BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

ගෝලීය අර්බුද හමුවේ වේගයෙන් අවප්‍රමාණය වන ආසියානු මූල්‍ය ඒකක

T

The Leader Desk

May 28, 2026 • 9:33 AM

ගෝලීය අර්බුද හමුවේ වේගයෙන් අවප්‍රමාණය වන ආසියානු මූල්‍ය ඒකක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් අඟහරුවාදා (26), අනපේක්ෂිත 1%ක පොලී අනුපාත වැඩිවීමක් නිවේදනය කළේය.
  • ගෝලීය උද්ධමන ප්‍රවේගය මෙන්ම, එම ගැටළු මත එකී රටවල මුදල් ඒකක අවප්‍රමාණය වීම, මේ වන විට, කලාපීය ගැටළුවක් බවට පත්ව තිබේ.
  •     ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ මුදල් ඒකක මෙම මස අඛණ්ඩව අවප්‍රමාණය විය.
  • 1990 දශකයේ අග භාගයේ, ආසියානු මූල්‍ය අර්බුදය අතරතුර මෙන් නොව, වත්මන, එම මූල්‍ය එකක වාර්තාගත අවම අගයන් යටතේ පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, ප්‍රධාන මූල්‍ය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75% දක්වා ඉහළ නැංවිණි. සීග්‍රයෙන් ඉහළ යන උද්ධමනය සහ ඉරාන ගැටුම හේතුවෙන්, තෙල් මිල ඉහළ යාම මත, රුපියල අවප්‍රමාණය වීම ඊට හේතුවය.

බොහෝ ආසියානු ආර්ථිකයන්, මැද පෙරදිග බොරතෙල් ආනයනය මත දැඩිව රඳා පවතී. ඒ හේතුවෙන් එම රටවල්, දීර්ඝ කාලීන බලශක්ති මිල ඉහළ යාමේ තර්ජනයට බඳුන්ව සිටිති. ගෝලීය උද්ධමන ප්‍රවේගය මෙන්ම, එම ගැටළු මත එකී රටවල මුදල් ඒකක අවප්‍රමාණය වීම, මේ වන විට, කලාපීය ගැටළුවක් බවට පත්ව තිබේ.  

b56u6ii

 

ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ මුදල් ඒකක මෙම මස අඛණ්ඩව අවප්‍රමාණය විය. 1990 දශකයේ අග භාගයේ, ආසියානු මූල්‍ය අර්බුදය අතරතුර මෙන් නොව, වත්මන, එම මූල්‍ය එකක වාර්තාගත අවම අගයන් යටතේ පවතී.

මුදල් ඒකක අවප්‍රමාණය වීම මත, ආනයනික භාණ්ඩ පිරිවැය දැරිය නොහැකි ලෙස ඉහළ යාමෙන්, උද්ධමනය තවදුරටත් වර්ධනය වේ. ඉන්දුනීසියානු  මහ බැංකුව පසුගිය සතියේ 0.5% ක තීව්‍ර පොලී අනුපාත වැඩිවීමක් නිවේදනය කළේය. ඉකුත් මස එම අනුපාත ඉහළ නැංවූ පිලිපීන මහ බැංකුව ද, එළැඹෙන ප්‍රතිපත්ති හමුවට  පෙර යළි එය ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබේ.

(සටහන | NHK ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Sri Lanka's surprise rate hike raises regional concerns

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...