BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

ට්‍රම්ප් අද ඉරානයට ගහන්න ඉඳලා; මැද පෙරදිග ඉල්ලීමෙන් සැලැස්ම හකුලා ගනී

T

The Leader Desk

May 19, 2026 • 8:56 AM

ට්‍රම්ප් අද ඉරානයට ගහන්න ඉඳලා; මැද පෙරදිග ඉල්ලීමෙන් සැලැස්ම හකුලා ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර තෙමසකට පසුව පසමිතුරු ක්‍රියාකාරකම් තවදුරටත් දෛනිකව උත්සන්න වෙමින් පවතී.
  • වොෂින්ටනය හෝ ටෙහ්රානය අතර කුමන මොහොතක හෝ ගිනි අවි යළි 'පත්තු' වීමට ඇති සම්භාවිතාව ඉතා ඉහළය.
  • මේ අතර, ටෙහ්රානය විසින් වොෂින්ටනය වෙත ඒවා ඇති නවතම සාම යෝජනාවලිය විශ්ලේෂණය කෙරෙන තෙක් ඉරානයට එරෙහි සැලසුම්ගත ප්‍රහාර තාවකාලිකව නවතන බව, ජනපති ට්‍රම්ප් ඊයේ (18) දැනුම් දුන්නේය.
  • නව යෝජනාවලිය ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ සීමා කිරීම පිලිබඳ 'ඉතා හොඳ ගනුදෙනුවක්' වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු කීය.
අකුරු ප්‍රමාණය (Font Size):


දැනට, එක්සත් ජනපදය සහ ඉරානය අතර 'නාමික' සටන් විරාමයක් ක්‍රියාත්මකය. ඉරාන සමුද්‍රීය වෙළඳාම කෙරෙහි පැනවූ එක්සත් ජනපද තහනම තව දුරටත් තදින් ක්‍රියාත්මක අතර ඉරානය විසින් අනවසරයෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරණය තහනම් කර තිබේ.

දෙපාර්ශ්වය අතර නිත්‍ය ගිවිසුමක් අත ළඟ නොපෙනේ. උත්සන්න වෙමින් පවතින අර්බුදකාරී තත්ත්වය, දෙපාර්ශවයටම තව කෙතෙක් දුර දරා සිටිය  දැයි  අවිනිශ්චිතය. වොෂින්ටනය හෝ ටෙහ්රානය අතර කුමන මොහොතක හෝ ගිනි අවි යළි 'පත්තු' වීමට ඇති සම්භාවිතාව ඉතා ඉහළය.

donald trump fox

මේ අතර, ටෙහ්රානය විසින් වොෂින්ටනය වෙත ඒවා ඇති නවතම සාම යෝජනාවලිය විශ්ලේෂණය කෙරෙන තෙක් ඉරානයට එරෙහි සැලසුම්ගත ප්‍රහාර තාවකාලිකව නවතන බව, ජනපති ට්‍රම්ප් ඊයේ (18) දැනුම් දුන්නේය. නව යෝජනාවලිය ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ සීමා කිරීම පිලිබඳ 'ඉතා හොඳ ගනුදෙනුවක්' වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු කීය.

ඉරානය සිය නව සාම සැලැස්ම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඉරානයට එරෙහිව අද (19) දින දියත් කිරීමට සැලසුම් කළ ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමටත්, ඕනෑම මොහොතක යළි මහා පරිමාණ  සහ පූර්ණ ප්‍රහාර ආරම්භ කිරීමට පෙර සූදානමේ පසුවන ලෙසත්, එක්සත් ජනපද හමුදා වෙත උපදෙස් නිකුත් කළ බව හෙතෙම පැවසීය.

 එවැනි ප්‍රහාර සැලැස්මක් පිලිබඳ පූර්ව නිවේදනයක් නොවූ බව, රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේය. එහෙත්, සිය අභිලාශ ප්‍රකාරව යුද්ධය අවසන් කිරීමට, ටෙහ්රානය ගිවිසුම් ගත නොවුණහොත්, ඉරානය වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර, විනාශ කර දමන බවට, ජනපති ට්‍රම්ප් විසින් මීට පෙර අනතුරු අඟවා තිබිණි.  

නව සාම ගිවිසුමක් පිලිබඳ අපේක්ෂා පෙරදැරිව කටාරය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ද සිදු කළ විශේෂ ඉල්ලීමක් සලකා බලමින්, ඉරානයට එරෙහි නව ප්‍රහාර තාවකාලිකව අත්හිටවූ බව, ඔහු සමාජ මාධ්‍ය සටහනක දැක්වීය. "ඇමෙරිකා එක්සත් ජනපදයට ඉහළින්ම  පිළිගත හැකි ගනුදෙනුවකට යා හැකි  බව පේනවා. මැද පෙරදිග සහ අනෙකුත් සියලු රටවලටත් එය ඉතා හොඳ එකක් වේවි," ඔහු සඳහන් කළේය.

03nukes iran
පසුව, මාධ්‍ය අමතා අදහස් දැක්වූ ජනපති ට්‍රම්ප්, ඉරානය න්‍යෂ්ටික අවි හරණයට කැමැත්ත පල කරන්නේ නම්, එය එක්සත් ජනපදයේ ඉමහත් සතුටට කරුණක් බව පැවසීය.

මේ අතර, අන් කවරදා හෝ නොවූ අයුරින් ඉරාන විප්ලවීය හමුදා, ඉදිරි සටනට සූදානමේ පසුවන බව ද දන්වා තිබේ. එබැවින්, 'වැරදීමකින් හෝ' යළි ඉරානයට පහර නොදෙන ලෙස එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය වෙත ටෙහ්රානය විසින් අනතුරු අඟවා ඇත.

ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ නිරීක්ෂණයට යටත්ව, ඉරානයට සාමකාමී න්‍යෂ්ටික වැඩසටහනක් අඛණ්ඩව සිදු කිරීම පිණිස, වොෂින්ටනය යම් නම්‍යශීලී බවක් දක්වා ඇතැයි ද ඉරාන ආරංචි මාර්ග උපුටා දක්වන විදෙස් මධ්‍යයේ සඳහන් වේ. එහෙත්, එවැන්නක් පිලිබඳ එකඟතා පලව ඇති බවට එක්සත් ජනපද සහතිකයක් නැත.

සාකච්ඡා අතරවාරයේ, ඉරාන තෙල් තහනම ඉවත් කිරීමට වොෂින්ටනය එකඟ වූ බව, ඉරාන තස්නිම් පුවත් ඒජන්සිය ද වාර්තා කළේය. කෙසේ වෙතත්, එය සාවද්‍ය පුවතක් බව, නම් සඳහන් කිරීමට මැලි වූ එක්සත් ජනපද නිලධාරියකු උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය කීය.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍ර :

No deal, no exit: How US-Iran standoff risks fresh conflict

Trump says he paused attack on Iran, signals a nuclear deal may be possible 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ට්‍රම්ප් අද ඉරානයට ගහන්න ඉඳලා; මැද පෙරදිග ඉල්ලීමෙන් සැලැස්ම හකුලා ගනී | The Leader