BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

"මගේ ඉවසීමේ සීමාව ඉවර වේගෙන යන්නේ!" ජනපති ට්‍රම්ප් චීනයේ සිට අනතුරු අඟවයි

T

The Leader Desk

May 15, 2026 • 9:31 AM

 "මගේ ඉවසීමේ සීමාව ඉවර වේගෙන යන්නේ!" ජනපති ට්‍රම්ප් චීනයේ සිට අනතුරු අඟවයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීනයේ සංචාරයක නිරත එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (14) ජනපති ෂී ජින්පිංග් සමග ඉරානය පිළිබඳ සාකච්ඡා කළේය.
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඔබ්බෙහි වූ නෞකාවක් ඉරාන හමුදා විසින් අත්අඩංගුවට ගත් බව ද වාර්තා විය.
  •   දෙරට නායකයින් සිය සාකච්ඡා හිදී හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘතව තැබීම පිලිබඳ එකඟතාව පළ කළ බව, ධවල මන්දිරය දන්වා සිටියේය.
  • පෙබරවාරි 28 දා, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට පහර දීම ආරම්භ කිරීමෙන් පසු, ටෙහෙරානය එම සමුද්‍ර සන්ධිය වසා දැමීය.
අකුරු ප්‍රමාණය (Font Size):
ඉන් අනතුරුව අදහස් දැක්වූ ජනපති ට්‍රම්ප්, ඉරානය සම්බන්ධයෙන් සිය ඉවසීම අවසන් වෙමින් ඇතැයි පැවසීය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඔබ්බෙහි වූ නෞකාවක් ඉරාන හමුදා විසින් අත්අඩංගුවට ගත් බව ද වාර්තා විය.
 
දෙරට නායකයින් සිය සාකච්ඡා හිදී හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘතව තැබීම පිලිබඳ එකඟතාව පළ කළ බව, ධවල මන්දිරය දන්වා සිටියේය. පෙබරවාරි 28 දා, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට පහර දීම ආරම්භ කිරීමෙන් පසු, ටෙහෙරානය එම සමුද්‍ර සන්ධිය වසා දැමීය. ඉන්, ගෝලීය බලශක්ති ප්‍රවාහනය  අඩාල විය. චීනය පිහිටියේ  ඉරානය සමීපයෙහි වන  අතර ඉරාන ඉන්දන මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවා ද වේ.
gt55ht54yg
 
එක්සත් ජනපදය, පසුගිය මස  ඉරානය වෙත ප්‍රහාර එල්ල  කිරීම නවතාලූ මුත්, කලාපයේ සියළු ඉරාන වරාය වෙත තහනමක් පැනවීය. සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ නතර කිරීම හෝ සුපෝෂිත යුරේනියම් සංචිතය අත්හැර දැමීම ඉරානය විසින් ප්‍රතික්ෂේප කිරීම මත, යුද්ධය අවසන් කිරීමේ අරමුණින් ඇරඹි සාම සාකච්ඡා ද මේ වන විට ඇණහිට තිබේ.

"මම ඒ හැටි ඉවසන මිනිහෙක් නෙවෙයි. දැන් ඉතින් මේක විසඳගන්න ඕනෙ," ජනපති ට්‍රම්ප් ඊයේ ෆොක්ස් නිව්ස් (Fox News) වෙත පැවසීය.

ඉරානය සඟවා සිටින සුපෝෂිත යුරේනියම් සංචිතය මහජන සබඳතා කටයුතු පිණිස එක්සත් ජනපද හිමිකාරිත්වය යටතේ පැවතිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

"ඒක ගත්තොත් තමා, මට නින්ද යන්නෙ, ඔව්.. ඇත්තෙන්ම," ඔහු කීය.
 
cx5
අප්‍රිකාවේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පශු සම්පත් ප්‍රවාහනය කරමින් තිබූ ඉන්දීය තොග නෞකාවක් බදාදා (13) ඕමාන සාගර කලාපයට ඔබ්බෙන් ගිලී  ගියේය. මිසයිල හෝ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් නෞකාවේ  විශාල පිපිරීමක් සිදු විය. ඉන්දියාව එම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කළේය. නෞකාවේ කාර්ය මණ්ඩලයේ වූ නාවිකයින් 14 දෙනා ඕමාන වෙරළාරක්ෂක භටයින් විසින් මුදා ගැනිණි.
මේ අතර ඊයේ, එක්සත්  අරාබි එමීර් රාජ්‍යයේ ෆුජෙයිරා වරායට  ඔබ්බෙන් නැංගුරම් ලා තිබූ නෞකාවකට  බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක් එය ඉරානය දෙසට යාත්‍රා කරවීය. එය ඉරාන කණ්ඩායමක් විසින් සිදු කළ පැහැර ගැනීමක් බව  පසුව වාර්තා විය.  

ඉරානයට හමුදාමය උපකරණ අපනයනය නොකිරීමට ෂී 'පොරොන්දු' වූ බව ට්‍රම්ප් කියා සිටියේය.
 
697312183 1576232914512872 5775675947392239117 n
හෝර්මුස් සමුද්‍ර සන්ධිය මතම යැපීම  හැකි තාක් අවම කිරීම පිණිස, ඉදිරියේ එක්සත් ජනපදයෙන් ඉන්දන මිලදී ගැනීමට ද චීන නායකයා කැමැත්ත පළ කළේය. ඉරානය සතුව කිසිවිට න්‍යෂ්ටික අවි නොපැවතිය  යුතුය යන්න පිළිබඳව ද, දෙරට නායකයෝ එකඟතාව පළ කළහ. ටෙහෙරානය, එවැනි අවියක් පිලිබඳ කට කතා ප්‍රතික්ෂේප කරයි.

බෙයිජිඞ් නුවර සිට CNBC රූපවාහිනිය හා සාකච්ඡාවකට එක් වූ එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසෙනෙට්,  හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට චීනයට කළ හැකි සියල්ල නොපිරිහෙළා ඉටු කරන බවට විශ්වාස යැයි පැවසීය.
 
බදාදා (13),  ජපාන නෞකාවක් බාධාවකින් තොරව එම සමුද්‍ර සන්ධිය පසු කර යාත්‍රා කළේය. ජපාන අග්‍රාමාත්‍යවරිය, ඉරාන ජනපති වෙතින් ඒ පිලිබඳ කළ විශේෂ ඉල්ලීමකට අනුව එම නෞකාවට හෝර්මුස් තරණයට අවසර හිමි විය. ඉරානය අතර ඇති කරගත් විශේෂ ගිවිසුමකට අනුව, චීන නෞකා වෙත ද එම අවසරය හිමිව තිබේ. ඒ අනුව, චීන නෞකාවක්ද එදින, එම සමුද්‍ර සන්ධිය ඔස්සේ නිරුප්‍රදිතව යාත්‍රා කළේය.
h567
 
බදාදා සන්ධ්‍යාවේ සිට මෙතෙක් නෞකා 30ක් පමණ එය සාර්ථකව තරණය කළ බව, ඉරාන විප්ලවීය හමුදා ප්‍රකාශ කළහ. යුද්ධයට ප්‍රථම ඒ ඔස්සේ යාත්‍රා කළ  දෛනික නෞකා සංඛ්‍යාව 140ක් පමණ විය.

යුද්ධයේ මුල් සති කිහිපය තුළ එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරාන ජාතිකයින් දහස් ගණනක් ජීවිතක්ෂයට පත් විය. ඉරාන හිත වාදී හිස්බුල්ල කැරලිකරුවන් ට එරෙහිව යළි ඇවිලුණු ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලේබනයේ තවත් දහස් සංඛ්‍යාත පිරිසක් ද මරු වැළඳ ගත්හ.

ඊයේ වොෂින්ටනයේ පැවති ඊශ්‍රායල - ලෙබනන සාකච්ඡා ඵලදායී සහ ධනාත්මක බව වාර්තා වේ. අද ද, එම සාකච්ඡා අඛණ්ඩව සිදු කෙරේ.

යුද්ධය ආරම්භ කළේ ඉරාන න්‍යෂ්ටික වැඩ පිළිවෙළ මුලිනුපුටා දැමීමට, අසල්වාසීන්ට පහර දීමට ඉරානය සතු හැකියාව අවසන් කිරීමට සහ රජය පෙරළීම සඳහා ඉරාන ජාතිකයින්ට සහාය පිණිස  බව ජනපති ට්‍රම්ප් කීය.

රාජ්‍ය විරෝධී අරගලකරුවන් මර්දනයට මෙම වසර මුල ඉරානය හමුදා බලය යෙදීය. යුද්ධය ආරම්භවීමත් සමග සංවිධානාත්ම රාජ්‍ය විරෝධී අරගල සියල්ල යටපත් විය.
 
ටෙහෙරානයේ සුපෝෂිත යුරේනියම් සංචිත තමන් සතු විය යුතු බව සහ ඔවුන් තව දුරටත් යුරේනියම් පෝෂණය නොකළ යුතු බව වොෂින්ටනය පවසයි. ඉරානයට එරහි සම්බාධක වහා ඉවත් කළ යුතු බවත්, යුද හානියට වන්දි ගෙවිය යුතු බවත්, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ සිය පාලනය පිළිගත යුතු බවත්, ටෙහෙරානය කියා සිටී.  
 
ජනපති ට්‍රම්ප් අද චීනයෙන් පිටත් වේ.

(සටහන | Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...