BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
විදේශ

ෆිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් - පැසිෆික් කලාපයම සුනාමි බියක

T

The Leader Desk

June 8, 2026 • 5:53 AM

ෆිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් - පැසිෆික් කලාපයම සුනාමි බියක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (ජූනි 08) උදෑසන දකුණු ෆිලිපීනයේ මින්දනාවෝ දූපත් කලාපය කේන්ද්‍ර කරගනිමින් රිච්ටර් මාපක 7.8ක අතිශය ප්‍රබල භූ කම්පනයක් සිදුවීමත් සමඟ සමස්ත පැසිෆික් කලාපීය වෙරළ තීරය පුරා දැවැන්ත සුනාමි අවදානමක් සහ භීතියක් නිර්මාණය වී තිබේ.
  •   "බලා නොසිට වහාම උස් බිම් වෙත යන්න" භූ කම්පනය සිදු වූ වහාම ක්‍රියාත්මක වූ ෆිලිපීන සහ ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ ආයතන වෙරළබඩ කලාපයන් සඳහා මීටරයකට වඩා උස් සුනාමි රළ පැමිණීමේ අවදානමක් ප්‍රකාශයට පත් කරන ලදී.
  • ජනතාව අමතමින් විශේෂ ප්‍රකාශයක් කළ ෆිලිපීන ජනාධිපති කනිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් (Bongbong Marcos) අවධාරණය කළේ, "කිසිවක් දෙස බලා නොසිට වහාම උස් බිම් වෙත ඉවත් වන්න.
  • ප්‍රධාන කම්පනයෙන් පසුව ද ප්‍රබල පශ්චාත් කම්පන (Aftershocks) රැසක් අඛණ්ඩව සිදුවීම හේතුවෙන්, බියට පත් දහස් සංඛ්‍යාත ජනතාව සිය නිවාස සහ ගොඩනැඟිලි අත්හැර විවෘත ආරක්ෂිත ස්ථාන වෙත රැස්වෙමින් සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):


භූ අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් වැනි ඉතා නොගැඹුරු මට්ටමක (Shallow depth) මෙම කම්පනය හටගෙන තිබීම හේතුවෙන්, එහි කම්පන තරංග අසල්වැසි ඉන්දුනීසියාව සහ ජපානය දක්වා ද ප්‍රබලව දැනී ඇත.  

"බලා නොසිට වහාම උස් බිම් වෙත යන්න"

c5y45
භූ කම්පනය සිදු වූ වහාම ක්‍රියාත්මක වූ ෆිලිපීන සහ ඉන්දුනීසියානු ආපදා කළමනාකරණ ආයතන වෙරළබඩ කලාපයන් සඳහා මීටරයකට වඩා උස් සුනාමි රළ පැමිණීමේ අවදානමක් ප්‍රකාශයට පත් කරන ලදී.

ජනතාව අමතමින් විශේෂ ප්‍රකාශයක් කළ ෆිලිපීන ජනාධිපති කනිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් (Bongbong Marcos) අවධාරණය කළේ, "කිසිවක් දෙස බලා නොසිට වහාම උස් බිම් වෙත ඉවත් වන්න. ඔබ හැරදමා යන දේට වඩා ඔබේ ජීවිතය වටිනවා" යනුවෙනි.

ප්‍රධාන කම්පනයෙන් පසුව ද ප්‍රබල පශ්චාත් කම්පන (Aftershocks) රැසක් අඛණ්ඩව සිදුවීම හේතුවෙන්, බියට පත් දහස් සංඛ්‍යාත ජනතාව සිය නිවාස සහ ගොඩනැඟිලි අත්හැර විවෘත ආරක්ෂිත ස්ථාන වෙත රැස්වෙමින් සිටිති.  

කඩා වැටුණු සන්නිවේදනය සහ මානුෂීය පිරිවැය

q5y45y54y65y5w65w6wu56u56

භූ කම්පනයේ අපිකේන්ද්‍රයට ආසන්නතම ප්‍රදේශය වන සරන්ගානි (Sarasgani) පළාතේ විදුලි බලය, ජලය සහ අන්තර්ජාල සන්නිවේදන සබඳතා සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. ආරක්ෂක පියවරක් ලෙස කලාපයේ සියලුම පාසල් සහ අධ්‍යාපන ආයතන වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත. ප්‍රදේශයේ විපත් ප්‍රධානී රෙනේ පුන්සාලන් ප්‍රකාශ කර ඇත්තේ, උස් ගොඩනැඟිලි සම්පූර්ණයෙන්ම කඩා වැටීමක් පිළිබඳව මෙතෙක් වාර්තා නොවුණ ද, ප්‍රාදේශීය රාජ්‍ය ගොඩනැඟිලි සහ නිවාස රැසක බිත්ති සහ ව්‍යුහයන් පුපුරා දැඩි හානි සිදුව ඇති බවයි.  

භූගෝලීය වශයෙන් ‘පැසිෆික් ගිනි වළල්ල’ (Pacific Ring of Fire) මත පිහිටීම හේතුවෙන් මෙවැනි ස්වාභාවික ව්‍යසනයන්ට නිතර මුහුණ දෙන මෙම කලාපයේ, පද්ධතීන් බිඳවැටෙද්දී මිනිස් ජීවිත සුරැකීම වෙනුවෙන් සහන සේවා කණ්ඩායම් සහ සාමාන්‍ය ජනතාව දක්වන සාමූහික සහයෝගීතාවය දෙස ලෝකයම බලාපොරොත්තු සහගතව බලා සිටියි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
 6/08/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :
Earthquake of magnitude 7.8 strikes off southern Philippines

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ෆිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් - පැසිෆික් කලාපයම සුනාමි බියක | The Leader