BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

'තත්ත්වය අතිශය තීරණාත්මකයි' - ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්

T

The Leader Desk

May 18, 2026 • 7:10 AM

'තත්ත්වය අතිශය තීරණාත්මකයි' - ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන නායකයින් ඉක්මන් තීරණයක් නොගතහොත්, තත්ත්වය දරුණු විය හැකි යැයි, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (17) අනතුරු ඇඟවීය.
  • කාලය තීරණාත්මකයි..!" ඔහු සිය ටෘත් ගිණුමේ සඳහන් කළේය.
  • සෞදි අරාබිය ද එරටට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර තුනක් ව්‍යර්ථ කළ බව සඳහන් කළේය.
  • ප්‍රහාර එල්ල කරන ලද්දේ කවුරුන් විසින් දැයි විමර්ශනය කෙරෙමින් පවතින බව, එමීර් රාජ්‍ය බලධාරීහු පැවසූහ.
අකුරු ප්‍රමාණය (Font Size):


" ඔරලෝසු කටුව ටික් ටික් ගගා කියනවා, ඉරානේ කාලේ ඉවර වේගෙන එන බව. ඒ අය දැන් මේක ඉක්මන් කරන්න උවමනායි. නැත්තං ගන්න දෙයක් නැති වෙයි. කාලය තීරණාත්මකයි..!" ඔහු සිය ටෘත් ගිණුමේ සඳහන් කළේය.

මේ අතර ඊයේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ න්‍යෂ්ටික බලාගාරයක් වෙත  එල්ල  වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එහි ගින්නක් හට ගත්තේය. සෞදි අරාබිය ද එරටට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර තුනක් ව්‍යර්ථ කළ බව සඳහන් කළේය.

ප්‍රහාර එල්ල කරන ලද්දේ කවුරුන් විසින් දැයි විමර්ශනය කෙරෙමින් පවතින බව, එමීර් රාජ්‍ය බලධාරීහු පැවසූහ. එවැනි ත්‍රස්ත ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමේ පූර්ණ අයිතිය එරට සතුවන බව ද ඔවුහු කියා සිටියහ. එය ප්‍රධාන සතුරා විසින් එල්ල කරන ලද්දක් ද නොඑසේව, එම සන්ධානයේ  වෙනත් පාර්ශ්වයක් වෙතින් එල්ල කරන ලද්දක් දැයි, මෙතෙක් අනාවරණයව නැති බව ද ඔවුහු කීහ. ප්‍රහාරය බටහිර දේශ සීමාවේ සිට එල්ල වී ඇතැයි ,එක්සත් එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

t6

 

සෞදි අරාබියට එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාර ත්‍රිත්වය ඉරාක ගුවන් කලාපය දෙසින් පැමිණි බව එම බලධාරීහු  පැවසූහ.

ප්‍රහාරයට ලක්වූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ න්‍යෂ්ටික බලාගාරයේ 'ඒකක 3' වෙත හදිසි ඩීසල් ජනන යන්ත්‍ර මගින් බලය සම්පාදනය කරමින් පවතින බව ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය සඳහන් කළේය. න්‍යෂ්ටික බලාගාර වෙත සිදු කෙරෙන ප්‍රහාර වළකාලීම  පිණිස උපරිම හමුදා  බලය යොදන ලෙසද එම ඒජන්සිය මගින් වැඩි දුර උපදෙස් නිකුත් කර ඇත. තත්ත්වය සමීප නිරීක්ෂණයේ තබා ඇතැයි ද, එම ඒජන්සිය සඳහන් කරයි.

මේ අතර, එක්සත් ජනපද  නාවුක හමුදාව විසින් ඕමාන ගල්ෆ් තුඩුවේ දින පහක් රඳවා තබා  සිටි ඉරාක බොර තෙල් තොගයක් රැගත් 'අගියෝස් ෆානොරියෝස්' සුපිරි ඉන්ධන නෞකාව වියට්නාමය බලා යළි යාත්‍රා කිරීම ඇරඹීය.

 

t5

මෝල්ටා ධජය යටතේ යත්‍රා කරමින් පැවති  එම සුවිසල් ඉන්ධන නෞකාව මෙම මස 10 දා හෝර්මුස් සමුද්‍ර සන්ධියෙන් පිට විය. අනතුරුව ඕමාන තුඩුවේ යාත්‍රා කරමින් පැවති  එය, මැයි 11 වන දා එක්සත් ජනපද හමුදා විසින් ආපසු හැරවීමට කටයුතු කෙරිණි. පසුගිය 16 දා එය යළි වියට්නාමය බලා යාත්‍රා කිරීම ආරම්භ කළේය. මෙම 30 දා නෞකාව එරට 'න්ගී සන්' පිරිපහදුව වෙත ලඟා වීමට නියමිතය.

ඉරානයට එරෙහිව පනවා ඇති සමුද්‍රීය තහනම ප්‍රකාරව එය යළි හරවා යැවීමට  පියවර ගත් බව එක්සත් ජනපද මධ්‍යම විධානය ඉකුත් සතියේ නිවේදනය කළේය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍ර :

Trump says 'clock is ticking' for Iran

UAE and Saudi Arabia report drone incidents as Iran war deadlock drags on

Supertanker with Iraqi oil heads for Vietnam after hold-up in US blockade

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...