BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

කොන්ගෝ සහ උගන්ඩාවේ එබෝලා වෛරසය ව්‍යාප්ත වේ

T

The Leader Desk

May 18, 2026 • 4:56 AM

කොන්ගෝ සහ උගන්ඩාවේ එබෝලා වෛරසය ව්‍යාප්ත වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රික සමූහාණ්ඩුවෙන් සහ උගන්ඩාවෙන් වාර්තා වන එබෝලා වෛරස් රෝගය ජාත්‍යන්තර හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.
  • 'බූන්ඩීබූජෝ' වෛරසය හේතුවෙන් හට ගෙන ඇති  එම රෝගී තත්ත්වය මෙවර, වසංගත තත්ත්වයක් තෙක් වර්ධනය ව නැතැයි ද, එම නිවේදනයේ දැක්වේ.
  • කෙසේ වෙතත්, කොන්ගෝව හා භූ දේශ සීමා  හුවමාරු කර ගැනෙන අසල්වැසි රටවල් වෙත එය පැතිර යාමේ දැඩි අනතුරු අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
  • සෙනසුරාදා (16) වන විට, කොන්ගෝ වෙතින් එබෝලා සැක සහිත රෝගීන් 246ක් වාර්තා විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊයේ (17)  වන විට එම රෝගයෙන් පුද්ගල මරණ 80ක් වාර්තා විය.

'බූන්ඩීබූජෝ' වෛරසය හේතුවෙන් හට ගෙන ඇති  එම රෝගී තත්ත්වය මෙවර, වසංගත තත්ත්වයක් තෙක් වර්ධනය ව නැතැයි ද, එම නිවේදනයේ දැක්වේ.

ebola2

කෙසේ වෙතත්, කොන්ගෝව හා භූ දේශ සීමා  හුවමාරු කර ගැනෙන අසල්වැසි රටවල් වෙත එය පැතිර යාමේ දැඩි අනතුරු අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

සෙනසුරාදා (16) වන විට, කොන්ගෝ වෙතින් එබෝලා සැක සහිත රෝගීන් 246ක් වාර්තා විය. අවම වශයෙන් ඇමෙරිකානු ජාතිකයින් 6 දෙනකුවත් ඒ අතර වන බව සඳහන් ය. එම පුද්ගලයින්  ජර්මනියේ හමුදා කඳවුරක් වෙත ප්‍රවාහනය කිරීමට එක්සත් ජනපදය සූදානම් වන බව ද වාර්තා වේ.

 

 w850
කෙසේ වෙතත්, එම තොරතුරු නිරවද්‍යතාව සඟවමින් ඊයේ (17) මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථාන එබෝලා ප්‍රතිචාර සිද්ධි කළමනාකරු සතිෂ් පිල්ලේ, එම වෛරස රෝගයෙන් එක්සත් ජනපදයට ඇති බලපෑම ඉතා අල්ප බව සඳහන්  කළේය.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොංගෝවේ, ඉටුරි පළාතෙනි. එම පළාතේ සංචාරය කිරීමෙන් වළකින ලෙස, එරට එක්සත් ජනපද තානාපති කාර්යාලය  ඊයේ, එහි රැඳී සිටින සියලු එක්සත් ජනපද වාසීන්ට දැනුම් දුන්නේය. එහි  එක්සත් ජනපද වාසීන් මෙම රෝගී තත්ත්වයට බඳුන් වුවහොත්, ඔවුන්ට හදිසි සේවා ක්‍රියාත්මක කිරීමේ එක්සත් ජනපද රජයේ ශක්‍යතාවය අතිශය සීමා සහිත බව ද දන්වා තිබේ.

hj65

 

එබෝලා රෝගය මුලින්ම හඳුනා ගැනුණේ 1976 වසරේ දීය. කොන්ගොවෙන් මෙවර එය වාර්තා වන්නේ 17 වන වරට ය. කොංගෝවේ අධිකතර ඝන නිවර්තන වනාන්තර සමූහය එබෝලා වෛරස ව්‍යාප්තියට ස්වභාවික තෝතැන්නක් බවට හඳුනා තිබේ.

එබෝලා, මරණීය රෝගී තත්ත්වයකි. උණ, ශරීරයේ කැසීම් ස්වභාවය, වමනය සහ පාචනය එහි සුලබ රෝග ලක්ෂණ ය. රෝගීන්ගෙන් පිටවන මළ - මුත්‍ර සහ වෙනත්  දියර, ඉන් දූෂිත ද්‍රව්‍ය මෙන්ම රෝගයෙන් මරණයට පත්වන්නන් හා සෘජු සබඳතා මගින් එය ව්‍යාප්ත වේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

WHO declares Ebola outbreak in Congo, Uganda an emergency of international concern

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...