BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

'තව දින දෙක තුනක් දෙන්නම්' - ජනපති ට්‍රම්ප් ඉරානයට දන්වයි

T

The Leader Desk

May 21, 2026 • 12:16 PM

'තව දින දෙක තුනක් දෙන්නම්' - ජනපති ට්‍රම්ප් ඉරානයට දන්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාම යෝජනාවලිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ප්‍රතිචාරය සමාලෝචනය කෙරෙමින් පවතින බව, ටෙහ්රානය අද (21) දැනුම් දුන්නේය. ඉරාන රජයේ 'නිවැරදි පිළිතුර' ලැබෙන තෙක් තවත් දින කිහිපයක් බලා සිටිය හැකි බව, එක්සත් ජනපද ජනපතිවරයා විසින් දන්වා තිබේ.
  • මේ වන විටත්, අපි ඒ පිලිබඳ සමාලෝචනය කරමිනුයි ඉන්නෙ," ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක එස්මයෙල් බඝේ කීය.
  • එම මැදිහත්වීම් පිණිස පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඊයේ (20) දිනය ද ටෙහ්රානයේ ම ගත කළේය.
  •   ඉරානය සතුව කිසිසේත්ම  න්‍යෂ්ටික  අවියක් නොපැවතිය යුතු බව ජනපතිවරයා එහිදී යළි  අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


නොඑසේව, යළි පහර දෙන බවට ඔහු තර්ජනය කරයි.

" එක්සත් ජනපදයේ ප්‍රතිචාරය අපට ලැබී තිබෙනවා. මේ වන විටත්, අපි ඒ පිලිබඳ සමාලෝචනය කරමිනුයි ඉන්නෙ," ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක එස්මයෙල් බඝේ කීය.

දෙපාර්ශ්වය අතර සාම ගනුදෙනුවේ මැදහත්කරුවා පාකිස්ථානයයි.  මේ වන විට, එරට මැදිහත්වීමෙන් ඉරාන - එක්සත් ජනපද සාකච්ඡා වට කිහිපයක්ම සිදු කර තිබේ. එම මැදිහත්වීම් පිණිස පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඊයේ (20) දිනය ද ටෙහ්රානයේ ම ගත කළේය.

 

i3

වහා බිඳෙනසුළු ඉරාන - එක්සත් ජනපද සටන් විරාමයට දැන් සති හයකි. යුද්ධය තිරසර ව අවසන් කිරීමේ සාකච්ඡා හි සැලකිය යුතු ප්‍රවර්ධනයක් දක්නට නැත. දින දින ඉහළ යන තෙල් මිල හේතුවෙන් ගෝලීය උද්ධමනය තව දුරටත් වර්ධනය වෙමින් පවතී. එම තත්ත්වය  ලෝක ආර්ථිකය දිගින් දිගටම ආගාධයට ඇද දමමින් සිටී.

මෙම නොවැම්බරයේ  මධ්‍යවාර මැතිවරණයට  සූදානම් වෙමින් සිටින ජනපති ට්‍රම්ප් පසු වන්නේ ද මහත් පීඩනයකිනි. ඔහු දෙවන වරටත් ධවල මදිරයට පැමිණ දා සිට පැවති,  මහජන ප්‍රසාදය මේ වන විටත්, සීග්‍රයෙන්  ගිලිහී යමින් පවතී. යුද්ධය හේතුවෙන් ඉන්දන මිල දෛනිකව වැඩිවීම  ඊට ප්‍රබල හේතුවකි.

" මාව විශ්වාස කරන්න. තව දවස් දෙක තුනයි, හරි උත්තරේ ආවේ නැත්තං, පටස් ගාල ගහල දානව.  අපේ සේරම ලෑස්ති පිට ඉන්නෙ," ඇන්ඩෘස්   ඒකාබද්ධ කඳවුරේ සිට මාධ්‍ය ඇමතූ ජනපති ට්‍රම්ප් පැවසීය.  

ඉරානය සතුව කිසිසේත්ම  න්‍යෂ්ටික  අවියක් නොපැවතිය යුතු බව ජනපතිවරයා එහිදී යළි  අවධාරණය කළේය. "අප සිටින්නේ, ඉරානය සම්බන්ධයෙන් අවසන් අදියරේ. බලමු මොකද වෙන්නෙ කියල. එක්කෝ ගිවිසුම ගහන්න ඕනෙ, නැත්තං අපි ටිකක් දරුණු දෙයක් කරලා දාමු. මට විශ්වාසයි සුබ දෙයක් වෙයි කියල," ඔහු කීය.

"මට ආසයි, එකෙක් දෙන්නෙක් මැරෙනව බලන්න, ගොඩක් නෙවේ...බලමු, එන ඕනෙ විදිහක්," ට්‍රම්ප් එසේ ද පැවසීය.

ඉරානයට යළි පහර දීමට සිහිනෙන් වත් නොසිතන ලෙස එරට  විප්ලවීය හමුදා විසින් අනතුරු අඟවා තිබේ. මෙවර පහර දුනහොත්, කලාපීය යුද්ධය අනිවාර්යයෙන් ඉන් ඔබ්බෙහි ද ව්‍යාප්ත වනු ඇතැයි, ඔවුහු අවධාරණය කරති.

 

i4
ඉරානය, මෙම සතියේ සිය නවතම සාම සැලැස්ම එක්සත් ජනපදය වෙත යැවීය. ට්‍රම්ප් මීට පෙර ප්‍රතික්ෂේප කළ කරුණු එහි  පුන පුනා සඳහන් කර තිබීම විශේෂිත ය.  හෝර්මුස් පාලනය තමන් සන්තකයේම පැවතිය යුතු බව, ඉන්  එකකි. යුද වන්දි ලබා දීම, සම්බාධක ඉවත් කිරීම, අත්අඩංගුවට ගත් ඉරාන වත්කම් නිදහස් කිරීම සහ එක්සත් ජනපද හමුදා වහා ඉවත් කර ගැනීම එහි  අනෙක් කරුණු ය.

හෝර්මුස් සමුද්‍ර කලාපයේ ඉරාන පාලනයට නතු නවතම සිතියමක් නිකුත් කිරීමට ඉරානය ඊයේ (20) පියවර ගත්තේය. එය තරණයට පෙර, ඒ වෙනුවෙන් පත් කර ඇති විශේෂ පාලනාධිකාරියේ අනිවාර්ය අවසරය   ලබා ගත යුතු බව එහි සඳහන් ය.  ඊට අවනත වන මිත්‍ර රටවලට පමණක්, එම සමුද්‍ර සන්ධිය යළි විවෘත කරන බව, ටෙහ්රානය විසින් දන්වා තිබේ. එම කොන්දේසි අවසරය,  ගාස්තු ගෙවීමකට යටත්වන බව ද 'අමතක නොකළ යුතු' කරුණකි. වොෂින්ටනය එවැන්නක්  කිසි  විට  නොපිළිගනු ඇත. 

ඉන්දන බැරල මිලියන 4ක් රැගත් චීන නෞකාවක් ඊයේ, හෝර්මුස්  සමුද්‍ර සන්ධියෙන් නිරුප්‍රදිතව එතෙර විය. ඉරාන අවසරය ලද  කුවේටයේ සිට තෙල් බැරල මිලියන 2ක් රැගත් දකුණු කොරියානු නෞකාවක් ද සාර්ථකව එය තරණය කළාය. ඉකුත් සතියේ එම සමුද්‍ර සන්ධිය තරණය කළ සමස්ත නෞකා සංඛ්‍යාව 54කි. පසු ගිය පැය 24 තුළ නෞකා 26ක් ඒ ඔස්සේ යාත්‍රා කළ බව ඉරානය දැන්වීය. යුද්ධයට පෙර,  නෞකා 125ත් - 140ත් අතර සංඛ්‍යාවක්  දෛනිකව හෝර්මුස් සමුද්‍ර සන්ධිය පසු කළහ.

(සටහන | Yahoo news ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Pakistan steps up diplomatic bid to get US-Iran peace talks on track

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...