BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

හෝර්මුස් කලාපය අවට යළි ඇවිලේ

T

The Leader Desk

May 28, 2026 • 11:51 AM

හෝර්මුස් කලාපය අවට යළි ඇවිලේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන ඩ්‍රෝන ප්‍රහාර මෙහෙයුමක් ඉලක්ක කර එක්සත් ජනපද හමුදා නව ප්‍රහාර මාලාවක් දියත් කර ඇතැයි, රොයිටර්ස් පුවත් සේවය ඊයේ (27) නිවේදනය කළේය.
  • නවතම එක්සත් ජනපද ප්‍රහාර මුළුමනින්ම, ආරක්ෂක පියවර සහ දැනට ක්‍රියාත්මක සටන් විරාමය තව දුරටත් ආරක්ෂා කිරීම පිණිස දියත් කළ බව, එරට රාජ්‍ය නිලධාරීන් උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.
  •   හෝර්මුස් සමුද්‍ර සන්ධිය පසු කර යාත්‍රා කිරීමට පිවිසි එක්සත් ජනපදයට අයත් ඉන්දන නෞකාවක් වෙත, ඉරාන විප්ලවීය නාවුක හමුදාව ප්‍රහාර එල්ල කළ බව, ඉරාන තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කළේය.
  • එය ආපසු හරවා යැවීමට බල කරමින් එම ප්‍රහාර එල්ල කළ බව, එහි දැක්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


හෝර්මුස් සමුද්‍ර සන්ධියේ එක්සත් ජනපද හමුදාවන්ට සහ එහි යාත්‍රා කරන වෙළඳ නෞකා වෙත තර්ජන එල්ල කරමින් දියත් කළ ඉරාන ප්‍රහාරක ඩ්‍රෝන යානා ඉලක්ක කර, එම ප්‍රහාරය සිදු කර තිබේ. ගුවනේ වූ ඉරාන ප්‍රහාරක ඩ්‍රෝන හතරක් වෙත ප්‍රහාර එල්ල කර විනාශ කළ එක්සත් ජනපද හමුදා, පස් වන ඩ්‍රෝන ප්‍රහාරයකට  සැලසුම් සදමින්  සිටි භූමිය මත, සතුරු පාලන මධ්‍යස්ථානයක් ද විනාශ කළහ. පවතින, එක්සත් ජනපද - ඉරාන  සටන් විරාමය ඉකුත් අප්‍රේල් මුල ආරම්භ විය.

නවතම එක්සත් ජනපද ප්‍රහාර මුළුමනින්ම, ආරක්ෂක පියවර සහ දැනට ක්‍රියාත්මක සටන් විරාමය තව දුරටත් ආරක්ෂා කිරීම පිණිස දියත් කළ බව, එරට රාජ්‍ය නිලධාරීන් උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.

 

us navy5

හෝර්මුස් සමුද්‍ර සන්ධිය පසු කර යාත්‍රා කිරීමට පිවිසි එක්සත් ජනපදයට අයත් ඉන්දන නෞකාවක් වෙත, ඉරාන විප්ලවීය නාවුක හමුදාව ප්‍රහාර එල්ල කළ බව, ඉරාන තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කළේය. එය ආපසු හරවා යැවීමට බල කරමින් එම ප්‍රහාර එල්ල කළ බව, එහි දැක්වේ. එම අවස්ථාවේ එක්සත් ජනපද හමුදා බන්ඩාස් අබ්බාස් ආසන්න විවෘත භූමි ඉලක්කයක් වෙත ප්‍රහාර එල්ල කළ බව ද  සඳහන් ය.

අද (28) උදෑසන එම සමුද්‍ර සන්ධිය තරණය කිරීමට උත්සාහ කළ තවත් නෞකා හතරක්, ඉරාන හමුදා විසින් එම ගමන් මග දෙසට එල්ල කළ අනතුරු ඇඟවීමේ ප්‍රහාර හමුවේ, ආපසු හරවා යැවීමට පියවර ගත්  බව, මේ සම්බන්ධයෙන් නිකුත් කළ නවතම ඉරාන මාධ්‍ය වාර්තා හි දැක්වේ.

එක්සත් ජනපද හමුදා ඉකුත් අඟහරුවාදා (26) ද, හෝර්මුස් සමුද්‍ර සන්ධිය අසල ප්‍රහාර එල්ල කළහ. එය සටන් විරාමය උල්ලංඝනය කරන්නක් බව, ඉරානය නිවේදනය කළේය.

එම එක්සත් ජනපද ප්‍රහාරවල ඉලක්කය  වූයේ, එරට දකුණු හොර්මෝස්ගැන් පළාත ය. එහි වූ මිසයිල මධ්‍යස්ථාන සහ අවට සමුද්‍ර කලාපයේ බෝම්බ අතුරමින් සිටි ඉරාන හමුදා යාත්‍රා ඉලක්ක කර, ආරක්‍ෂිත පියවරක් වශයෙන් එම ප්‍රහාර එල්ල කළ බව, එක්සත් ජනපද හමුදා පැවසූහ.

 

f76

ගැටුම් අවසන් කිරීම පිණිස ගිවිසුමකට එළැඹීමට  තවත් දින කිහිපයක්  ගත වනු ඇතැයි, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ කීය. එක්සත් ජනපදය සහ ඉරානය අතර යුද්ධය  අවසන් කර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම පිලිබඳ නවතම සාකච්ඡා හි මඳ ප්‍රගතියක් පසු ගිය දිනවල දැකිය හැකි විය. එහිදී එළැඹි   මූලික ගිවිසුම් ප්‍රකාරව, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ඇතුළු, වඩා සංකීර්ණ ගැටළු තව දුරටත් විමසීම පිණිස දින 60ක සහන කාලයක් හිමි වේ. ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක තහනම් ඉරාන වත්කම් මුදා ගැනීම සම්බන්ධයෙන් ද, මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

වාර්ෂික හජ් වන්දනා සමය වෙනුවෙන් සිය ටෙලිග්‍රෑම් ගිණුම ඔස්සේ සටහනක් තබමින්, මෙතැන් සිට සමස්ත ඉරාන සහ පීඩිත ලෝක වාසීන්ගේ ගේ එකම පැතුම, "එක්සත් ජනපදයට මරණය, ඊශ්‍රායලයට මරණය," බව ඉරානයේ උත්තරීතර නායක, අයතොල්ලා මොජ්තබා ඛමෙනි විසින් සඳහන් කර තිබේ.

ඊයේ 5% කින් පහත වැටුණු ඉන්දන මිල, නවතම ගැටුම් හේතුවෙන්  අද 2%කින් ඉහළ ගියේය. අද පෙරවරුවේ ආසියානු වෙළඳපොළ බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 90.38ක් ලෙස සටහන් විය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

US strikes Iran again, official says, after Trump denies deal on Strait of Hormuz

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...