ට්‍රම්ප්ගේ චීන සංචාරය මැද තායිවාන ගැටලුව කරළියට | The Leader