BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

තමිල්නාඩු මහ ඇමැති විජේ, උපදේශකයකු ලෙස ජ්‍යොතීර්වේදියකු පත් කොට දිනකට පසු එම පත්වීම අවලංගු කරයි

T

The Leader Desk

May 16, 2026 • 4:35 PM

තමිල්නාඩු මහ ඇමැති විජේ, උපදේශකයකු ලෙස ජ්‍යොතීර්වේදියකු පත් කොට දිනකට පසු එම පත්වීම අවලංගු කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සහායක පක්ෂ හා විපක්ෂයෙන් එම පත්කිරීමට දැඩි විරෝධයක්
  • දේශපාලනයට ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය ගෙන ඒම සම්බන්ධයෙන් විජේගේ දේශපාලන සගයන් සහ විරුද්ධ පක්ෂවලින් එල්ල වූ දැඩි විරෝධය මධ්‍යයේ රජය පැය 24ක් ඇතුළත පත්කිරීම ඉල්ලා අස්කර ගෙන තිබේ.
  • විජේගේ දේශපාලන ගමන පිටුපස මඟ පෙන්වන බලවේගය වූයේ වෙට්‍රිවේල් වන අතර විජේගේ දේශපාලන පක්ෂයේ නම සහ ආරම්භ කිරීමේ වේලාව මෙන්ම දිවුරුම් දීමේ උත්සවයේ වේලාව නියම කර ඇත්තේ ද වෙට්‍රිවේල්ය.
  • මැතිවරණයට පෙර පණ්ඩිත් වෙට්‍රිවේල් විජේට “සුනාමියක් වැනි ජයග්‍රහණයක්” අත්වන බව ප්‍රකාශ කර තිබූ අතර විජේගේ තමිල්නාඩු වෙට්‍රි කසාගම් පක්ෂය තමිල්නාඩුවේ ආසන 234න් ආසන 108 දිනාගැනීමට සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

පසුගියදා තමිල්නාඩුවේ මහ ඇමැතිවරයා ලෙස පත් වූ ජෝසප් විජේ තම උපදේශකයකු ලෙස පත් කළ ජ්‍යොතීර්වේදී රිකී රාධන් පණ්ඩිත් වෙට්‍රිවේල්ගේ පත්වීම අවලංගු කර තිබේ.

දේශපාලනයට ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය ගෙන ඒම සම්බන්ධයෙන් විජේගේ දේශපාලන සගයන් සහ විරුද්ධ පක්ෂවලින් එල්ල වූ දැඩි විරෝධය මධ්‍යයේ රජය පැය 24ක් ඇතුළත පත්කිරීම ඉල්ලා අස්කර ගෙන තිබේ.

ඒ අනුව රිකී රාධන් පණ්ඩිත් වෙට්‍රිවේල්ගේ පත්වීම බලපැවැත්වුණේ එක් දිනකට පමණි.

විජේගේ දේශපාලන ගමන පිටුපස මඟ පෙන්වන බලවේගය වූයේ වෙට්‍රිවේල් වන අතර විජේගේ දේශපාලන පක්ෂයේ නම සහ ආරම්භ කිරීමේ වේලාව මෙන්ම දිවුරුම් දීමේ උත්සවයේ වේලාව නියම කර ඇත්තේ ද වෙට්‍රිවේල්ය.

මැතිවරණයට පෙර පණ්ඩිත් වෙට්‍රිවේල් විජේට “සුනාමියක් වැනි ජයග්‍රහණයක්” අත්වන බව ප්‍රකාශ කර තිබූ අතර විජේගේ තමිල්නාඩු වෙට්‍රි කසාගම් පක්ෂය තමිල්නාඩුවේ ආසන 234න් ආසන 108 දිනාගැනීමට සමත් විය.

විජේ තම උපදේශකයකු ලෙස පණ්ඩිත් වෙට්‍රිවේල් පත් කළේ ඔහු විජේගේ විශ්වාසදායකයකු වීම හේතුවෙනි.

වෙට්‍රිවේල් තමිල්නාඩු ජ්‍යෝතිර්වේදියකු ලෙස සේවය කරන අතර ඔහුට වෛදික ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය, භාවනා පදනම් කරගත් මග පෙන්වීම සහ සංඛ්‍යා ශාස්ත්‍රය පිළිබඳ දශක හතරකට වැඩි පළපුරුද්දක් ඇත. හිටපු මහ ඇමතිනි ජයලලිතා ජෙයරාම් ඇතුළු ඉහළ පෙළේ සේවාදායකයින් පිරිසක් ඔහුට විය. රිසර්ව් බැංකු නියෝජ්‍ය අධිපති ජගතීෂ් කපූර්, GIC සභාපති සෙන්ගුප්තා, IDBI සභාපති චක්‍රවර්ති, මුම්බායි මහාධිකරණ විනිසුරු ගිරිෂ් ගෝඛලේ, නිළියක වන මනීෂා කොයිරාල, තේ මණ්ඩල සභාපති ෂෝම් ශේඛර් සහ හිටපු ජම්මු සහ කාශ්මීර මහ ඇමති ඕමාර් අබ්දුල්ලාගේ බිරිඳ වන පායල් අබ්දුල්ලා ඇතුළු ප්‍රමුඛ පුද්ගලයින් කිහිප දෙනෙකුට ඔහු තම සේවය සපයා තිබේ.

උපදේශකයකු ලෙස ජ්‍යෙෂ්ඨ නායක එල්.කේ. අද්වානි සමඟ ද කටයුතු කර ඇති ඔහු ඉන්දියාව, ඩුබායි සහ ශ්‍රී ලංකාව වැනි රටවලද සංචාරය කර තිබේ.

ඉන්දියානු දේශපාලනඥයන් ජ්‍යෝතිර්වේදීන් කෙරෙහි දැඩි විශ්වාසයකින් පසුවීම සාමාන්‍ය දෙයකි.. කෙසේ වෙතත්, දේශපාලනයේ දී විජේට “සුනාමියක් වැනි ශක්තියක්” ලැබෙනු ඇතැයි වෙට්‍රිවේල් පළ කළ අනාවැකිය, DMK-AIADMK යන පක්ෂ දෙකේ බලය බිඳ දැමීමට TVK පක්ෂයට යම් ශක්තියක් ඇති කළේය.

(lankalokaya | ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...