BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
විදේශ

ඉරානය සහ ඊශ්‍රායලය යළි ගැටේ

T

The Leader Desk

June 8, 2026 • 8:10 AM

ඉරානය සහ ඊශ්‍රායලය යළි ගැටේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන විප්ලවීය හමුදා, ඊශ්‍රායලය වෙත නවතම මිසයිල ප්‍රහාරයක් දියත් කළහ.
  • දකුණු ලෙබනනයේ සිදු කළ ඊශ්‍රායල ප්‍රහාර වෙත ප්‍රති-ප්‍රහාර ලෙස, එම ප්‍රහාර සිදු කළ බව, ඉරානය  කියයි.
  • යළි, 'ප්‍රති ප්‍රහාර' එල්ල නොකරන ලෙස ද, ඔවුහු ඊශ්‍රායලය වෙත අනතුරු ඇඟවූහ.
  • එම මිසයිල ප්‍රහාර සිය ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ව්‍යර්ථ කෙරුණු බව, ඊශ්‍රායලය කීය.
අකුරු ප්‍රමාණය (Font Size):

සැල්වෝ මිසයිල යොදා ගනිමින් ඊශ්‍රායල ඉලක්ක වෙත එම ප්‍රහාර සිදු කර තිබේ. දකුණු ලෙබනනයේ සිදු කළ ඊශ්‍රායල ප්‍රහාර වෙත ප්‍රති-ප්‍රහාර ලෙස, එම ප්‍රහාර සිදු කළ බව, ඉරානය  කියයි.

යළි, 'ප්‍රති ප්‍රහාර' එල්ල නොකරන ලෙස ද, ඔවුහු ඊශ්‍රායලය වෙත අනතුරු ඇඟවූහ. ඉරාන ප්‍රහාර එල්ල කෙරුණේ ඊශ්‍රායලයේ නසරත් ආසන්නයේ පිහිටි රාමාත් ඩේවිඩ් ගුවන් කඳවුර වෙතය. එම මිසයිල ප්‍රහාර සිය ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ව්‍යර්ථ කෙරුණු බව, ඊශ්‍රායලය කීය.

a 232938

 

ඊයේ (7), ජනපති ට්‍රම්ප්, නිව් ජර්සි හි පිහිටි සිය බෙඩ්මින්ස්ටර් ගොල්ෆ් නිකේතනයේ සුවෙන් පසු විය. ඔහු, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු සමග පැය භාගයක් පමණ දුරකතනයෙන් කතා කළේය.

ඉරානය හා ගිවිසුම් ගතවීමට ඉතා ආසන්න බැවින්, තව දුරටත්  පහර නොදෙන්නැයි, ජනපති ට්‍රම්ප්  එහිදී, අග්‍රාමාත්‍ය, නෙතන්යාහු දැනුම්වත් කළේය.

සියල්ල පසෙක තබා අද (8) අළුයම, ඊශ්‍රායල හමුදා බටහිර සහ මධ්‍යම ඉරානයේ සන්නද්ධ ඉලක්ක වෙත යළි  ප්‍රහාර එල්ල කළහ.

 

awe23

දෙපස ප්‍රහාර එක්සත් ජනපද - ඉරාන ගිවිසුමකට බාධාවක් නොවේ යැයි,  ජනපති ට්‍රම්ප් කීය. "අපි එයාට එපා, එපා කියනවා.. ඒත්, එයා ගහනවා," නෙතන්යාහු ගේ මුරණ්ඩුකම ගැන ට්‍රම්ප් එසේ පැවසීය.  

නව ප්‍රහාර හමුවේ අද, ගෝලීය ඉන්දන මිල 2%කින් සහ ඔබ්බෙහි ඉහළ ගියේය. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක ඉදිරිය, ඇමෙරිකානු ඩොලර් 95 සීමාව ඉක්මවා ඇති අතර එය තව දුරටත් ඉහළ යනු  ඇතැයි, අපේක්ෂා කෙරේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
 6/08/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍ර :
Israel hits Iran with new strikes despite Trump admonition

Israeli military says it struck targets in western and central Iran

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...