BREAKING
උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●
Top Ad
විදේශ

ඉදිරි පස රෝදය බිඳී බොයිඞ් මගී ගුවන් යානයක් බිමට

T

The Leader Desk

June 5, 2026 • 12:03 PM

ඉදිරි පස රෝදය බිඳී බොයිඞ් මගී ගුවන් යානයක් බිමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෆ්‍රෑන්ක්ෆර්ට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මගී පර්යන්ත දොරටුවක නවතා තිබියදී, ඊයේ (4), බෝයිඞ් 787 ගුවන් යානයක ඉදිරිපස රෝදය බිඳී, යානය බිම ඇද වැටීම සම්බන්ධයෙන්, ගුවන් අනතුරු විමර්ශනය පිලිබඳ ජර්මානු ෆෙඩරල් කාර්යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කෙරේ.
  • සිදු වූ අනතුරින් සුළු තුවාල ලද එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ගුවන්තොටුපොළ සේවකයින් කිහිපදෙනකු  රෝහල් ගත කිරීමට කටයුතු කළ බව, එම යානය අයත් ලුෆ්තැන්සා ගුවන් සේවය පැවසීය.
  • එසේ රෝහල් ගත කළ එම ගුවන් සේවයේ සේවකයින් දෙදෙනකු, ප්‍රතිකාර අවසන් කර, ඊයේම රෝහලින් පිටව ගොස් ඇතැයි  ද සඳහන් ය.
  • අනතුර සිදු වන අවස්ථාවේ ගුවන් යානයට මගීන් ඇතුළු කිරීම ආරම්භ කර නොතිබි බව ද, එම ගුවන් සේවය වැඩි දුරටත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
එහි අතුරු වාර්තාව ඉදිරි  සති අටකින් පමණද, අවසන් වාර්තාව වසරක් ඇවෑමෙන් ද නිකුත් කිරීමට  අපේක්ෂිත ය. සිදු වූ අනතුරින් සුළු තුවාල ලද එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ගුවන්තොටුපොළ සේවකයින් කිහිපදෙනකු  රෝහල් ගත කිරීමට කටයුතු කළ බව, එම යානය අයත් ලුෆ්තැන්සා ගුවන් සේවය පැවසීය. එසේ රෝහල් ගත කළ එම ගුවන් සේවයේ සේවකයින් දෙදෙනකු, ප්‍රතිකාර අවසන් කර, ඊයේම රෝහලින් පිටව ගොස් ඇතැයි  ද සඳහන් ය. විමර්ශන කටයුතුවලින් අනතුරුව, යානය අලුත්වැඩියා කෙරේ. අනතුර සිදු වන අවස්ථාවේ ගුවන් යානයට මගීන් ඇතුළු කිරීම ආරම්භ කර නොතිබි බව ද, එම ගුවන් සේවය වැඩි දුරටත් සඳහන් කළේය.
 
ඊයේ, එරට වේලාවෙන් ප.ව. 12.45 ට පමණ එම අනතුර සිදු විය. ඒ අවස්ථාවේ, එම මගී ගුවන් යානය, ලොස්  ඇන්ජලීස් බලා පියාසර කිරීමට සූදානම් කෙරෙමින් පැවතිණ.

එය, එම ගුවන් සේවයට මෑතකදී එක් වූ ගුවන් යානයකි.  මේ වන විට, එම ගුවන් සේවයෙන් මඳ කාර්යක්ෂම යානා ඉවත් කර, ඊට අයත් ගුවන් යානා සමූහය  වඩා සරල කිරීමේ වැඩසටහනක් ද දියත් කර ඇත.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...