BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
විදේශ

ඉරානයට භූ කම්පන අවදානමක්

T

The Leader Desk

May 13, 2026 • 1:23 PM

ඉරානයට භූ කම්පන අවදානමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ රාත්‍රියේ ඉරානයේ භූ චලන කිහිපයක් සිදුව ඇතැයි මෙහ්ර් (Mehr) ප්‍රවෘත්ති ඒජන්සිය අද (13) වාර්තා කළේය.
  • එය, නුදුරේදී ඉරාන අගනුවර අවට සිදු විය හැකි  ප්‍රබල භූ කම්පන ව්‍යසනයක් පිලිබඳ අනතුරු ඇඟවීමක්  බව ඒ සම්බන්ධයෙන්  කරුණු දක්වන භූ විශේෂඥයෝ පෙන්වා දෙති. ප්‍රදේශවාසීහු ඒ පිලිබඳ බිය පළ කරති.
  • අගනුවර වටා සහ එහි පෘථිවි අභ්‍යන්තරයේ සමුච්චිත භූපටල චලන පීඩන හේතුවෙන් අනාගතයේ, වඩා ප්‍රබල භූ කම්පන සිදු වීමට වැඩි ඉඩක් ඇතැයි විශේෂඥයෝ සඳහන් කරති.
  • පෙරදිග ටෙහ්රාන් පළාත වෙතින් ඊයේ රාත්‍රී එක පෙලට වාර්තා වූ එම භූ චලන මාලාව ඉරානයේ අතිශය ක්‍රියාකාරී භූකම්පන කලාපයක් සේ ගැනෙන මෝෂා භූ කම්පන භ්‍රංශ රේඛාව ආසන්නය තෙක් දැනුණු බව ද සඳහන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ටෙහ්රාන් අගනුවරට පෙරදිගින් පිහිටි පාර්ඩිස් ප්‍රදේශය වෙතින් සුළු භූ කම්පන නවයක් වාර්තා වන බව එහි සඳහන් ය. එය, නුදුරේදී ඉරාන අගනුවර අවට සිදු විය හැකි  ප්‍රබල භූ කම්පන ව්‍යසනයක් පිලිබඳ අනතුරු ඇඟවීමක්  බව ඒ සම්බන්ධයෙන්  කරුණු දක්වන භූ විශේෂඥයෝ පෙන්වා දෙති. ප්‍රදේශවාසීහු ඒ පිලිබඳ බිය පළ කරති.

අගනුවර වටා සහ එහි පෘථිවි අභ්‍යන්තරයේ සමුච්චිත භූපටල චලන පීඩන හේතුවෙන් අනාගතයේ, වඩා ප්‍රබල භූ කම්පන සිදු වීමට වැඩි ඉඩක් ඇතැයි විශේෂඥයෝ සඳහන් කරති.

cr45y65

එම ප්‍රදේශය නිරන්තර සුළු භූ චලන  වාර්තා වන කලාපයකි. එහෙත්, ඊයේ එක පෙළට සිදු වූ කම්පන මාලාව දුලබ සිදුවීමකැයි ඔවුහු පවසති.

පෙරදිග ටෙහ්රාන් පළාත වෙතින් ඊයේ රාත්‍රී එක පෙලට වාර්තා වූ එම භූ චලන මාලාව ඉරානයේ අතිශය ක්‍රියාකාරී භූකම්පන කලාපයක් සේ ගැනෙන මෝෂා භූ කම්පන භ්‍රංශ රේඛාව ආසන්නය තෙක් දැනුණු බව ද සඳහන් ය. ඉන් එක් භූ කම්පනයක් රිච්ටර් මාපක  4.6ක් තරම් අගයක වූ බව ද වාර්තා වේ.

කෙසේ වෙතත්,  එම සුළු භූ චලන හේතුවෙන් කිසිදු පුද්ගල හෝ දේපළ හානියක් සිදු ව නැත.

 

4711804 326002604
එම චලන, ඉදිරි අනතුරක් බොහෝ සෙයින් පහ වීමට හේතු විය හැකි පෘථිවි අභ්‍යන්තරයේ ඒකරාශී වූ ශක්තිය මුදා හැරීමක් ද, නොඑසේව, ටෙහ්රාන් භ්‍රංශ රේඛාව ආසන්නයේ, ඉදිරියේ සිදු විය හැකි ප්‍රබල භූ කම්පනයක් පිලිබඳ අනතුරු ඇඟවීමක් දැයි මෙතෙක් අනාවරණයව නැත.

ටෙහ්රානය ආසන්නයේ ක්‍රියාකාරී භ්‍රංශ පද්ධතිය පමණක් නොව, සීග්‍ර නාගරික සංවර්ධනය සහ අධික ජන ඝනත්වය ද දින දින උත්සන්න වන භූ කම්පන අවදානමට හේතුවකි. ඊට මුහුණ දීම පිණිස එහි ජනගහනය පෙර සූදානමේ තැබීමේ වැඩපිළිවෙළක් ද නොවන තරම් ය. ශක්තිමත් නොවන බොහෝ යටිතල ඉදිකිරීම් හේතුවෙන් ඉතා සුළු භූ චලනයක දී වුව, සිදු විය හැකි ව්‍යසනය බරපතල බව විශේෂඥ මතය ය. ඒ හේතුවෙන් එවන් අවස්ථාවකදී හදිසි සහන ප්‍රතිචාර  ක්‍රියාත්මක කිරීම  ද බාධාවට ලක් වේ.

de54

ටෙහ්රානයේ, අතිශය ක්‍රියාකාරී උතුරු ටෙහ්රාන්, මෝෂා සහ රේ භ්‍රංශ රේඛා ආසන්නයේ මිලියන 14ක ට අධික ජනගහනයක් වාසය කරති. ඉදිරියේ, ඒ ආසන්නයේ  භූ කම්පනයක් සිදුවුවහොත් උද්ගත විය හැකි හානිය අතිශය බරපතල බව භූ විශේෂඥයින් විසින් පුන පුනා පෙන්වා දී තිබේ.

ඉරානය ද ලොව අතිශය ප්‍රබල භූ කම්පන සිදුවන රටවල් අතරට ඇතුළත් ය. 2003 වසරේ දෙසැම්බර 26 දා, දකුණු ඉරානයේ බැම් නාගරික කලාපයේ සිදු වූ දරුණු භූ කම්පනයෙන් පුද්ගලයින් 30,000කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් විය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Series of tremors near Tehran renew concerns over major quake risk

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...