BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

ඉරාන යුද්ධය එක තැන පල් වේ

T

The Leader Desk

June 3, 2026 • 10:56 AM

ඉරාන යුද්ධය එක තැන පල් වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගල්ෆ් ගැටලුව ඊයේ (2) නව මුහුණුවරක් ගත්තේය. බහ්රේන්, කුවේට් සහ කලාපයේ තවත් ඉලක්ක කිහිපයක් වෙත, ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වූ බව, එක්සත් ජනපද හමුදා කියා සිටියහ.
  • ගල්ෆ් සාගර කලාපයේ යාත්‍රා කළ සිවිල් නෞකා සහ කුවේටයේ රඳවා සිටින සිය හමුදා  වෙත එල්ල කළ  ඉරාන ඩ්‍රෝන ප්‍රහාර ද ව්‍යර්ථ කළ බව, එක්සත් ජනපද මධ්‍යම විධානය දැන්වීය.
  • ඉරාන විප්ලවීය ආරක්ෂක බලකා භටයින් බහ්රේන් හි පිහිටි එක්සත් ජනපද පස්වන නාවුක බලඇණි මූලස්ථානය වෙත මෙන්ම, කලාපයේ අන් ස්ථානයක පිහිටි එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරක් සහ හෙලිකොප්ටර ඉලක්ක කර  පහර දුන් බව, ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේය.
  • දකුණු ඛෙෂ්ම් හි වූ ඉරාන සන්නිවේදන කුළුණක් ඉලක්ක කළ එක්සත් ජනපද ප්‍රහාරයන්ට ප්‍රති-ප්‍රහාර වශයෙන් එසේ සිදුකළ බව ද, ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන්  කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එම ඇතැම් ප්‍රහාර, ඉලක්ක මග හැරීමෙන් අසාර්ථක වූ අතර, ඉතිරිය සාර්ථකව ව්‍යර්ථ කෙරිණි. වොෂින්ටනය සහ ටෙහ්රානය අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්න තව දුරටත් ගිලිහෙමින් පවතී.

කුවේටය දෙසට එල්ල කළ ඉරාන මිසයිල දෙකක් ගුවනේදී දෙකඩව ඉලක්කය වැරදී මග ඇද වැටිණි. කලාපයේ තවත් ඉලක්ක කිහිපයක් වෙත එල්ල කරන ලද ඉරාන  බැලස්ටික් මිසයිල ද අසාර්ථක විය. මේ අතර, බහ්රේනයට එල්ල කළ ඉරාන මිසයිල තුනක් ගුවනේදී ව්‍යර්ථ කෙරිණි.

ඉකුත් පෙබරවාරි අග යුද්ධය  ඇරඹි තැන් සිට, කලාපයේ එක්සත් ජනපද ඉලක්ක වෙත ඉරානය දිගින් දිගටම ප්‍රහාර එල්ල කළේය. ඉන් බහුතරය එක්සත් ජනපද හමුදා කඳවුරු ය.

46yuuu6
ගල්ෆ් සාගර කලාපයේ යාත්‍රා කළ සිවිල් නෞකා සහ කුවේටයේ රඳවා සිටින සිය හමුදා  වෙත එල්ල කළ  ඉරාන ඩ්‍රෝන ප්‍රහාර ද ව්‍යර්ථ කළ බව, එක්සත් ජනපද මධ්‍යම විධානය දැන්වීය. එක්සත් ජනපද හමුදා, හෝර්මුස් සමුද්‍ර සන්ධිය අසල ඛෙෂ්ම් දිවයින වෙත එල්ල කරන ලද ප්‍රහාරයකින්, ඉරාන ප්‍රහාර ප්‍රයත්නයක් වැළකී ගියේය.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකා භටයින් බහ්රේන් හි පිහිටි එක්සත් ජනපද පස්වන නාවුක බලඇණි මූලස්ථානය වෙත මෙන්ම, කලාපයේ අන් ස්ථානයක පිහිටි එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරක් සහ හෙලිකොප්ටර ඉලක්ක කර  පහර දුන් බව, ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේය. දකුණු ඛෙෂ්ම් හි වූ ඉරාන සන්නිවේදන කුළුණක් ඉලක්ක කළ එක්සත් ජනපද ප්‍රහාරයන්ට ප්‍රති-ප්‍රහාර වශයෙන් එසේ සිදුකළ බව ද, ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන්  කළේය.

g55557

 

සියලු ඉරාන ප්‍රහාර ව්‍යර්ථ කළ බව කී, එක්සත් ජනපද මධ්‍යම විධානය, සිය හමුදා, සමස්ත  ඉරාන සන්නද්ධ ඉලක්ක වැනසීමේ  පූර්ව සූදානමේ පසුවන බව දන්වා සිටියේය. හෝර්මුස් සමුද්‍ර සන්ධිය තවමත් විශාල ලෙස ඉරාන සම්බාධක මධ්‍යයේ පවතී.

යුද්ධය නැවතීම පිණිස,  තාවකාලික මූලික එකඟතාවකට පිවිසි බව, ඉරානය සහ එක්සත් ජනපදය පසුගිය සතියේ කියා සිටියහ. එහෙත්, මේතාක් දෙපාර්ශ්වය විසින්, කිසිදු එකඟතා ගිවිසුමක් අත්සන් තබා නැත. ටෙහ්රානය දින ගණනක් වොෂින්ටනය හා කිසිදු සාකච්ඡාවක් පවත්වා නැතැයි, ඉරාන මාධ්‍ය වාර්තා කළේය. එහෙත්, එම සාකච්ඡා නතරකර නැතැයි, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් කීය.

"අප අතර සාකච්ඡා අඛණ්ඩව සිදු වනවා, උදාහරණ වශයෙන් මීට සිව් දිනකට, තෙදිනකට, දෙදිනකට වගේම දිනකට පෙරත් අප කතා කළා. මේ අදත් ඒකම  සිද්ධ වෙනවා," ඔහු සමාජ මාධ්‍ය සඳහනක පැවසීය.

 

v56u567
සටන් නවතා සාකච්ඡා ආරම්භ කිරීම පිණිස ඉරානය හා එකඟතාවකට ආසන්න බව, ට්‍රම්ප් පවසන්නේ මාර්තු මැද  සිටය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන එම සාකච්ඡා හි ප්‍රමුඛ මාතෘකාවකි.

 ඉරානය  න්‍යෂ්ටික අවියක් සතු කර ගැනීම වැළකීම සිය ප්‍රධාන අභිමතාර්ථය බව ට්‍රම්ප් කියා සිටී. න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කරන බවට සියළු   'කට කතා', ඉරානය තරයේ ප්‍රතික්ෂේප කරන අතර  සිය න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී අරමුණු පිණිස පමණක් බව,  කියා  සිටී.

සාම කතා බහට අවතීර්ණ වීමට නම්,  ඉරානය, ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක ඉන්දන ආදායම් ඉපයීමේ සිය අයිතීන් ඉල්ලා සිටින අතර, බොර තෙල් අපනයන මත පනවා ඇති බදු  මෙන්ම,  සිය වරාය වෙත පනවා ඇති එක්සත් ජනපද තහනම ඉවත් කළ යුතු බව  ද, යුද්ධයට පෙර ගෝලීය ඉන්දන සහ ස්වභාවික ගෑස්  ප්‍රවාහනයේ පහෙන් එකක්  සිදු කළ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පූර්ණ පාලනය තමන් සන්තකයේ පැවතිය යුතුබව ද, අවධාරණය කරයි.

මේ අතර, හෝර්මුස් ආසන්නයේ වූ ඉරාන නෞකාවකට එල්ල වූ එක්සත් ජනපද හමුදා ප්‍රහාරයකට ප්‍රති-ප්‍රහාර ලෙස, ඉරාන විප්ලවීය හමුදා,  'පනායා' නම් නෞකාවක් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව, ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
 6/03/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :
Hostilities flare in Iran war, oil jumps with talks at a stalemate

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...