BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

තායි රජ කුමරියට අසාධ්‍යයි !

T

The Leader Desk

May 21, 2026 • 6:00 AM

 තායි රජ කුමරියට අසාධ්‍යයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බහු ආසාදන රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත් කර සිටින තායි රජ කුමරිය වන බජ්රාකිටීයභා (Bajrakitiyabha ) ගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය බව රාජ මාළිගය අද (21) දැනුම් දුන්නේය.
  • රජ කුමරියගේ ඉන්ද්‍රියයන් කිහිපයක් දැඩි ආසාදන තත්ත්වයන්ට බඳුන්ව ඇතැයි, වෛද්‍යවරු පවසති.
  •   තායිලන්තයේ වජිරලොන්කෝන්  (Vajiralongkorn) රජුගේ වැඩිමහල් දියණිය වන, 47 හැවිරිදි එම රජ කුමරිය හෘද රෝග තත්වය සහ තවත් ආසාදන කිහිපයක් හේතුවෙන් හදිසි බිම ඇද වැටීමකට ලක්වූයෙන්, 2022 දෙසැම්බර මස රෝහල් ගත කෙරිණි.
  • වසර කිහිපයක වෛද්‍ය ප්‍රතිකාර අවසන, ඉකුත් අප්‍රේල් මස ඇය, ආමාශ ගත ආසාදන තත්ත්වයක් හේතුවෙන්, අන්ත්‍ර ප්‍රදාහයට බඳුන්ව ඇතැයි, ශල්‍ය වෛද්‍යවරු අනාවරණය කළහ.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ වන විට, ඇගේ හෘද ස්පන්දනය සාමාන්‍ය තත්ත්වය තෙක් පාලනයේ තබා ගැනීම පවා දුෂ්කරව ඇතැයි, එහි සඳහන් ය. රජ කුමරියගේ ඉන්ද්‍රියයන් කිහිපයක් දැඩි ආසාදන තත්ත්වයන්ට බඳුන්ව ඇතැයි, වෛද්‍යවරු පවසති.

 

tyhai40rw

තායිලන්තයේ වජිරලොන්කෝන්  (Vajiralongkorn) රජුගේ වැඩිමහල් දියණිය වන, 47 හැවිරිදි එම රජ කුමරිය හෘද රෝග තත්වය සහ තවත් ආසාදන කිහිපයක් හේතුවෙන් හදිසි බිම ඇද වැටීමකට ලක්වූයෙන්, 2022 දෙසැම්බර මස රෝහල් ගත කෙරිණි. එතැන් සිට, ඇය කෝමා තත්ත්වයක පසුවන්නීය.

වසර කිහිපයක වෛද්‍ය ප්‍රතිකාර අවසන, ඉකුත් අප්‍රේල් මස ඇය, ආමාශ ගත ආසාදන තත්ත්වයක් හේතුවෙන්, අන්ත්‍ර ප්‍රදාහයට බඳුන්ව ඇතැයි, ශල්‍ය වෛද්‍යවරු අනාවරණය කළහ. ඒ හේතුවෙන් හටගත් අඩු රුධිර පීඩන තත්වය මත, ඇගේ හෘද ස්පන්දනය සාමාන්‍ය තත්ත්වයේ පාලනයේ තබා ගැනීම අසීරුවී තිබේ.

thai56767

ඇයට නියමිත පරිදි නිසි ඖෂධ ලබා දෙන බවත්, පෙනහළු සහ වකුගඩු ක්‍රියාකාරීත්වය සාමාන්‍ය තත්ත්වයේ ක්‍රියාකාරීව පවත්වා ගැනීම, බාහිර ආධාරක යන්ත්‍ර මගින් සිදු කෙරෙන බවත්, එසේ තිබියද, ඇගේ සෞඛ්‍ය තත්ත්වය දින දින බිඳ  වැටෙමින් පවතින බවත් රාජ මාළිගය සඳහන් කරයි.

වෛද්‍යවරුන් ඇගේ සෞඛ්‍ය තත්ත්වය  සමීප නිරීක්ෂණයේ තබා කටයුතු කරන අතර අඛණ්ඩ ප්‍රතිකාර සිදු කරන බව ද මාළිගය කියා සිටී.

පසු ගිය වසරේ තායිලන්ත රැජිණිය වසර 93ක් ආයු වළඳා අභාවප්‍රාප්ත  විය.

(සටහන | Yahoo news ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Thai Princess Bajrakitiyabha's condition worsens after multiple infections, royal palace says

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...