BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වේ

T

The Leader Desk

June 4, 2026 • 9:34 AM

ඊශ්‍රායලය  සටන් විරාමයකට එකඟ වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගැටුම් අවසන් කිරීම පිණිස, ඊශ්‍රායලය සහ ලෙබනනය සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එකඟ වූ බව, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (3) නිවේදනය කළේය.
  • එක්සත් ජනපදය හා සාම යෝජනාවලියකට එකඟ වීමට පෙර, ලෙබනනය වෙත සිදු කෙරෙන සියලු ඊශ්‍රායල ප්‍රහාර නවතාලිය යුතු බවට ඉරානය පුන පුනා කියා සිටියේය.
  • එම ප්‍රහාරයෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව, 63 දෙනෙක් තුවාළ ලදහ.
  • මේ අතර, කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පහර නොදුන් බව, ඉරාන විප්ලවීය හමුදා කියා සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

එය එක්සත් ජනපද - ඉරාන යුද්ධය අවසන් කිරීම පිණිස නොමඳ සහායක්  වනු ඇතැයි උදක් අපේක්ෂා කෙරේ.

wv45y4එක්සත් ජනපදය හා සාම යෝජනාවලියකට එකඟ වීමට පෙර, ලෙබනනය වෙත සිදු කෙරෙන සියලු ඊශ්‍රායල ප්‍රහාර නවතාලිය යුතු බවට ඉරානය පුන පුනා කියා සිටියේය. හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ඉරාන නෞකාවක් වෙත එක්සත් ජනපද හමුදා එල්ල කළ ප්‍රහාරයකට ප්‍රති-ප්‍රහාර වශයෙන්,  ඊයේ ඉරානය විසින් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත, එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින්, එහි ජාත්‍යන්තර මගී මෙහෙයුම් සිදු කෙරෙන  'ටී 1' පර්යන්තයට  ඉමහත් හානි සිදු විය. එම ප්‍රහාරයෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව, 63 දෙනෙක් තුවාළ ලදහ. තුවාළ ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් ද වෙති.

මේ අතර, කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පහර නොදුන් බව, ඉරාන විප්ලවීය හමුදා කියා සිටියහ. එක්සත් ජනපදය විසින් එල්ල කළ මිසයිල නාශක ප්‍රති-මිසයිලවල ඉලක්ක වැරදී එම ව්‍යසනය සිදු වූ බව, ඉරාන රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේය.  

ඊශ්‍රායල - ලෙබනන සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට, ඉරාන සහාය හිමි හිස්බොල්ලා සන්නද්ධ කණ්ඩායම සියලු ප්‍රහාර වහා  අවසන් කළ යුතු අතර, දකුණු ලිටානි කලාපයේ සියලු සන්නද්ධ මෙහෙයුම් ද ඉවත් කර ගත යුතු බව, වොෂින්ටනයේ පැවති  එම සාකච්ඡා වලින් අනතුරුව, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

 

b5u656u6
මේ අතර, දුරකථන ඇමතුමකින්  ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු 'පිස්සකු' ලෙස හැඳින්වීමේ කරුණ සත්‍යයක් බව, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්  කියා සිටියේය.

නායක දෙපළ අතර සිදු කෙරුණු දුරකථන සංවාදයක් අතර අග්‍රමාත්‍ය නෙතන්යාහු "හද්දා පිස්සෙක්" යයි හැඳින්වීදැයි,  ඊයේ,  විකාශය  කෙරෙනු සම්මුඛ සාකච්ඡාවක දී, එක්සත් ජනපද ජනපතිවරයාගෙන් කරන ලද විමසීමකට පිළිතුරු ලෙස,  ඔහු ඒ බව සනාථ කළේය.  

"ඔව්, මම කිව්වා... මං කිව්වෙ  කේන්තියෙන්  නෙවෙයි. හැබැයි, ඔය ලෙබනනයත් එක්ක නිතරම ඇණ කොටාගන්න එක ගැන නම්,  මගේ හිතේ පොඩි අපුලක් තියෙනව, අම්මප..!" ට්‍රම්ප් කීය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍ර :

Israel, Lebanon agree to implement ceasefire, boosting hopes for Iran deal

Trump confirms he called Netanyahu crazy in phone call

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...