BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
විදේශ

කළු වලසෙක් සොයා ජපාන නගරයක සියලු පාසල් වැසේ

T

The Leader Desk

June 9, 2026 • 7:37 AM

කළු වලසෙක් සොයා ජපාන නගරයක සියලු පාසල් වැසේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපානයේ උට්සුනොමියා නගරයේ දොළොස් වතාවකටත් වැඩි වාර ගණනක් දිසි කළු වලසකු සොයා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.
  • 100ක පමණ බරින් යුත් බවට සැක කෙරෙන මෙම වලසා අවසන් වරට දර්ශනයව ඇත්තේ, එහි විශ්වවිද්‍යාලයට කි.මී.700ක්  පමණ දුරින් අද අළුයම ය.
  • වලසා, එහි මුල් වරට හමුව ඇත්තේ, පසු ගිය සෙනසුරාදා (6) සන්ධ්‍යාවේදීය.
  • තෝකියෝ අගනුවරට කි.මී.100ක් පමණ උතුරින් උට්සුනොමියා නගරය පිහිටා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අද (9), දෙවන දිනටත් එය ක්‍රියාත්මකය. උද්ගත අන්තරායය හේතුවෙන් ඊයේ සහ අද ද, එහි  ප්‍රාථමික සහ කණිෂ්ට පාසල් සියල්ල අඛණ්ඩව  වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ.

කි.ග්‍රෑ. 100ක පමණ බරින් යුත් බවට සැක කෙරෙන මෙම වලසා අවසන් වරට දර්ශනයව ඇත්තේ, එහි විශ්වවිද්‍යාලයට කි.මී.700ක්  පමණ දුරින් අද අළුයම ය. වලසා, එහි මුල් වරට හමුව ඇත්තේ, පසු ගිය සෙනසුරාදා (6) සන්ධ්‍යාවේදීය. තෝකියෝ අගනුවරට කි.මී.100ක් පමණ උතුරින් උට්සුනොමියා නගරය පිහිටා තිබේ.

bearsfds

ජපානයේ නාගරික  කලාප ඇතුළු ප්‍රදේශ රැසක වලස් ප්‍රහාර වර්ධනය ව පවතී. එම සත්ත්ව ප්‍රහාර මැඩලීම පිණිස රජය විසින් විශේෂ කාර්ය සාධක බලකායක් ද ස්ථාපිත කර ඇත. ඉකුත් වසරේ පමණක් එරට පුද්ගලයින් 238 දෙනෙක් වලස් ප්‍රහාරවලට ගොදුරු වූහ.  පුද්ගල මරණ 13ක් ද ඊට ඇතුළත් බව ජපාන පරිසර අමාත්‍යංශය පවසයි.

ආසියානු කළු වලසා ගෝලීයව ද  තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයකි. එහෙත්, 2012 වසරේ සිට ජපානයේ එම වලස් ගහනය තෙගුණයකින් වර්ධනය ව ඇතැයි වාර්තා වේ. වලස් දඩයම සීමා කිරීම ඊට හේතුව ය.

bv5y5e4455454454567
නගර සභා සහ පළාත් පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයින්, ගිනි නිවීමේ  දෙපාර්තමේන්තු කණ්ඩායම් සහ දඩයම්කරුවන්ගේ  සංගමයේ සාමාජිකයින් එක්ව වලසා  සොයා නගරයේ සහ අවට කලාපයේ  අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක ය. වලසා සොයා ගැනෙන ස්ථානය අනුව, එම සත්වයා නිර්වින්දනය කෙරෙන්නේද, වෙඩි තබා මරා දමන්නේද, හෝ වනාන්තරයකට මුදා හැරීම පිණිස උගුල් ගත කෙරෙන්නේද යන්න තීරණය කෙරේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

Bear hunt continues as Japanese city shuts schools for second day

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කළු වලසෙක් සොයා ජපාන නගරයක සියලු පාසල් වැසේ | The Leader