BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

ඊශ්‍රායල - හිස්බොල්ලා නව සටන් විරාමයක්

T

The Leader Desk

June 2, 2026 • 10:33 AM

ඊශ්‍රායල - හිස්බොල්ලා නව සටන් විරාමයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙබනනය ඊයේ (1) හිස්බොල්ලා සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් නිවේදනය කළේය. එම සීමිත සටන් විරාමය අතර ගැටුම් හැකි තාක් අවම වෙතයි අපේක්ෂා කෙරේ.
  • කෙසේ වෙතත්, එමගින්, බීරුත් සහ හිස්බොල්ලා පාලනයට නතු තදාසන්න පෙදෙස් වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින  ලෙස ඊශ්‍රායල හමුදා වෙත දන්වා තිබේ.
  • ඉරාන සහාය හිමි හිස්බොල්ලා සංවිධානයද ඊශ්‍රායල වෙත ප්‍රහාර නවතනු ඇත.
  • ලෙබනනය හරහා උතුරු ඊශ්‍රායලය දෙසට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් ව්‍යර්ථ කළ බව, ඊශ්‍රායල හමුදා අද (2) අළුයම දැන්වීය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එහෙත්,  නවතම එකඟතා  හමුවේ එරට ගැටුම සමස්ත ලෙස අවසන් නොවනු ඇතැයි, වොෂින්ටන් නුවර පිහිටි ලෙබනන තානාපති කාර්යාලය පවසයි. කෙසේ වෙතත්, එමගින්, බීරුත් සහ හිස්බොල්ලා පාලනයට නතු තදාසන්න පෙදෙස් වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින  ලෙස ඊශ්‍රායල හමුදා වෙත දන්වා තිබේ. ඉරාන සහාය හිමි හිස්බොල්ලා සංවිධානයද ඊශ්‍රායල වෙත ප්‍රහාර නවතනු ඇත.

gru56

 

පසුගිය මාර්තු මස, ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනය ආක්‍රමණය කරමින් අඛණ්ඩ ප්‍රහාරයේ පසු විය. ඊයේ සන්ධ්‍යාව තෙක් එම  ප්‍රහාර ක්‍රියාත්මක විය. ලෙබනනය හරහා උතුරු ඊශ්‍රායලය දෙසට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් ව්‍යර්ථ කළ බව, ඊශ්‍රායල හමුදා අද (2) අළුයම දැන්වීය.

ඊශ්‍රායලය වෙත ප්‍රහාර නවතන බවට හිස්බොල්ලා සංවිධානය අතරමැදියන් මගින් ප්‍රතිඥා දී  ඇතැයි, නව සටන් විරාම එකඟතාව පිලිබඳ පළමු නිවේදනය නිකුත් කරමින්, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය. සෘජුව හෝ වක්‍ර ලෙස, මේතාක් කිසිදු එක්සත් ජනපද ජනපතිවරයකු  හිස්බොල්ලා සංවිධානය හා සාකච්ඡා පවත්වා නැත. එක්සත් ජනපදය විසින් එය  ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබේ.

මේ අතර, බීරුත් වෙත ප්‍රහාර එල්ල කිරීමට සැරසී සිටි ඊශ්‍රායල හමුදා යළි කැඳවන බවට එරට අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු හා ගිවිස  ගත් බවද ජනපති ට්‍රම්ප් කියා සිටියේය.

c3y5
ජනපති ට්‍රම්ප් ගේ නිවේදනයෙන් පසු විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය නෙතන්යාහු, දකුණු ලෙබනනයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාන්විත අඛණ්ඩව ක්‍රියාත්මක බව දන්වා සිටියේය. ඊශ්‍රායල පාබල හමුදා විසින් ලෙබනනයේ සහරානි ගංගාව දෙසට විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ. ඉකුත් වසර 25 තුළ එම හමුදා ලෙබනනයේ දියත් කළ දීර්ඝතම අභ්‍යන්තර පාබල ආක්‍රමණය එය වේ.

හිස්බොල්ලා සන්නද්ධ කණ්ඩායම සමස්ත ලෙබනනයම ආවරණය වන සේ, එම සටන් ව්විරාමය ක්‍රියාත්මක කිරීමට සහාය දක්වන බව, එහි පාර්ලිමේන්තු සභික හසන් ෆඩ්ලල්ලා පැවසීය. ඊශ්‍රායල හමුදා ඉවත් කරගැනීමට ප්‍රතිචාර වශයෙන් එසේ සහාය පල කෙරේ. හෙට (3) වොෂින්ටනයේ පැවැත්වීමට නියමිත මීළඟ සටන් විරාම සාකච්ඡා වටයේදී, නව සටන් විරාමය තව දුරටත් දීර්ඝ කිරීමට අපේක්ෂා කරන බව, ලෙබනනය පැවසීය. ඊශ්‍රායල සහ එක්සත් ජනපදය එක්ව, ඉරාන සටන් ඇරඹීමෙන් අනතුරුව ඉකුත් මාර්තු මස ඇවිලුණු ලෙබනන ගැටුම, තිරසර විසඳුමක් ඔස්සේ අවසන් කිරීම නව සාකච්ඡා හි අරමුණය. එහි පෙර ක්‍රියාවලිය මෙතෙක් අතරමග ඇණ හිට පැවතිණ.

යුද්ධය අවසන් කිරීමට නම්, ඊශ්‍රායල හමුදා ලෙබනනයේ සිදු කරන සියලු ප්‍රහාර අවසන් කළ යුතු බව, ඉරානය විසින් අවධාරණය කර තිබේ. එහෙත්, මෙය ප්‍රත්‍යක්ෂ ලෙස දෙතැන ගැටුමක් මිස එකක් නොවන බව, එක්සත් ජනපද මතයයි.

ඉරානය සහ එක්සත් ජනපදය අතර සටන් විරාමයක් යනු, නිසැක වශයෙන් ලෙබනනය ඇතුළු සියල්කු පෙරමුණු හි සටන් විරාමයක් බව, ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි විශේෂ සඳහනක් කරමින් පැවසීය.

 

te4ghf

ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාර අවසන් නොකිරීම හේතුවෙන්, ටෙහ්රානය අතරමැදි පාර්ශ්ව ඔස්සේ සිදු කරන සාම සාකච්ඡා අත්හිටුවන බව, ඊයේ එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේය. එහෙත්, ඉරානය ඒ පිලිබඳ තමන් දැනුවත් කර නැති ජනපති ට්‍රම්ප් කියා සිටියේය. ඉරානය සමග සාම කතා දැන් දැන් නීරස බවත්, ඒවා අවසන් වුවත්, නොවූවත් ඉන් ඵලක් නොවන බවත් ඔහු ඊයේ පැවසීය.

මේ අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ඉරාන තහනම් කලාපය  රතු මුදේ තවත් තීරණාත්මක ප්‍රවේශයක් වන බබෙල් මැන්ඩෙබ් සන්ධිය තෙක් ව්‍යාප්ත කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක ඛඩ්ස් බලකා ප්‍රධානී එස්මයෙල් ඛානී විසින් අනතුරු අඟවා තිබේ.  

(සටහන | Reuters ඇසුරෙන් ; හර්ෂ උදයකාන්ත පීරිස්)

harshaprs@yahoo.com

06/02/2026

මුලාශ්‍රය ;

Lebanon announces partial ceasefire between Israel, Hezbollah but attacks continue

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...