BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
විදේශ

හිස්බොල්ලා සන්නද්ධ කල්ලිය සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි

T

The Leader Desk

June 5, 2026 • 12:31 PM

හිස්බොල්ලා සන්නද්ධ කල්ලිය සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන සහාය හිමි හිස්බොල්ලා සන්නද්ධ කල්ලිය විසින් ලෙබනනයේ නව සටන් විරාමය ප්‍රතික්ෂේප කර තිබේ.
  • වොෂින්ටනය හා සාම ගිවිසුමකට එළැඹීමට පෙර ලෙබනනයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කොන්දේසියක් බව, ඉරානය විසින් අවධාරණය කර තිබේ.
  • සටන් නතර කිරීම  පිණිස එක්සත් ජනපද තැරව්කාරත්වයෙන් ඊශ්‍රායලය  හා ලෙබනනය අතර ගිවිසගත් සටන් විරාමය ප්‍රතික්ෂේප කරන බව, හිස්බොල්ලා නායක නයිම් ඛසෙම් දැන්වීය.
  • එම සන්නද්ධ කල්ලියේ තීරණය පිලිබඳ ඊශ්‍රායලය හෝ ලෙබනනය විසින් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊයේ (4), ඔවුන් එම ප්‍රකාශය නිකුත් කිරීමත් සමග එරටින් හමුදා ඉවත් කර නොගන්නා බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කීය. නවතම අර්බුදය හමුවේ ලෙබනන ගැටුම අවසන් කිරීම පිලිබඳ සහ ඉරාන සාම යෝජනාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිණිස එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රයත්න තව දුරටත් අඩාල වෙමින්  පවතී.

වොෂින්ටනය හා සාම ගිවිසුමකට එළැඹීමට පෙර ලෙබනනයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම අනිවාර්ය කොන්දේසියක් බව, ඉරානය විසින් අවධාරණය කර තිබේ.

සටන් නතර කිරීම  පිණිස එක්සත් ජනපද තැරව්කාරත්වයෙන් ඊශ්‍රායලය  හා ලෙබනනය අතර ගිවිසගත් සටන් විරාමය ප්‍රතික්ෂේප කරන බව, හිස්බොල්ලා නායක නයිම් ඛසෙම් දැන්වීය. හිස්බොල්ලා සංවිධානය එම සාකච්ඡා සඳහා සහභාගි නොවීය. එම සන්නද්ධ කල්ලියේ තීරණය පිලිබඳ ඊශ්‍රායලය හෝ ලෙබනනය විසින් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.

c54y4y

 

කෙසේ වෙතත්, ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනය වෙත අඛණ්ඩ ප්‍රහාර එල්ල කරමින් සිටිති. සිය හමුදා ලෙබනනයෙන් ඉවත් නොවන බවත්, එරට සන්නද්ධ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බවත්, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය, ඉශ්‍රයෙල් කැට්ස් පැවසීය. ඉරාන යුද්ධයට සමගාමීව ඉකුත් මාර්තු මස ඊශ්‍රායල හමුදා ලෙබනනය ආක්‍රමණය කළහ.

ඊශ්‍රායලය අවම වශයෙන් ලෙබනනයේ සිය හමුදා යුද්ධයට පෙර රඳවා සිටි ස්ථාන කරා හෝ යොමු කළ යුතු බව ඉරාන විප්ලවීය ඛඩ්ස් බලකා අණ දෙන නිලධාරී විසින් දන්වා තිබේ. 1982 වසරේ හිස්බොල්ලා සංවිධානය ස්ථාපිත කිරීමට ඉරාන ඛඩ්ස් බලකාය වෙසෙස් දායකත්වයක් දැක්වීය.

එක්සත් ජනපද මැදිහත්වීමෙන් ක්‍රියාත්මක  සටන් විරාම මධ්‍යයේ, මෙම සතියේ ලෙබනනය පමණක් නොව, ගාසා තීරය, උතුරු ඊශ්‍රායලය සහ කුවේට් රාජ්‍යය වෙත ද ප්‍රහාර එල්ල විය. "පූර්ණ ගැටුම් අවසන් කිරීමෙන් තොරව වඩා "සමබර ප්‍රවේශයකින්" ඒවා ක්‍රියාත්මක බව ජනපති ට්‍රම්ප්, බදාදා (6), මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

e56u

 

මේ අතර ඕමානයේ, මීනා අල් ෆහාල් ඉන්දන පර්යන්තයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පිපිරීමක් සිදුවීමත් සමග එහි ඉන්දන නැව්ගත කිරීම් අඩාල විය.

ඉරාන තෙල් අපනයන සය වසක් තුළ එහි අවම අගය වාර්තා කළේය. ලෙබනන සටන් විරාමය මත එක්සත් ජනපද - ඉරාන ගැටුම අවසන් කිරීමට රාජ්‍යතාන්ත්‍රික පියවරකට එළැඹීම   පිලිබඳ සුභවාදී අපේක්ෂවෙන් ගෝලීය ඉන්දන මිල ඊයේ, 3%කින් පහළ ගියේය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍ර :

Hezbollah rejection clouds Lebanon ceasefire and prospects for ending Iran war

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හිස්බොල්ලා සන්නද්ධ කල්ලිය සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි | The Leader